settings icon
share icon
ප්‍රශ්නය

නූතන සභාව තුළ දෙවියන් වහන්සේ අපෝස්තුළුවරුන් ගේ හා අනාගතවකතෘවරුන්ගේ නිලයන් ප්‍රතිසංස්කරණය කරමින් සිටින සේක්ද?

පිළිතුර


අපෝස්තුළුවරුන්ගේ හා අනාගතවකතෘවරුන් / ප්‍රොපේතවරුන්ගේ නිලයන් ප්‍රතිසංස්කරණය කිරීමට පාදකවී ඇත්තේ එපීසි 4:11-12 උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් සුභාරංචිය ප්‍රකාශ කරන්නන්ද සමහරුන් සභා පාලකයන්ද සමහරුන් ගුරුවරයන්ද කොට දුන් සේක. එසේ දුන්නේ ඇදහීමේදී දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැන ගැනීමේද එකමුතු කමටත් සම්පූර්ණ පුරුෂකමටත්, ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණවූ උස මහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක් යන අපෝස්තුළුවරුන් සහ අනාගතවක්තෘවරුන් / ප්‍රොපේතවරුන් සහාවේ කොටසක්ය යන ප්‍රකාශය කරණකොටගෙනය.

සභාවේ පළවෙනි ශතවර්ෂයේදී, අපෝස්තුළුවරුන්ගේ නිලය වූ අතර එමෙන්ම අපෝස්තලික දීමනාව යනුවෙන් ආත්මික දීමනාවක්ද විය. අපෝස්තුළුවරුන්ගේ නිලය හෝ තනතුර හොබවනු ලැබුවේ යේසුස් වහන්සේගේ ගෝලයන් 12 දෙනා හා යූදස් ස්ථානය ගත් මත්තියස් හා පාවුල් විසින්ය. අපෝස්තුළුවරුන් නිරූපිත වශයෙන් ක්‍රිස්තුස් වහන්සේ විසින් තෝරා ගන්නා ලදී (මාර්ක් 3:16-19). යූදස් වෙනුවට තෝරා ගැනීම ක්‍රියා1:20-26 දක්වා දැකිය හැකිය. මෙම කොටසෙහි යූදස් ගේ තනතුර "නිලයක්" බවට ප්‍රකාශ කර ඇති බව සටහන් කරගන්න. එමෙන්ම පාවුල්තුමා තෝරා ගනු ලැබුවේ ක්‍රිස්තුස් වහන්සේ බවත් සටහන් කරගන්න (1 කොරින්ති 15:8-9, ගලාති 1:1, 2:6-9). මෙම මනුෂ්‍යයන්ට විශ්වීය සභාවේ අත්තිවාරම ලෑමේ දුෂ්කර කාර්යය පවරන ලදි (එපීස 2:20). විශ්වීය සභාවේ අත්තිවාරම පළවෙනි සිය වසෙහිදී දමන ලදී. මෙබැවින් අපෝස්තුළු / ප්‍රේරිත නිලය තව දුරටත් ක්‍රියාත්මක නොවේ. අත්තිවාරම දමනු ලැබුවායින් පසුව තව දුරටත් අත්තිවාරම් දමන්නන් අවශ්‍ය නොවේ.

අපෝස්තලික මෙහෙවර යනු ආත්මික දීමනාවක්ද විය (මෙය නිලය සමඟ වියවුල් නොකරගත යුතුය මන්ද ඒවා වෙන් වූ ඒවා වේ). එලෙස දීමනා ලත් අය නම් යාකොබ් (1 කොරින්ති 15:7, ගලාති 1:19). බර්ණබස් (ක්‍රියා14:4,14, 1 කොරින්ති 9:6), අන්ද්‍රෝනිකස් සහ ජූනියස් (රෝම16:7), බාග වෙලාවට සීලස් සහ තිමොති (තෙසලෝනික 1:1, 2:7) සහ අපොල්ලොස් (1කොරින්ති 4:6,9). මෙහි පසුව සඳහන් කළ කණ්ඩායමට අපෝස්තලික දීමනාව තිබුණත් අපෝස්තලික "නිලය" ඔවුන්ට නොතිබුණ අතර එම නිලය ගෝලයන් දොළොස් දෙනාට හා පාවුල්ට පවරන ලදී. එදා අපෝස්තලික නිලයලත් අය, සුභාරංචි පණිවිඩය දෙවියන් වහන්සේගේ අධිකාරිත්වයෙන් යුතුව රැගෙන යන ලදී. අපෝස්තුළු / ප්‍රේරිත යන වචනයෙහි අරුත "අධිකාරී අභි නියෝජිතයෙකු ලෙස යවන ලද තැනැත්තා" වේ. මෙය අපෝස්තලික නිලය දැරූ අය (පාවුල් මෙන්) සහ අපෝස්තලික ආත්මක දීමනාවලත් (අපොල්ලොස්) අතර සත්‍යවේ. වර්තමානයේද සුභාරංවිය පතුරුවන පිණිස දෙවියන් වහන්සේ විසින් එවන ලද මනුෂ්‍යයන් සිටියද, ඔවුන් අපෝස්තුළුවරුන් ලෙස සඳහන් නොකිරීම ඉතාමත් යහපත් දෙය වේ. මන්ද යත් එමඟින් ඇතිවිය හැකි වියවුල් ස්වභාවය නිසාම වේ. බොහෝ අයට මෙම (අපෝස්තලික) නම් කිරීමේ ඇති දිවිත්ව වෙනස් පරිහරණය පිළිබඳ අවදිකමක් නොමැත.

අනාගතවාක්‍ය පැවසීමේ දීමනාවද ක්‍රිස්තුස් වහන්සේ විසින් තාවකාලිකව විශ්වීය සභාවට අත්තිවාරම දමන පිණිස දෙන ලද දීමනාවකි (එපීස 2:20). පළමු සියවසේදී ප්‍රොපේතවරුන් දෙවියන් වහන්සේගෙන් ලද පණිවිඩය ඇදහිලිවතුන්ට ප්‍රකාශ කරන ලදී. මෙම ඇදහිලිවතුන්ට වර්තමානයේ අපට ඇති සම්පූර්ණය බයිබලය ලැබීමේ වරප්‍රසාදය ඔවුනට තිබුණේ නැත. අළුත් ගිවිසුමෙහි අවසාන පොතවන (එළිදරව් පොත) පළවෙනි සියවසෙහි අවසාන භාගය වන විටත් සම්පූර්ණ වී තිබුණේ නැත. එබැවින් ස්වාමින් වහන්සේ කුසලතා පූර්ණ ප්‍රොපේතවරුන් ලෙස හදුන්වනු ලැබූ දෙවියන් වහන්සේගේ පණිවිඩය ප්‍රකාශ කළ අය ධර්ම ග්‍රන්ථ මාලාව සමිපූර්ණවන තෙක් සපයන ලදී.

නූතන ඉගැන්වීම් අතර ඇති ප්‍රොපේතවරුන් හා අපෝස්තුළුවරුන් ප්‍රතිසංස්කරණය හා ලියවිල්ලෙහි විග්‍රහ කරන්නාවූ ප්‍රොපේත දීමනාව හා අපෝස්තළු නිලයන් දැරූ අය අතර ඇති පරතරය බොහෝය. එවැනි ප්‍රතිසංස්කරණයන් ගැන ඉගැන්වීම් කරන්නාවූ අය අපෝස්තුළුවරුන්ට හා ප්‍රොපේතවරුන්ට විරුද්ධව කතා නොකළ යුතු බවත් ප්‍රශ්ණ නොකළ යුතු බවත් උගන්වයි. මන්ද යත් එසේ ඔවුන්ට විරුද්ධව කතා කිරීම දෙවියන් වහන්සේට විරුද්ධව කතා කිරීමක් වන බව පවසයි. නමුත් අපෝස්තුළු පාවුල් බෙරියාවේ මනුෂ්‍යයන් තමන් දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව ප්‍රකාශ කළ ප්‍රකාශයන් සත්‍යය බව තහවුරු කරගැනීමට කළ සොයා බැලීම ගැන ප්‍රශංසා කරනලදි (ක්‍රියා17:10-11). එලෙසම අපෝසතුළු පාවුල්, තුමන් ඇතුළු කිසිවෙක් වෙනත් ශුභාරංචියක් උගන්වන ලද්දේ නම් එම පුද්ගලයා ශාප ලද්දෙක් වේවා ලෙස ගලාතියෙහි වැසියන්ට ප්‍රකාශ කරන ලදී (ගලාති 1:8-9). සෑම දෙයකදීම, පාවුල්තුමා අවසාන අධිකාරිත්වය ලෙස සෙනඟ බයිබලය වෙත යොමු කරණ ලදී. අද අපෝස්තුළුවරුන් හා ප්‍රොපේතවරුන් කියා ගන්නා අය අවසාන අධිකාරිත්වය ලෙස තමන්ව පෙන්නුම් කරයි. එය කිසි දිනක පාවුල්තුමා හෝ දොළොස් දෙනා කිසි දිනක නොකළ දෙයකි. ලියවිල්ල අපොස්තුළුවරුන් හා ප්‍රොපේවරුන් සදහන් කරනුයේ අතීත කාලයෙනි. 2 පේත්‍රස් 3:2 සහ යූද් 3-4 සඳහන් කරනුයේ අපෝස්තුළුවරුන් දෙන ලද පණිවිඩයකින් සෙනඟ අයාලේ නොයායුතු බවය (අතීත කාලය). හෙබ්‍රෙව් 2:3-4 හිදීද අතීත කාලයෙන් කතා කරමින් ලකුණු, පුදුම සහ විවිධ හාස්කම් කරන ලද අය (අතීතයේ) එසේ කරනු ලැබුයේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ දීමනා කරණකොට ගෙන බවය.



English



නැවතත් සිංහල මුල් පිටුවට

නූතන සභාව තුළ දෙවියන් වහන්සේ අපෝස්තුළුවරුන් ගේ හා අනාගතවකතෘවරුන්ගේ නිලයන් ප්‍රතිසංස්කරණය කරමින් සිටින සේක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries