settings icon
share icon
ප්‍රශ්නය

තෙල් ආලේප කිරීම ගැන බයිබලය කුමක් පවසයිද?

පිළිතුර


ශුද්ධ ලියවිල්ලේ 20 වතාවක් සදහන් කර ඇති අභිෂේක කරන ලද තෙල් පරණ ගිවිසුමේ උත්තම පූජකයාගේ සහ ඔහුගේ හිස මත වත්කර මණ්ඩපය සහ එහි ගෘහභාණ්ඩ මත ඉසීමට භාවිතා කරන ලදී. ඒවා ශුද්ධ යයි සලකුණු කර ස්වාමින් වහන්සේට වෙන් කරන්න (නික්මයාම 25:6, ලෙවි කථාව 8:30, ගණන් කථාව 4:16). එහි තුන් වතාවක් "ශුද්ධ, අභිෂේක කරනලද තෙල්" ලෙස හැඳින්වෙන අතර යුදෙව්වන්ට පෞද්ගලික පරිහරණය සඳහා එය නැවත නිෂ්පාදනය කිරීම සපුරා තහනම් විය (නික්මයාම 30:32-33). අභිෂේක තෙල් නිපදවීම සඳහා වට්ටෝරුව නික්මයාම 30:23-24 දක්වා හැඳින්වෙන අතර එහි සුවඳලාටු, කුරුදු සහ වෙනත් ස්වභාවික අමු ද්‍රව්‍යඅඩංගු විය. තෙල් හෝ අමු ද්‍රව්‍යවලට අද්භුතබලයක් ඇති බවට කිසිදු සාක්‍ෂියක් නොමැත. තෙල් නිෂ්පාදනය පිළිබඳ මාර්ගෝපදේශවල දැඩි භාවය ඊශ්‍රායෙලිතයන්ගේ කීකරුකම පිළිබඳ පරීක්‍ෂණයක් වූ අතරම දෙවියන් වහන්සේගේ ශුද්ධකම පිළිබඳ විදහා දැක්වීමක් විය.

අළුත් ගිවිසුමේ ජේද හතරක් පමණක් තෙල් ආලේප කිරීමේ පුරුද්දට යොමුවන අතර ඒ කිසිවක් එහි භාවිතය ගැන පැහැදිලි කිරීමක් නොකරයි. අපට සංදර්භය තුළ නිගමනයන්ට පිවිසිය හැක. මාර්ක් 6:13 ගෝලයන් රෝගීන් ආලේප කොට සුව කරනලදී. ලූක් 7:46 දී මරියා යේසුස් වහන්සේගේ පාද ආලේප කරන ලද්දේ නමස්කාරයේ ක්‍රියාවක් ලෙසය. යාකොබ් 5: 14 දී සභාවේ වැඩිමහල්ලන් සුවය සඳහා රෝගීන්ට තෙල් ආලේප කරන ලදී. හෙබ්‍රෙව් 1:8-9 දී ක්‍රිස්තුස් වහන්සේ ජයග්‍රාහීව නැවත ස්වර්ගරාජයට යන විට දෙවියන් වහන්සේ මෙසේ පැවසූ සේක. "දෙවියන් වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවත්නේය" දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව "ප්‍රීතිය නැමති තෛලයෙන් ආලේප කළ සේක".

වර්තමානයේ කිතුනුවන් තෙල් ආලේප කළ යුතුද? අද අප එසේ තෙල් ආලේප කළ යුතුයයි අණකරන හෝ යෝජනා කරන කිසිවක් ශුද්ධ ලියවිල්ලේ නැති අතරම එය තහනම් කිරිමට කිසිවක්ද නොමැත. ප්‍රඥාවන්ත සහ අඥානකන්‍යාවන්ගේ උපමාවේ මෙන් තෙල් බොහෝවිට ශුද්ධාත්මයාණන් වහන්සේගේ සංකේතයක් ලෙස බයිබලයේ භාවිතා වේ (මතෙව් 25:1-13). එතුමාණන්ගේ අනුග්‍රහයෙන් හා සැනසිල්ලෙන් නිරතුරුවආලේප කරමින් සියළු සත්‍යයන් කරා අප මෙහෙයවන දෙවියන් වහන්සේගේ ආත්මයේ තෙල් ආලේපය කිතුනුවන්ට ඇත. "නුඹලා ශුද්ධ තැනන් වහන්සේගෙන් ආලේපයක් ලැබ සියළු දේ දනිහුය" (1 යොහාන් 2:20).

English



නැවතත් සිංහල මුල් පිටුවට

තෙල් ආලේප කිරීම ගැන බයිබලය කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries