settings icon
share icon
ප්‍රශ්නය

ජීව වාදය නම් කුමක්ද?

පිළිතුර


ජීව වාදය වූ කලී සියලූ දේටම එනම් සත්ත්වයන්ට, පැළැටී වලට, පාෂාණ, කඳු, ගංගා සහ තාරකා යනාදියට ප්‍රාණයක් හෝ ආත්මයක් ඇති බවට විශ්වාසයවේ. ලතින් භාෂාවෙන් ඇනිමා (ප්‍රාණය) ලෙස හැදින්වේ. ජීව වාදීන් විශ්වාස කරනු ලබන්නේ ඇනිමා (ප්‍රාණය) යන්න බලවත් ආත්මයක් වන අතර එයට ඔවුනට උපකාර හෝ වේදනාවට පත් කළ හැක්කක් වන මෙන්ම එයට නමස්කාර කළ හෝ එයට භිය විට යුතු හෝ යම් ආකාරයක පිළිගැනීමක් තිබිය යුතු බවය. ජීව වාදය යනු ආදිකල්පික ආගමක් වන අතර එහි පාක්ෂිකයන් වසර දහස් ගණනක් පුරා සත්ත්වයන්ට, තාරකා වලට සහ ඕනෑම ආකාරයක රූප දේවත්වයට පමුණුවමින් සහ භූතවාදය, මායාකර්ම, නිමිතිකීම සහ ජ්‍යේතිශාස්ත්‍රය පරිශ්‍රීලනය කරන්නාවූ අයවලූන්ය. ඔවුන් විසින් විජ්ජාවන්, හූනියම්, වශී ගුරුකම්, මිථ්‍යා විශ්වාසයන්, යන්ත්‍ර, සුරයන්, කොඩිවින සහ ඔවුන්ට යක්ෂ ආත්මයන්ගෙන් ආරක්ෂා විය හැකි යැයි විශ්වාස කරනු ලබන සහ හොද ආත්මයන් සතුටු කරවා ගැනීමට හැකි කුමන දෙයක් හෝ භාවිත කරනු ලබති.

ජීව වාදයෙහි මූලිකාංග හින්දු ආගම, මෝමොන්වාදය සහ නව යුගයේ පූජාවිධි ඇතුළු බොහෝ ව්‍යාජ ආගම් තුළ විද්‍යාමානවේ. ව්‍යාජ ආගම් මගින් යම් ආකාරයකින් උගන්වනු ලබන්නේ මනුෂ්‍යයා තුළ ඇති ආත්මය සැබවින්ම දෙවියන් වන බවත් ආගමික වත් පිළිවෙත් මගින් අපට මෙය අවබෝධ කරගැනීමට සහ දේව ආත්මය වැඩි දියුණු කර ගැනීමටත් උපකාර වන හෙයින් එතුළින් අපටද දෙවියන් විය හැකි බවය. ඒදන් උයනෙහිදී ආදම් සහ ඒවව පරීක්ෂාවට ලක් කළ අවස්ථාවෙහිදී "ඔබ දෙවියන්වහන්සේට සමාන වන බව" (උත්පත්ති 3:5) යනුවෙන් සාතන් විසින් ව්‍යාප්ත කරනු ලැබුවේද එම බොරුවම වේ. දේව වචනයේ ඒකාර්ථික ලෙස සදහන් කරනු ලබන්නේ සිටින්නේ එක දෙවිකෙනෙකු බවත් අනෙකුත් සියල්ලම එනමි දේවදූතයන්ගේ සිට වෙරළේ වැලි දක්වා උන්වහන්සේ විසින් මවනු ලැබූ සේක් බවය (උත්පත්ති 1:1). එක් දෙවිකෙනෙකුට වඩා සිටින බව උගන්වනු ලබන කුමන ආගමක් වුවද උගන්වනු ලබන්නේ බොරුවකි. "මා සිටින්ට පළමුවෙන් කිසි දෙවි කෙනෙකු සාදනු ලැබුවේ නැත. මට පසුව සිටින්නේත් නැත" (යෙසායා 43:10). එමෙන්ම "මම ස්වාමින්වහන්සේය වෙන කෙනෙක් නැතත මා ඇර වෙන දෙවි කෙනෙක් නැත" (යෙසායා 45:5). ව්‍යාජ දෙවිවරුන්ට එනම් සැබැවින්ම දෙවිවරුන් නොවන්නන්ට නමස්කාර කිරීම දෙවියන්වහන්සේ විසින් විශේෂයෙන්ම ද්වේශ කරනු ලබන්නක් වන්නේ නියමානුකූලව උන්වහන්සේට අයත් වන උන් වහන්සේගේ මහිමය එතුමාණන්ගෙන් පැහැර ගනු ලබන හෙයිනි. දේව වචනයේ බොහෝ අවස්ථාවල දෙවියන්වහන්සේ විසින් ව්‍යාජ දෙවිවරුන්ට නමස්කාර කිරීම තහනම් කරනු ලබා ඇති සේක.

ඊට අමතරව දේව වචනය මගින් දැඩි ලෙස තහනම් කරනු ලබන්නේ ජීවි වාදීන්ගේ වත් පිළිවෙත්ය. "ආත්ම බන්ධනකරුවූ නොහොත් ශාස්ත්‍රකාරවූ පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ සැබවින් මරනු ලැබිය යුතුය. ඔවුන් ගල්ගසනු ලැබිය යුතුය. ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේයයි කීසේක" (ලෙවී කථාව 20:27). ජීව වාදී වත්පිළිවෙත් වූ කලී යක්ෂයින්ට මනුෂ්‍යයන්ගේ ජීවත වලට ඇතුළු වීමට ඇති විවෘත වූ දොරවල්ය. මෙවන් දෑ පරිශ්‍රීලනය කරන්නවුන්ට දේව වචනයෙහි ඉතාමත් දැඩි ලෙස දඩුවම් නියම කරනු ලබයි (ද්විතීය කථාව 18; ලෙවී කථාව 20; යෙසායා 47).

අනෙකුත් ව්‍යාජ ආගම් හා මෙන්ම ජීව වාදය හුදෙක් බොරුවේ පියා වන සාතන්ගේ තවත් කූටෝපායකි. ලොව මුළුල්ලේම බොහෝ අයවලූන් "යක්ෂයා ගොරවන සිංහයකු මෙන් කවරෙකු ගිලගනිම් දොහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය" (1 පේත්‍රස් 5:8) කරණකොටගෙන තවමත් මුළාවෙමින් පවතිති.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ජීව වාදය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries