settings icon
share icon
ප්‍රශ්නය

පාවුල්තුමාගේ ලිපි දේව ආනුභාවයෙන් ලියනලදී ද? (1 කොරින්ති 7:12 බලන්න)

පිළිතුර


වාචික සමස්ත දේවානුභාවයෙන් ලියන ලද ලියවිල්ල යනු බයිබලයේ ඇති සෑම වචනයක්ම "දෙවියන් වහන්සේගේ හුස්ම" ලෙස විශාල වශයෙන් සංස්ථිතික ඉවැන්ජලිස්ත කිතු දහම විශ්වාස කරනු ලබයි (2 තිමොති 3:16). බයිබලීය විවේවකයින් 1 කොරින්ති 7:12 දේවානුභාවයෙන් නොලියනලද්දේ නම්, එය පාවුල්තුමාගේ මතය වූයේ නම්, අනෙකුත් පරිච්ජේදයන්හි මතයන්ද මනුෂ්‍ය කතුවරයෙකුගේ මිස දේවානුභාවයෙන් නොවේය යන්න පවසනලද්දේ නම් කුමක් වේද? මෙය බයිබලීය අධිකාරිත්වය නැමති හදවතට තදබල පහරක් එල්ල කරයි.

දූෂණයෙන් පිරුණු නගරයක්වන කොරින්තියේ විසූ කිතුණු කණ්ඩායමකට පාවුල්තුමා විසින් මෙම ලිපිය ලියන ලදි. මෙම දූෂණයට කොටසක් ලෙස හේතු පාදක වූයේ එහිවූ ඇප්ප්‍රෝඩයිට් දේවාලය විය. එය 1,000 කට අධික වෛශ්‍යාවන්ට නිවහන විය. මෙම වතාවරණයන් තුළ පාවුල්තුමා එහි සභාව රෝපණය කළේය. එමෙන්ම සභාවෙහි අධික ලෙස වූයේ මෙම කොරින්තියෙහි අවකල් ක්‍රියාවෙන් පසුවූ ජීවන රටාවට අයත් වුවන්ය. කොරින්ති සභාව සැදුම් ලැබුයේ පෙර කාමමිත්‍යාචාරය හැසුරුණු අය, පෙර රූප නමස්කාර කළ අය, පෙර වෛශ්‍යාවන්, පෙර සමලිංගිකයින්, පෙර සොරුන් සහ පෙර බේබද්දන් ගෙන් විය (1 කොරින්ති 6: 9-11).

පාවුල්තුමා එතුමාගේ ලිපියෙහි 7 වන පරිච්ජේදයට පිවිසෙන කල්හි සභාවෙහි කාන්තාවන් සහ පුරුෂයින් අතර තිබුණාවූ ලිංගික සබඳ තාවයකට පිළිතුරු සපයයි. කොරින්තියෙහි සමාජිය පොදු ජන මති මතාන්තරවල පවත්නා ප්‍රවණතාවයන් සමඟ, කොරින්ති වැසියන් සළකණු ලැබුයේ සෑම කෙනෙක්ම බ්‍රහ්මචාරී දිවියක් ගත කිරීම යහපත් ලෙසය. පාවුල්තුමාද බ්‍රහ්මචාරී දිවිය යහපත් දෙයක් ලෙස එකඟවන අතර තවත් බොහෝ දෙනෙක් තමා මෙන්ම බ්‍රහ්මචාරී දිවියට ඇතුල්වීමද ප්‍රාර්ථනා කළේය. පාවුල්තුමා විවාහ දිවිය හෙළා දැක කතා නොකළේය. එතුමා සරලව ප්‍රකාශ කරනු ලැබුයේ අවිවාහක දිවියකින් සේවයට පැහැදිලිව ලැබෙන වරප්‍රසාද ගැනය. කෙසේ වුවද පාවුල්තුමා තව දුරටත් ප්‍රකාශ කරනු ලැබුයේ අවිවාහක භාවය දෙවියන් වහන්සේගෙන් ලැබෙන දීමනාවක් බවත් එය සියල්ලන්ටම නොලැබෙන බවත්ය (පදය 7). දැනටමත් විවාහවී ඇති අයට එලෙසම රැඳෙන ලෙසත් පදය 10 හි පාවුල්තුමා පවසන්නේ "මම නොව, නුමුත් දෙවියන් වහන්සේ බවත්ය". මෙහිදි පාවුල්තුමා කොරින්තිවරුන්ට පවරා දෙනු ලැබුවේ ඝෘජුවම යේසුස් වහන්සේ වෙතින් ආ අණක්ය. මෙම අණ පැමිණියේ ශුභාරංචි පොත් වල ඉගැන්වීම් වලින් වන අතර විශේෂයෙන් මතෙව් 5:32 කරණකොට ගෙනය.

අවසාන වශයෙන් පාවුල්තුමා "මිශ්‍ර විවාහයන්" පිළිබඳ කතා කරයි. එනම් කිතුණුවකු හා කිතුණු නොවන අයෙකු හා අතර සිදුවන විවාහයන් පිළිබඳවය. දැනට පවතින මෙම තත්වය පෙන්වා දෙමින්, කිතුණුවන් කිතුණු නොවන තම ස්වමි පූරුෂයා / භාර්යාව දික්කසාද කිරීමේ පරීක්‍ෂාවට පත්වීමේ අවදානමක් ඇති බව පෙන්වා දුන්නේ එසේ කිරීමෙන් තමන්ම පවිත්‍ර කරගැනීමේ හැකියාවක් ඇති බවට ඔවුන් විශ්වාස කළ බැවිනි. පාවුල්තුමා අදහන ස්වාමි පුරුෂයා / භාර්යාවට නොඇදහිලිකාර ස්වාමි පුරුෂයා / භාර්යාව සමග රැඳෙන ලෙස ප්‍රකාශය කරනු ලැබුයේ එය තමන්ගේ අණක් මිස යේසුස් වහන්සේ ගෙන් නොවන බවත් කියා දෙමිනි. මෙහිදී පාවුල්තුමා තමාගේ මතයක් ප්‍රකාශ නොකළේය. එතුමා ඉදිරිපත් කරන්ට උත්සාහ කරනු ලැබුයේ මිහිමත සේවයේදී කිසි දිනක යේසුස් වහන්සේ මෙම කරුණ පිළිබඳව ඝෘජුව කතා නොකළ බවය. ශුභාරංචි පොත් වල අදහන ස්වාමි පුරුෂයා / භාර්යාව නොඇදහිලිකාර කෙනෙක් සමඟ විවාහ වීමක් පිළිබඳ කිසිදු ඉගැන්වීමක් නැත. යේසුස් වහන්සේ දික්කසාදය සඳහා එක් යුක්ති සහගත කරුණක් පමණක් (මතෙව් 5:32, 19:19 ) දෙනු ලැබුවද එය නොඇදහිලිකාර කෙනෙක් සමඟ වූ විවාහයකට නොවේ.

එබැවින් හොඳම පිළිතුරවන්නේ යේසුස් වහන්සේ විශේෂයෙන් යමක් සඳහන් නොකළ දෙයක් උදෙසා පාවුල්තුමා නව එළිදරව්වක් සැපයීමය. එනිසයි පාවුල්තුමා "මමය, දෙවියන් වහන්සේ නොවේය" යන වදන් පැවසූවේ. තවත් ආකාරයකින් පවසනවා නම් යේසුස් වහන්සේ නොව, මමය, මම මෙම අණ දෙනු ලබන්නේ යේසුස් වහන්සේගේ ඉගැන්වීම් වල ඇති ප්‍රතිපත්ති මතය. යේසුස් වහන්සේගේ ව්‍යාප්ත වූ සේවය තුළ එතුමා කිතුණු ජීවිතය පිළිබඳ නිරවුල්ව පැහැදිලි කිරීමක් සිදු නොවුන බැවින් එතුමාගේ ස්වර්ගාරෝහණයෙන් පසු එතුමාගේ සේවය ඉදිරියට ගෙනයාමට එතුමා විසින් අපෝස්තලුවරුන්ට පවරනු ලැබුයේ එබැවිනි. එනිසයි දෙවියන් වහන්සේගේ හුස්ම වන බයිබලය අපට ඇත්තේ. "එවිට දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සියලු යහපත් වැඩයන් සඳහා සම්පූර්ණ අඩුපාඩු රහිතව සන්නද්ධ වනවා ඇත". බොහෝ නව එළිදරව්වන් සඳහා පාවුල්තුමා වගකිව යුත්තා වන නුමුත් අවසානයේදී එම සියලු එළිදරව්වන් දෙනු ලැබුයේ ශුද්ධාත්මයාණන් වහන්සේ විසිනි. එතුමාගේ බොහෝ ලිපි වලදී පාවුල්තුමා විසින් අභිරහස්, පුදුමාකාර දේවල් එළදරව් කරනලදී. " අභිරහස හෝ පුදුමාකාර " යන වචනය මීට පෙර කිසිදිනෙක එළිදරව් නොවුනමුත් දැන් එළිදරව් වී ඇති යමක් එනම් සභාව යුදෙව්වන් ගෙන් හා අන්‍යජාතීන් ගෙන් අඩංගු බව (රෝම 11:25) හෝ ඔසවා ගැනීමද (1 කොරින්ති 15:51-52) එලෙසම බව වැනි යමක් ප්‍රකාශ කිරීමට යොදාගන්නා පරිභාෂිත පදයක් වේ. පාවුල්තුමා සරලව විවාහය පිළිබඳ යේසුස් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ නොකළ අමතර යමක් අපට එළිදරව් කරයි.



English



නැවතත් සිංහල මුල් පිටුවට

පාවුල්තුමාගේ ලිපි දේව ආනුභාවයෙන් ලියනලදී ද? (1 කොරින්ති 7:12 බලන්න)
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries