ප්‍රශ්නය
වැරදි ඉගැන්වීමක් සහ එවැන්නෙක් හදුනාගන්නේ කෙසේද?
පිළිතුර
වැරදි ඉගැන්වීමට යෙදෙන ග්‍රික වචනය නම් "ඇපෝස්ටසියා"වේ..එහි තේරුම නම් ඇදහිලි ක්‍රමයකට පවතින්නාවු ආධිපත්‍යක හෝ බලයක් දක්වන්නාවු බලවත් විරෝධයයි. පලමුවන සියවසේ මෙම වචනය භාවිතාවුයේ රාජ්‍යය බලයකට දක්වන්නාවු විරෝධයයි. එලෙසම සභාවට අද එම විරෝධය තිබෙනවා. ක්‍රි:ව: 250-336 දශකයේ විසු ආරියුස් නම් පුද්ගලයා ගැන බයිබලය අපට අනතුරු අඟවනවා. ඔහු හතරවන සියවසේ අන්තියෝකියේ පුහුණු වුනාවු ඊජීප්තුවේ ඇලෙක්සැන්ඩිරියාවේ විසු අයෙක්. ආරියුස් ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසු කාදිනල් ඇලෙක්සැන්ඩර්ගේ ඉගැන්වීමකට විරොධය දැක්වුවා. එය නම් පියාණන්, පුත්‍රයාණන් සහ ශුධාත්මයාණන්, දෙවියන්වහන්සේ විසින් විටින් විට පෙන්නුම් කලාවු පුද්ගලයන් පමණක්ය යන්නයි. නමුත් ආරියුස් උත්සහ කලේ දෙවියන්වහන්සේගේ ඒකත්වය පෙන්නුම් කිරිමටය. කෙසේ වෙතත් ඔහු දෙවියන්වහන්සේගේ ස්වාභය ගැන ඉගැන්වීම අන්තයට රැගෙන යාමට තැත් කලා. ආරියුස් ත්‍රිත්වය ප්‍රතික්ෂේප කරමින් පියාණන් සහ පුත්‍රයාණන්ගේ වෙනස පෙන්නුම් කිරීමට උත්සහ දැරුවා. යේසුස් වහන්සේ, පියාණන්වහන්සේ මෙන් හරවත් නොවන නමුත් ඒ හා සමාන වන බවය. නමුත් එක් ග්‍රික අකුරක් වන "ඉයොටා" නම් වචණයෙන් පමනක් දෙදෙනාගේ වෙනස පෙන්නුම් කලා. ආරියුස් එය ගැන මෙසේ සදහන් කලා. "පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට පෙර සිටියා. පුත්‍රයාණන් නොවිසු කාලයක් විය. පියාණන් විසින් පුත්‍රයාණන් මවනු ලැබුවා. එම නිසා පුත්‍රයාණන් මැවිල්ලේ ඉහලම ස්තානයේ සිටියත් පියාණන් හා සම නොවෙන බවයි. ආරියුස් ඉතා දක්ෂව බොහෝ මනුෂ්‍යයන් ඔහු වෙතට ආකර්ෂණය කරගත්තාක් මෙන්ම, එය සම්බන්දව ගීතිකාද නිර්මානය කරමින් ඔහුට ඇහුම්කම් දුන්නාවු අයට ඉගැන්වීමට උත්සහා කලා. දේශකයෙක් හැටියට ඔහුට තිබුනාවු ජයග්‍රාහි ස්භාවයෙන් ඔහුගේ ජීවන රටාවම එම ඉලක්කය සදහා කැප කලා.
වැරදි ඉගැන්වීම් සම්බන්ධව කිතුනුවන් හැටියට අප කාරනා දෙකක් මතක තබා ගත යුතුය. පලමුව, ධර්මය සහ ධර්මය සම්බන්ධ ගුරුවරුන් සහ දෙවනුව, මෙම ඉගැන්වීම භායානක ඇයිද? යන්නය.
වැරදි ඉගැන්වීම්වල ස්භාවය:
කිතුණුවන් ලෙස අපට ඇති ඉතා වදගත් කාරනාවක් නම් වැරදි ඉගැන්වීම් ධර්ම සහ ඒ සම්බන්ධව උගන්වන්නාවු ගුරුවරුන් සම්බන්ධව මනා අවබෝධයක් අපට තිබිය යුතුය. විවිධ වැරදි ඉගැන්වීම් වල කාරනා දෙකක් විශේෂයි. (1) දේව වචණයේ සත්‍යතාවය වන ප්‍රධාන කිතුණු ඉගැන්වීම් වලින් බැහැරව වැටීයාමක් සහ (2) යේසුස්වහන්සෙගේ ස්වාමිත්වය සම්පුර්ණයේන්ම ප්‍රතික්ෂේප කිරීමයි.
ආරියුස් මෙයින් පලමු එකට වගකිව යුත්තෙක් වේ. — එය නම්, ප්‍රධාන කිතුණු සත්‍යයතාවයන් ප්‍රතික්ෂේප කිරීමයි. (එනම් යේසුස්වහන්සේගේ දේවත්වය) මෙය කිතුණු ඇදහිල්ලේ සම්පුර්ණ පසුබැමට මුලපුරයි, එය දෙවන වැරදි ඉගැන්වීම හා සම්බන්ධයි. අප මතක තබා ගත්යුතු කාරණාවක් නම් දෙවන වැරදි ඉගැන්වීමට හේතු වන්නේ පලමු වැරදි ඉගැන්වීමෙන් බවයි. මිථ්‍යවක් මිථ්‍යයා ඉගැන්වීමක් වී කිතුණුවෙක් සම්පූර්ණයෙන්ම ඇදහීමෙන් ඉවතට ගෙන යයි. එවිට සාතාන්ගේ ඉහලම ඉලක්කය ඉෂ්ඨ වනවා, එනම් යමෙක් සම්පුර්ණයෙන්ම ක්‍රිස්තියානි ඇදහීමෙන් ඉවත් කිරීමයි.
මෙයට මෑතකදී එනම් 2010 සිදුවුන නිදසුනක් නම් අදේවවාදී දෙදෙනෙක් වන දානියෙල් ඩෙන්නෙට් සහ ලින්ඩා ලස්කොලා විසින් කල හැදැරීමක් වන "ඇදහිල්ලේ නොවන්නාවු දේශකයන්" නම් ඉදිරිපත් කිරීමයි. ඔවුන් ඇදහිල්ලෙන් වැටී ගියාවු සහ වෙනත් ධර්ම උගන්වන්නාවු දේශකයන් පස්දෙනෙක් සම්බන්ධව හැදැරීමක් කර ඒ සම්බන්ධව ප්‍රකාශ නිකුත් කලා. ඔවුන් ඉදිරිපත් කල මෙම හැදැරීමේදි දැක්වු අවාසනාවන්ත සත්‍යථාවයක් නම් ඔවුන්ගේ ආත්මීක නායකයන්ගේ සැබැ ඉගැන්වීම් වලට අවනත නොවී තවමත් සභා පාලක තනතුරේ යෙදෙමින් ඔවුන් යටතේ ඇදහිලිවතුන් තබා ගැනීමයි.
යුද් පොතේ සදහන් වන්නාවු වැරදි ඉගැන්වීම්වල භායානකත්වය මෙම දානියෙල් සහ ලස්කෝලාගේ ලියවිලිවලට ඇතුලත් කර තිබෙනවා. යුද් පොතේ සදහන් වන මෙම අවදානම් තත්වය පලමුවන සියවසේ ඔහු පොත ලියන විට මෙන්ම අදටත් අදාල වේ. එම නිසා මෙම පොත හොදින් අධ්‍යනය කිරීම අපට ඉතා වැදගත් වේ.
වැරදි ඉගැන්වීම් සහ හැරගියවුන්ගේ ලක්ෂණ:
යුද් තුමා යේසුස් වහන්සේගේ අඩ සොහොයුරෙක් මෙන්ම මුල් සභාවේ සිටි නායකයෙකි. අලුත් ගිවිසුමේ ඔහුගේ ලිපියේ ඔහු වැරදි ඉගැන්වීම් වාගේම ඒවා හදුනා ගැනීම ගැන තදින්ම ඇදහිලිවතුන්ට අනුබල දෙනවා. (පදය 3). "ඉතා උවමනාවෙන් සලකන්න" යන්න ග්‍රීක භාෂාවෙන් පරිවර්තනය වන්නේ "වේදනාකාරිව". එය අප ක්‍රියාවට දමද්දී කියැවෙන්නේ නොකඩවා සිදුවන සටනක් ලෙසයි. වෙනත් ආකාරයකින් කිවහොත්, කිතුණුවන් හැටියට මෙම සටන අපට නොකඩවා කලයුතු වනවා මෙම වැරදි ඉගැන්වීම් වලින් වැලකී සිටීමට නම්. එසේම යුද් තුමා පැහැදිලි කරන්නේ පාලකවරුන් පමණක් නොව කිතුණුවන් ලෙස මෙම සටනට අප සැම කෙනෙක්ටම මුහුණ දීමට සිදුවන බවයි. එම නිසා අප කිතුණුවන් ලෙස මෙය සම්බන්ධව දැනගැන්ම ඇතිව වැරදි ඉගැන්වීම් හදුනාගන්නා පිනිස ඉතා අවධියෙන් සිටිය යුතුයි.
මෙම පොත කියවන්නට ඇදහිල්ලෙ සටන නොකඩවා කිරීමට උනන්දු කිරීමෙන් පසුව යුද් තුමා පවසන්නේ, "මක්නිසාද පුරාණ කාලයේදි මේ දඩුවමට නියමකොට තැබුවාවුද, අභක්තීකවුද, අපගේ දෙවියන්වහන්සේගේ කරුණාව සල්ලාලකමට හරවා ගත්තාවූද, අපගේ එකම අපගේ එකම අධිපතිවු ස්වාමිවු යේසුස්වහන්සේව එපා කරන්නාවූද මනුෂ්‍යයන් වගයක් රහසින් ඇතුල්වී සිටිති. (4 පදය) මෙම එක් පදයෙන් තුන් ආකාරයේ වැරදි ගුරුවරුන් කොටසක් ගැන යූද් තුමා සදහන් කරනවා.
පලමුවෙන් වැරදි ඉගැන්වීම් කූට බවට යූද් තුමා පවසනවා. ඔහු "ඇතුල්වී" කියන පදය සදහන් කරනවා. (මෙම පදය බයිබලයේ වෙනත් ස්ථානයක සදහන් වන්නේ නැහැ) සභාවට ඇතුල්වී සිටින්නාවු බොරු ගුරුවරුන් පිලිබදව අප දැණුවත් කරණ පිනිස. ග්‍රීක භාෂාවෙන් මෙහි තෙරුම වන්නේ, උසාවියක නීතිඥයෙක් වාද කරමින් උසාවිය නොමග යවන්නට ගන්නාවු උත්සහයක් වැනිය. මෙම වචනයේ අර්ථය නම්, කපටිව ලිස්සා යාම; කූටව ඇතුල්වීම; තේරුම් ගැනීමට අපහසුය. වෙනත් ආකාරයකින් යූද් තුමා පවසන්නේ වැරදි ඉගැන්වීමක් ලෙහෙසියෙන් හසුකර ගැනීම අපහසු කාර්‍යයක් බවයි. එය හරියට ආරියුස්ගේ දේශණාව මෙන්, එක් අකුරකින් පමණක් වෙනස්කර ඉදිරිපත් කර සැබැ ක්‍රිස්තියානි ඇදහිල්ලේන් වෙනස් කිරීමයි.
අභ්‍යයන්තරයේ ඇති මෙම භයංකාර වැරදි ඉගැන්වීම් පිලිබදව ඒ. ඩබ්ලිව් ටොසා පවසන්නේ "වැරැද්ද අතී දක්ෂව සත්‍යයට සමාන කර ඇති හෙයින් බොහෝ විට සත්‍ය හදුනා ගැනීමට අපහසුය. කායින් සහ ආබෙල් කවුද කියා හදුනා ගැනීමට ඉතා තියුණු ඇසක් අවශ්‍යය වේ. පාවුල් තුමාද පිටතින් යහපත් කම් පෙන්නන්නාවු බොරු ගුරුවරුන් පිලිබදව පවසන්නේ, "එබදු මනුෂ්‍යයෝ බොරු ප්‍රේරිතයෝය. ක්‍රිස්තුස්වහන්සේගේ වෙස් ගන්නාවු වංචාකාර සේවකයෝය. ඒක පුදුමයක් නොවේ. මක්නිසාද සාතාන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනීයි. (2 කොරෙන්ති 11:13-14). වෙනත් ලෙසකින් කියනවා නම්, බොරු ගුරුවරුගෙන් අයහපත් ක්‍රියා, පුදුම දේවල් කථාකරයි, සහ පෙනුමෙන් අප්‍රසන්න වන්න බලාපොරොත්තු වන්න එපා යන්නය. ඔවුන් සත්‍යයට විරුද්ද නොවී ඔවුන්ගේ වැරදි ඉගැන්වීම සත්‍යට ඇතුලත් කරයි. නමුත් සභා පාලක ආර්.සී ලෙන්ස්කි පවසන අන්දමට ඉතාමත් පහත්ම නපුරුකම නම්, නොකඩවා සත්‍ය වසං කිරීමය.
දෙවනුව යූද් තුමා පවසන්නේ බොරු ගුරුවරුන් "අභක්තීක" වුන් හා එමෙන්ම දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ඔවුන් අධර්මිෂ්ට ක්‍රියා කිරිමට යොදා ගන්නා බවයි. යූද් තුමා අපට හදුනා ගැනීම පිනිස බොරු ගුරුවරු වර්ග දහාඅට දෙනෙක් පිලිබදව සදහන් කරනවා. බොරු ගුරුවරු අභක්තීකයන් කියා යූද් තුමා සදහන් කරනවා. (පදය 4), සල්ලාලවු, ක්‍රිස්තුස්වහන්සේව එපා කරන්නාවු (පදය 4) මාංශයේ හැසිරෙන්නාවු (පදය8), කලහාකාරි (පදය8), දේවදූතයන් සුලු කරන්නාවු (පදය 8), දෙවියන්වහන්සේ ගැන නොදන්නාවු (පදය8), බොරු දර්ශණ දකින්නාවු (පදය10), තමන්ම විනාශ කරගන්නාවු (පදය10), මැසිවිලි කියන්නෝව(පදය16), වැරදි සොයන්නෝව(පදය16), තමුන් සනස ගන්නාවු (පදය16), උඩගු වචන පවසන්නෝව(පදය16), දෙවියන්වහන්සේට ඔච්චම් කරන්නාවුද (පදය18), බෙදීම් ඇතිකරන්නාවු (පදය19), ලෞකීක මනසකින් යුක්තවුද (පදය19) සහ අවසානයේ (අරුම නොවනා) ආත්මයාණන් නොමැති සහ ගැලවීම නොලැබූ අය වෙති.
තුන්වෙනුව, ඔවුන් අපගේ එකම ස්වාමියාණන් වන ක්‍රිස්තුස්වහන්සේව එපා කරයි. බොරු ගුරුවරු මෙසේ කරන්නේ කෙසේද? පාවුල් තුමාගේ තීතස්ගේ ලිපියේ මෙසේ පවසයි. "පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය. නමුත් කිලුටුවු නොඇදහිලිකාරවු අයට කිසිවක් පවිත්‍ර නැත. ඔවුන්ගේ සිහියත් හෘදයසාක්ෂියත් කිලුටුව තිබේ. (තීතස් 1:15-16) ඔවුන්ගේ අධර්මිෂ්ඨ ක්‍රියා වලින් ඔවුන්ගේ නියම ස්භාවය පෙන්නුම් කරයි. බොරු ගුරුවරයෙක් මෙන් නොව, සැබැ ඇදහිලිවන්තයා ක්‍රිස්තුස්වහන්සේ තුලින් සැබැ ලෙස පාපයෙන් මිදි ධර්මිෂ්ඨ කරනු ලැබුවෙක් වේ. පාවුල් තුමා සමග, බොරු ගුරුවරුන්ගේ සැබැ හැසිරීම ගැන ඔවුන් ප්‍රශ්ණ කරයි. එසේ වී නම් කුමක් කියමුද? බොහෝ වන පිනිස පාපයේ පවතිමුද? එසේ නොවේවා. පාපයට මළාවු අපි එහි තවත් කෙසේ ජීවත් වෙමුද? (රොම 6:1-2).
නමුත් බොරු ගුරුවරු ඔවුන්ගේ බොරු ඉගැන්වීම්වලින් ඔවුන්ගේ සැබැ ස්වභාවය පෙන්නුම් කරයි. පේතෘස් තුමා මෙසේ පවසයි. "නුමුත් සෙනග අතරේ බොරු ප්‍රෝපේතවරුද සිටියෝය. එලෙසම විනාශක ධර්ම භේද රහසින් උපදවමින්ද තමුන්ම මිලෙයට ගත් ආචාරින් වහන්සේව එපා කරමින්ද තමුන් පිටට ශිඝ්‍ර විනාශය පමුණුවාගන්නාවු බොරු ගුරුවරු නුබලා අතරෙන් වන්නෝය (1පේතෘස් 2:1). සැබැ ඇදහිලිවන්තයෙකුගේ ලක්ෂණයක් නම්, ඔවුන් ආත්මීක අන්ධකාරයෙන් ආලෝකයට පැමිණ තිබෙනවා. (එපීස 5:8). එම නිසා ආරියුස් මෙන් යේසුස්වහන්සේගේ දේවත්වයේ සැබැ සත්‍යථාවය ප්‍රතික්ෂේප නොකරයි.
අවසාන වශයෙන් බොරු ගුරුවරුන්ගේ ලක්ෂණය නම් ඔහු දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම හා දේව වචනයේ සත්‍යථාවයෙන් වැටී යාමයි. අපෝස්තුලු යොහාන් තුමා පවසන්නේ මෙවැනි අය බොරු ඇදහිලිවතුන් ලෙසයි. "නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත. ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමග පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිනිස ඔවුහු අපෙන් අහක්ව ගියෝය. (1 යෝනා 2:19).
අදහස් වල ප්‍රතිපල ඇත :
දෙවියන්වහන්සේ බොරු ගුරුවරුන් සහ බොරු ඉගැන්වීම් ගැන විශේෂ සැලකිල්ලක් දක්වන බව නව ගිවිසුමේ පිලමොන් පොත හැර සෑම පොතකම පාහේ මෙම අවධානම ගැන සදහන් කරමින් පෙන්නුම් කරති. ඇයි මෙසේ වන්නේ? මෙම අදහස් වල යම් ප්‍රතිපලයක් ඇති හෙයින්ය. මන්ද යහපත් සිතුවිලි, යහපත් පල ඇති කරයි. එමෙන්ම අයහපත් සිතුවිලි හා එයට සම්බන්ධ ක්‍රියාවන් වලට අයහපත් ප්‍රතිපල ඇති කරනවා. උදහරණයක් වශයෙන් 1970 කැම්බොඩියාවේ මිනිමැරුම් සිද්දවුයේ ජීන් පෝල් සාට්‍රේ ගේ ලෝකය දෙස බැලුවාවු කෝණයක ප්‍රතිපලයක් නිසාය. පොල්පොට් යන කිම්රුජ් නායකයා මෙම මතයට අනුව ජීවත් වෙමින් භයංකාර කාලයක් එම රටට උදා කරමින් එම රට වැසියන්ට මේ ආකාරයෙන් පිලිතුරු දුන්නා. "ඔබව තබාගැනීමෙන් වාසියක් වන්නේ නැත, ඔබව නැතිකර දැමිම පාඩුවක් නොවේ" යන්නය.
ඔබ මතක තබා ගත යුතු කාරනාවක් නම්, සාතාන් උයනේ සිටියාවු දෙදෙනාව මුනගැසීමට පිටතට පෙනුනාවු ආයුධ හෝ පුදුමාකාර ආයුධයක් රැගෙන පැමිණියේ නැත. ඔහු පැමිණියේ අදහසක් රැගෙන පමණි. මනුෂ්‍යයාව සහ සියලු මනුෂ්‍ය සංහතිය විනාශ කිරීමට, නුමුත් දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාගේ මරණයට කැපවීමෙන් ඒ දෙයින් අපට නැවත නිදහස අයිති විය. අවාසනාවන්තම සිදුවීම නම්, දැන හෝ නොදැන සිටින තමන් සමග සිටින ශ්‍රාවකයින් මෙම බොරු ගුරුවරුන් විසින් විනාශට කැප කිරීමයි. දේව වචනයේ ඇති ඉතාමත් භායානකම කොටසක් යේසුස්වහන්සෙගේම තොල් වලින් පැවසෙනවා. ඒ කාලයේ සිටියාවු ආගමීක නායකයන් ගැන උන්වහන්සේ මෙසේ පවසනවා. "ඔවුන් නිකම් සිටිතිවා .ඔවුහු මග පෙන්වන අන්ධයෝය. අන්ධයෙක් අන්ධයෙකුට මග පෙන්වන්වමින් යතොත් දෙදෙනාම වලක වැටෙනවා ඇතැයි කී සේක. "යේසුස්වහන්සේ මෙයින් පෙන්වන්නේ, බොරු ගුරුවරයා මෙන්ම ඔවුන් සමග යන්නන් පවා විනාශයට යනවා යන්නය. කිතුණු දර්ශණවාදියෙක් වු සොරේන් කකේගාඩ් මෙසේ පවසනවා. "එක් මෝඩයෙක් තන්වම ගිය බවක් ඇසීමට නැතත්, ඔහු තවත් බොහෝ එනෙක් ඔහුත් සමග රැගෙනවාමය."
අවසානය:
ක්‍රි. ව. 325 නිසීයා කවුන්සීලය ආරියුස්ගේ ඉගැන්වීම පිලිබධව අවධානය යොමුකරා. ආරියුස්ට අපක්ෂව එය සිදුවුවා. කවුන්සීලය මෙසේ නිගමනයකට පැමිනියා.." අප සියලු දේ මැවුවාවු දෙවියන්වහන්සේ කෙරේහි විශ්වාස කරනවා, පෙනෙන සහ නොපෙනෙන සියල්ලෙහි මැවුම් කරු බවට, සහ එකම පුත්‍රවූ දෙවිවු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, පියාණන්ගේ ඒක ජාතක පුත්‍රයාණන් බවට, දෙවියන්ගේ දෙවිවු, ආලෝකයේ ආලෝකයවු, සියලු දෙවිවරුන්ගේ දෙවියන් වු, මැවිල්ලක් නොව, දෙවියන්වහන්සේ හා සමානත්වයෙන් යුත්වු."
ආරියුස් මීට බොහෝ වසරකට පෙර මිය ගියත්, තවමත් අප අතරේ ඔහුගේ අනුගාමිකයන් වෙසෙනවා, යේසුස් වහන්සේගේ දේවත්වය පිලිනොගන්න යෙහොවාගෙ සක්ෂිකරයෝ වැනි අය. අවාසනාවකට මෙන් යේසුස් වහන්සේ නැවත එන තුරු තිරිගු අතරේ කිරිදි තිබෙන්නක්මෙන් මොවුන් අප සමග සිටින්නට යනවා. (මතෙව් 13:24-30). එමෙන්ම දේව වචනයේ සදහන් වන්නේ යේසුස් වහන්සේගේ ඊම ලංවන්නට ලංවන්නට මෙවැනි බොරු ගුරුවරුන් වැඩිවන්නට යනවා."එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවා දෙන්නෝය. ඔවුනොවුන්ට වෛරවන්නෝය. (මතෙව් 24-10). පාවුල් තුමාද ඔහුගේ යැවුම් පත්‍රවල සදහන් කරමින් "යෙසුස්වහන්සේගේ දෙවැනි පැමිණිමේදි බොහෝ දෙනෙක්ගේ වැටීයමක් සිදුවන බවට අනතුරු අගවනවා. (2තෙසලොනික 2:3). එමෙන්ම අවසාන කාලය මහත් පීඩා වලින් සහ හිස්වු කිතුණුවන්ගෙන් ගහ්‍රනවන්නට යනවා. "නුමුත් අන්තීම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගන්න. දේවභක්තියේ වේසය දරන නමුත් එහි බලය එපා කල අයව සිටින්නෝය.එබදු අයගෙන් අහක් වෙන්න". (2තිමොති3:1-2,5).
පෙර කාල වලට වඩා ඇදහිලිවන්තයාට මෙම කාලය තීරනාත්මක හෙයින් දැනගන්ම ගැන යච්ඤා කරමින් වැරදි ඉගැන්වීම් වලින් ඉවත් වන්න මෙන්ම අපට ලැබුනු ගැලවීම ආරක්ෂා කරන්ට විර්ය දරමින් උනන්දුවෙන් ක්‍රියා කරන්න.
English
වැරදි ඉගැන්වීමක් සහ එවැන්නෙක් හදුනාගන්නේ කෙසේද?