settings icon
share icon
ප්‍රශ්නය

ලෝකයේ යුදෙව් විරෝධයට හේතුව කුමක්ද?

පිළිතුර


ලෝකයා යුදෙව්වාට ද්වේශ කිරීමට හේතුව කුමක්ද? බොහෝ ජාතීන් අතර යුදෙව් විරෝධය බහුලව පැතිරී ඇත්තේ මන්ද? යුදෙව්වා පිළිබද ඇති නරක කුමක්ද? ඉතිහාසයේ පෙන්නුම් කරනු ලබන්නේ පසු ගිය වසර 1,700 තුළ විවිධ වකවානු තුළ රටවල් 80 කටත් වැඩි ප්‍රමාණයකින් යුදෙව්වන්ව පිටුවහල් කොට දමා ඇති බවය. ඉතිහාසඥයින් සහ විද්වතුන් නිගමනය කරනු ලබන්නේ එයට අවම වශයෙන්ම හේතු 6 ක් හෝ තිබිය හැකි බවය:

• වාර්ගිය න්‍යාය – යුදෙව්වාට ද්වේශ කරනු ලබන්නේ ඔවුන් පහත් ජාතියක් හෙයිනි.

• ආර්ථික න්‍යාය – යුදෙව්වාට ද්වේශ කරනු ලබන්නේ ඔවුන් සතුව අධික ධනයක් මෙන්ම බලයක් ඇති හෙයිනි.

• පිටස්තර න්‍යාය – යුදෙව්වාට ද්වේශ කරනු ලබන්නේ ඔවුන් අනෙකුත් සියල්ලන්ටම වඩා වෙනස්වූ අය හෙයිනි.

• අන්‍යදෝෂධාරී න්‍යාය – යුදෙව්වාට ද්වේශ කරනු ලබන්නේ ඔවුන් ලෝකයේ සියලූ ගැටුම් වලට හේතුව වී ඇති හෙයිනි.

• දේවඝාතන න්‍යාය – යුදෙව්වාට ද්වේශ කරනු ලබන්නේ ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මරණයට පත් කළ හෙයිනි.

• තෝරා ගත් ජනතා න්‍යාය – යුදෙව්වාට ද්වේශ කරනු ලබන්නේ ඔවුන් “තෝරා ගනු ලැබූ ජාතිය” බව උඩගු ලෙස ප්‍රකාශ කළ හෙයිනි.

මෙම න්‍යායන් වලට යම් හරයක් තිබේද?

• වාර්ගික න්‍යායට අනුව යුදෙව්වෝ ජාතියක් නොවන බවට සත්‍යයකි. ඕනෑම සම් වර්ණයකල ඇදහිලි ක්‍රමයක හෝ ජාතියක පුද්ගලයෙකුට යුදෙව්වෙකු බවට පත් විය හැක.



• යුදෙව්වන් ධනවත් බවට සදහන් කරන ආර්ථික න්‍යායට එතරම් වැදගත්කමක් නොලැබේ. ඉතිහාසයේ සදහන් කරනුයේ 17 සිට 20 වන සියවස දක්වා කාලය තුළ විශේෂයෙන්ම පෝලන්තයේ සහ රුසියාවෙහි සිටියාවූ යුදෙව්වන් ඉතා දරුණු ලෙස දිළිඳුව සහ ඉතා අල්පයක් සහිතවූ අතරල ඔවුන් අතරෙහි යමක් ඇති අය සිටියහද ඔවුන් ව්‍යාපාර හෝ දේශපාලනමය බලපෑම් ඇති අය වූවෝ බවය.

• පිටස්තර න්‍යායට අනුව 18 වන සියවසෙහිදී බොහෝ යුදෙව්වන් සෙසු රටවල් සමග සමබර වීමට දරුණු ලෙස උත්සාහ දැරූහ. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ සමබරතාවය කරණකොටගෙන යුදෙව් විරෝධය පහවී යනු ඇති බවය. කෙසේ නමුත් තමන්ගේ ජාතිය යුදෙව්වන්ගේ පහත් ජාන කරණකොටගෙන ආසාදනයට ලක් වනු ඇතැයි අනුමාන කළාවූ අය තව තවත් යුදෙව්වන්ට ද්වේශ කරනු ලැබූහ. දෙවෙනි ලෝක සංග්‍රාමයට ප්‍රථමයෙන් මෙය ජර්මනියේ විශේෂයෙන්ම සත්‍යයක් බවට පත්විය.

• අන්‍යදෝෂධාරී න්‍යායට අනුව සෑමවිටම යුදෙව්වන් ද්වේශයට ලක් වී ඇති අය හෙයින් ඔවුන් ඉතා පහසු ඉලක්කයක් බවට පත් වෙති.

• දේවඝාතන පිළිබද අදහසට අනුව දේව වචනයේ පැහැදිලිව සදහන් කරනු ලබන්නේ යුදෙව්වන් අපරාධ සහායකයන් ලෙස කටයුතු කරනු ලැබුවත් නියත වශයෙන්ම යේසුස්වහන්සේව මරණයට පත් කරනු ලැබුවේ රෝමානුවන් බවය. යුදෙව්වන් යේසුස්වහන්සේගේ මිනීමරුවන් ලෙස උපුටා දක්වනු ලැබුබේ ඊට වසර සිය ගණනකට පසුව නොවේ. යම් පුද්ගලයෙකු විසින් කල්පනා කරනු ලබන්නේ ද්වේශ කරනු ලබන්නන් රෝමානුවන් නොවන්නේ මන්ද යනුය. යේසුස්වහන්සේම යුදෙව්වන්ට සමාව දුන් සේක (ලුක් 23:34). වතිකානුව පවා 1963 දී යේසුස් වහන්සේගේ මරණයෙන් යුදෙව්වන්ව නිදහස් කරනු ලැබූහ. කෙසේ නමුත් කිසිඳු ප්‍රකාශනයකින් යුදෙව් විරෝධය අවම කරනු නොලබයි.

• දෙවියන්වහන්සේගේ තෝරාගත් සෙනග යනුවෙන් ඔවුන්ගේ හිමිකමට අනුව ජර්මනියේ යුදෙව්වන් 19 වන ශතවර්ෂයේ අවසාන භාගයේ ජර්මනියේ සංස්කෘතියට වඩාත් හොදින් සන්සන්දනය කිරීම සදහා ඔවුන්ගේ “තෝරාගනු ලැබීම” ප්‍රතික්ෂේප කරනු ලැබූහ. කෙසේ නමුත් ඔවුන් සමූල ඝාතනයට මුහුණ දුන්හ. වර්තමානයේ සමහර කිතුණුවන් සහ මුස්ලිම්වරුන් දෙවියන්වහන්සේගේ “තෝරාගනු ලැබූ සෙනග” ලෙස හිමිකම් පාන අතරම තවමත් වැඩි කොටසක් ලෝකය ඉවසා සිටිමින් යුදෙව්වන්ට ද්වේශ කරනු ලබයි.

ලෝකයා යුදෙව්වන්ට ද්වේශ කරන්නේ මන්ද යන්නට සැබෑ හේතුව අපට ගෙන හැර පායි. අපෝස්තුළු වූ පාවුලූ අපට ප්‍රකාශ කරනු ලබන්නේ, “මාංසාකාරයෙන් මාගේ නෑයන්වූ මාගේ සහෝදරයන් උදෙසා ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන්වී ශාප ලද්දෙක් වෙන්ට පුළුවන් නම ඊටත් කැමති වෙමි. ඔව්හූ ඊශ්‍රායෙල්වරුය; පුත්‍රකමත් මහිමයත් ගිවිසුමුත් ව්‍යවස්ථාව දීමත් දේව සේවයත් පොරොන්දුත් ඔවුන්ගේය; පියවරුද ඔවුන්ගේය, මාංසාකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ පැමිණුනේත් ඔවුන්ගෙන්ය; උන්වහන්සේ සියල්ලන්ටම උතුම්වූ සදාකාල ආශිර්වාදලත් දෙවියන්වහන්සේය ආමෙන්” (රෝම 9:3–5).

සැබෑව නම් ලෝකයා යුදෙව්වන්ට ද්වේශ කරනු ලබන්නේ ලෝකයා දෙවියන්වහන්සේට ද්වේශ කරනු ලබන හෙයිනි. යුදෙව්වන් වූ කලී දෙවියන්වහන්සේගේ කුළුදුලා සහ උන්වහන්සේගේ තෝරාගත් සෙනගවේ (ද්වීතීය කථාව 14:2). යුදෙව් පීතෘවරුන්, අනාගතවකෘතවරුන් සහ දේව මාළිගාව මගින් දෙවියන්වහන්සේ දේව වචනය, ව්‍යවස්ථාව සහ සදාචාරය පාපයෙන් පිරුනු ලොව තුළට ගෙන ඒම සදහා භාවිතා කළ සේක. උන්වහන්සේ තම පුත්‍රවූ යේසුස්ක්‍රිස්තුස්වහන්සේව යුදෙව් ශරීරයක් සහිතව එවනු ලැබුවේ පාපයෙන් පිරුනු ලෝකයා ගළවා ගනු වස්ය. මේ පොළොවේ කුමාරයා වන සාතන් (යොහාන් 14:30; එපීස 2:2). යුදෙව්වන් කෙරෙහි ඇති වෛරය කරණකොටගෙන මනුෂ්‍යයාගේ මනසට විස පොවනු ලබා ඇත. යුදෙව් ජාතිය (ස්ත්‍රිය) කෙරෙහි සාතන්ගේ (මකරාගේ– වෛරය පිළිබදව එළිදරව් 12 බලන්න).

සාතන් විසින් බබිලෝනීයවරුන්, පර්සියානුවන්ල අසිරියානුවන්, ඊජිප්තුවරුන්, හිත්තිවරුන් සහ නාසිවරුන් කරණකොටගෙන යුදෙව්වන් සහමුලින් විනාශ කර දැමීමට උත්සාහ කරනු ලැබුවත් සෑම අවස්ථාවකම ඔහු අසමර්ථ විය. දෙවියන්වහන්සේ තවම ඉශ්‍රායෙල් සහ සමග කටයුතු අවසාන වී නොමැත. රෝම 11:26 හී අපට සදහන් කරනු ලබන්නේ යම්කිසි දිනෙක ඊශ්‍රායෙලය ගළවනු ලබන අතර ඊශ්‍රායෙලය තවදුරටත් නොපවතී නම් එසේ සිදුවිය නොහැක. එහෙයින් දෙවියන්වහන්සේ අනාගතය සදහා යුදෙව්වන්ව ආරක්ෂා කරනු ලබන අතරම උන්වහන්සේගේ අවසන් සැලැස්ම ඉෂ්ට වන තුරුම යුදෙව්වන්ගේ ඉතිරි කොටස සංරක්ෂණය කරනු ලබන සේක. ඊශ්‍රායලය සහ යුදෙව්වන් සදහා දෙවියන්වහන්සේගෙන් වන සැලැස්මට බාධා පැමිණවිය නොහැක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ලෝකයේ යුදෙව් විරෝධයට හේතුව කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries