settings icon
share icon
ප්‍රශ්නය

අග්‍ර (ශ්‍රේෂ්ඨ) දේවදූතයන් මිකායෙල් අග්‍රදේවදූතයා?

පිළිතුර


“අග්‍ර දේවදූතයා” යන වචනය බයිබලයේ පද දෙකක පමණක් දැකිය හැකිය. 1 තෙසලෝනික 4:16 ප්‍රකාශ කරනවා “මක්නිසාද ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක, ක්‍රිස්තුස් වහන්සේ තුළ මලාවූ අය පළමුකොට නැගිටින්නෝය.” යූද් 9 වන පදයේ පවසනවා “නමුත් අග්‍ර දේවදූතයාවූ මිකායෙල් යක්‍ෂයා සමග පොරබදින අතර මෝසෙස්ගේ මිනිය ගැන විවාද කරද්දී නින්දිතවූ විනිශ්චයක් ඔහුට විරුද්ධව කරන්ට බයවී ස්වාමින් වහන්සේ නුඹට තරවටු කරන සේක්වයි කීවේය!” “අග්‍ර දේවදූතයා” යන වචනය ග්‍රීක් පදයකින් පැමිණේ එහි තේරුම “ප්‍රධාන දේවදූතයා” එහි අර්ථය නම් අනෙක් දේවදූතයන්ගේ නායකයා ලෙසට වේ.

යූද් 9 වන පදයේ විශේෂිත පදයක් භාවිතා කරයි “අග්‍ර දේවදූතයාවූ මිකායෙල්” එහි අර්ථවත් වන දෙය නම් මිකායෙල් නම් සිටි එකම අග්‍ර දේවදූතයා බව. ඒ කෙසේ වෙතත්, දානියෙල් 10:13 හී පවසනවා මිකායෙල් නම් “ප්‍රධාන අධිපතින්ගෙන් එක්කෙනෙක්” එහි අර්ථවත් වන්නේ එක අග්‍ර දේවදූතයෙකුට වඩා සිටින බවයි, මක්නිසාද අනෙක් ප්‍රධාන අධිපතින් තබන ස්ථානයේම මිකායෙල්ව තබා තිබීමයි. එමනිසා, බොහෝ අග්‍ර දේවදූතයන් සිටින අතර බයිබලයේ පවසා තිබෙන දෙය අනෙක් දේවදූතයන්ද අග්‍ර දේවදූතයන් ලෙසට ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටීම වැදගත්. දානි‍ෙයල් 10:21 හී මිකායෙල් අග්‍ර දේවදූතයා “අධිපතියාවූ මිකායෙල්” ලෙසට හඳුන්වයි. එසේම දානියෙල් 12:1 මිකායෙල්ව “උතුම් අධිපතියාවූ” බොහෝ අග්‍ර දේවදූතයන් සිටියාවූවත් ඉන් අදහස් වන්නේ මිකායෙල් ඒ අය අතරෙන් ප්‍රධානියා වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අග්‍ර (ශ්‍රේෂ්ඨ) දේවදූතයන් මිකායෙල් අග්‍රදේවදූතයා?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries