settings icon
share icon
ප්‍රශ්නය

ඇන්ටිනෝමියන් වාදය යනු කුමක්ද?

පිළිතුර


ඇන්ටිනෝමියන් යන පදය / වචනය ග්‍රීක පදයන් / වචනයන් දෙකකින් පැමිණේ. ඇන්ටියන්නෙහි අරුත "විරුද්ධ" වන අතර නෝමස්යන්නෙහි අරුත "නීතිය / ආඥාව" වන අතර ඇන්ටිනෝමියන් වාදය යනු "නීතියට විරුද්ධ / එරෙහි" වේ. දේව ධර්මයට අනුව ඇන්ටිනෝමියන් වාදය දෙවියන් වහන්සේ කිතුණුවන්ගෙන් කිසිදු සදාචාරාත්මක නීතියකට කීකරුවිම බලාපොරොත්තු නොවන බවට ඇති විශ්වාසයයි. ඇන්ටිනෝමියන්වාදය බයිබලීය ඉගැන්වීම් වලට අනුකුල නොවන අවසානයකට ගෙනයයි. බයිබලීය ඉගැන්වීම නම් ගැළවීම කරණකොටගෙන කිතුණුවන් පරණ ගිවිසුමෙහි නීති පැවැත්වීම අනවශ්‍ය බවය. ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පූජා කිරීම කරණකොටගෙන පරණ ගිවිසුමෙහි නීතිය පරිසමාප්තියට පත් කළ සේක (රෝම 10:4, ගලාති 3:23-25, එපීස 2:15). බයිබලයට අනුකුල නොවන අවසානය නම් දෙවියන් වහන්සේ කිතුණුවන් ගෙන් කිසිදු සදාචාරාත්මක නීතියකට කීකරුවීම අපේක්‍ෂා නොකරන බවය.

රෝම 6:1-2 දක්වා පාවුල්තුමා ඇන්ටිනෝමියන් වාදයේ මෙම කරුණ ගැන ගනුදෙනු කළේය. එසේවී නම් කුමක් කියමුද? අනූග්‍රහය බොහෝ වන පිණිස පාපයෙහි පවතිමුද? එසේ නොවේවා. පාපයට මළාවූ අපි තවත් කෙසේ එහි ජීවත්වෙම්ද?. බහුලව පහරවදින මතය / ධර්මය නම් ගැළවීම අනුග්‍රහයෙන්ම පමණක් වන මතයටය. මක්නිසාද එය මනුෂ්‍යයන්ට පව් කරන්නට අනූබල දේ. "මම අනුග්‍රහයෙන් ගැළවීම ලබා මගේ සියලු පාප කමා කරනු ලැබීම නම්, මට පාපය පමණක් අවශ්‍යවන්නට බැරිද?" එලෙස සිතීම, සැබෑ හැරීමක ප්‍රතිඵලයක් නොවේ. මන්ද යත් සැබෑ හැරීමක ඉමහත් ආශාවවන්නේ අඩු දෙයකට නොවමහත් විශාල වූ දෙයකටය. අප එතුමාණන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ප්‍රතිජනනය කරනු ලැබුවායින් පසුව දෙවියන් වහන්සේගේත් අපගෙත් ආශාවවන්නේ පව් නොකරන පිණිස මහත් පරීශ්‍රමයක් දැරීමය. එතුමාණන්වහන්සේගේ අනුග්‍රහය සහ පාපකමාවට කෘතඥතාවයක් ලෙස එතුමන්ව ප්‍රසන්න කිරීම අපගේ අවශ්‍යතාවය වේ. දෙවියන් වහන්සේ එතුමන්ගේ සීමාරහිත අනුග්‍රහය නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන අපට ගැළවීම දුන් සේක (යොහාන් 3:16, රෝම 5:8). අපගේ ප්‍රතිචාරය විය යුත්තේ ප්‍රේමයෙන්, නමස්කාරයෙන් හා කෙළෙහිගුණ සැළකීමක් වශයෙන් අපගේ ජීවිත එතුමන් අප උදෙසා කළාවූ දෙය වෙනුවෙන් කැප කිරීමය (රෝම 12:1-2) ඇන්ටිනෝමියන් වාදය බයිබලයට අනුකුල නොවන්නේ දෙවියන් වහන්සේගේ කරුණාබරිත දයාගුණයේ අනුග්‍රහය වැරදි ලෙස යොදා ගැනීම නිසාය.

ඇන්ටිනෝමියන් වාදය බයිබලයට අනුකුල නොවන බව පැවසීමට දෙවන කරුණවන්නේ අප කීකරු විය යුතු බවට දෙවියන් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන සදාචාරාත්මක නීතිය වේ. 1 යොහාන් 5:3 මෙසේ පවසයි. "මක්නිසාද දෙවියන් වහන්සේට ප්‍රේමවීම නම් අප විසින් උන් වහන්සේගේ ආඥා පැවැත්වීමය. උන් වහන්සේගේ ආඥා බර නැත". අප කීකරු විය යුතු බවට දෙවියන් වහන්සේ විසින් බලාපොරොත්තු වන නීතිය / ආඥාව කුමක්ද? එය ක්‍රිස්තුස් වහන්සේගේ ආඥාවයි. "තාගේ මුළු හෘදයෙන්ද තාගේ මුළු ආත්මයෙන්ද තාගේ මුළු බුද්ධියෙන්ද තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේට ප්‍රේම කරව. මේක උතුම් වූ පළමුවෙනි වූ ආඥාවය. මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම් තාට මෙන් තගේ අසල්වාසියාට ප්‍රේමකරව යනුය. මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යයත් පිහිටා තිබේයයි කීසේක". නැත කිසිසේත්ම අපි පරණ ගිවිසුමෙහි නීති / ආඥා යටතේ නොවන්නෙමුව. දෙවියන් වහන්සේගේ ආඥාව / නීතිය පුළුල් නිති සංග්‍රහයක් නොවේ. එය ප්‍රේමයේ ආඥාව වේ. අපි, අපගේ මුළු හෘදයෙන්ද, ආත්මයෙන් සහ ශක්තියෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ නම් එතුමන් අප්‍රසන්න වන කිසිවක් නොකරන්නෙමුව. අපි අපට හා සේම අපගේ අසල්වාසීන්ට ප්‍රේම කරන්නෙමුව නම් අප විසින් ඔවුන්ට කිසිදු හානියක් / හිරිහැරයක් නොකරන්නෙමුව. ක්‍රිස්තුස් වහන්සේගේ ආඥා වලට කීකරුවිම / අවනතවීම ගැළවීම පවත්වාගෙනයාමට හෝ ලබා ගැනීමට අවශ්‍යතාවයක් නොවේ. ක්‍රිස්තුස් වහන්සේ ආඥාව දෙවියන් වහන්සේ කිතුණුවන් ගෙන් අපේක්‍ෂා කරන්නක් වේ.

ඇන්ටිනෝමියන් වාදය බයිබලය උගන්වන්නාවූ සියල්ලට පටහැනිවේ. අපගේ ජීවත්වීම සදාචාරාත්මක, සත්‍යවාදී සහ ප්‍රේමයෙන් විය යුතු බවට දෙවියන් වහන්සේ අපගෙන් අපේක්‍ෂා කෙරේ. යේසුස් වහන්සේ පරණ ගිවිසුමෙහි ඉසිලීමට දුෂ්කර වු ආඥා පණත් නිදහස් කළද, එය පව් කිරීමට / පාපය සඳහා දෙන ලද වලංගු / අවසර පත්‍රයක් නොවෙන අතර එය අනුග්‍රහයේ ගිවිසුමක් වේ. ශුද්ධාත්මයාණන් වහන්සේගේ උපකාරය මත රැඳෙමින් පාපයට එරෙහිව සටන් වදිමින් ධර්මිෂ්ටකම වර්ධනයකර ගත යුතු වේ. පරණ ගිවිසුමෙහි අභියෝගයන් ගෙන් මුදනු ලැබුවාවූ අනූග්‍රහයේ කරුණු, අපගේ ජීවත්වීමේ ජිවිතය තුළ ප්‍රතිඵලය විය හැකි වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ආඥාවලට කීකරුවීමෙනි. 1 යොහාන් 2:3-6 දක්වා මෙසේ ප්‍රකාශ කරයි. "අපි උන්වහන්සේගේ ආඥා පවත්වමු නම්, අපි උන්වහන්සේ හදුනන බව එයින් දනිමුව. උන්වහන්සේ අදුනමියි කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය. සැබෑවද ඔහු තුළ නැත. නමුත් යමෙක් උන්වහන්සේගේ වචනය පවත්වන්නේද, ඔහු තුළ සැබෑවටම දෙවියන් වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණවී තිබේ. අපි උන්වහන්සේ තුළ සිටින බව එයින් දනිමුව. උන් වහන්සේ තුළ පවතිමියි කියනතැනැත්තා විසින් උන්වහන්සේ හැසුරුණාක්මෙන් හැසිරිය යුතුය".

English


නැවතත් සිංහල මුල් පිටුවට
ඇන්ටිනෝමියන් වාදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries