ප්‍රශ්නය
දෙවියන් වහන්සේ හා කෝප වීම වරදක්ද?
පිළිතුර
බොහෝ මනුෂ්‍යයන්, ඇදහිලිවතුන් හා නොඇදහිලිවතුන් කාලය පුරාවටම යෙදී ඇති අරගලය නම් දෙවියන් වහන්සේ හා කෝප වීමයි. අපගේ දිවියේ ඛේදවාචකයන් උදාවුන අවස්ථාවල "දෙවියනී ඇයි" යන පැනය අපි දෙවියන් වහන්සේ ගෙන් අසමුව. සැබවින්ම අප අසනු ලබන්නේ "දෙවියනී ඇයි" යන්න නොව "දෙවියනී ඇයි මම" යන්නයි. මක්නිසාද එය අපගේ ස්වාභාවික ප්‍රතිචාරයයි. මෙම ප්‍රතිචාරය අපගේ චින්තනය / සිතා බැලීම පිළිබඳ සංචරණයන් දෙකක් ගෙන හැර දක්වයි. පළමුව, අප ඇදහිලිවතුන් ලෙස ජීවිතය පහසුවෙන් ගත විය යුතුය යන සහ දෙවියන් වහන්සේ ඛේදවාචකයන් අපට සිදුවීම වැළක්විය යුතුය යන සංකල්ප මත ක්‍රියා කරයි. එසේ සිදු නොවුන විට අපි දෙවියන් වහන්සේ සමඟ කෝප වන්නෙමුව. දෙවනුව දෙවියන් වහන්සේගේ ස්වෛරිභාවයේ ප්‍රමාණය අප හරියාකාරව වටහා නොගත් විට, සිදුවීමක් / තත්වයක්, අන්‍යයන් ගෙන් හා අපට සිදුවන හානීන් එතුමාට පාලනය කරන්නට තිබෙන හැකියාව ගැන අප එතුමා මත තබා තිබූ විශ්වාසය අපගෙන් ගිලිහේ. ඉන් පසුව අප දෙවියන් වහන්සේ හා කෝප ගන්නේ විශ්වය හා විශේෂයෙන් අපගේ ජීවිත පාලනය කරන්නට තිබෙන හැකියාව එතුමා තුල නොතිබූ බව දැනෙන විටය. එයට හේතුව වන්නේ තත්වය පාලනය නොහැකිවීම පිළිබඳව ඇතිවන ඉච්ජාභංගත්වය අපගේම පෘථග්ජන ගතිය සමඟ එකට ඇමිණීම වේ. අපට යහපත් දේවල් සිදුවන විට ඒ සියල්ල අපගේම ජයග්‍රහණයන් සේ සළකා අපටම ආරෝපණය කරගනු ලබයි. නුමුත් අයහපත් දේ සිදුවන විට එය වලක්වා නොගැනීම ගැන ක්‍ෂණයකින් දෙවියන් වහන්සේ මත දොස් පවරන්නටත් දෙවියන් වහන්සේ හා කෝප වන්නටත් අපි කඩිනම් වන්නෙමුව. එයින් අප පෙන්වා දෙනු ලබන්නේ, පළමු දෝෂය / වැරද්ද වන අපට අප්‍රසන්න වතාවරණයන්ට මුහුණ දීමට සිදු නොවන බවට අපගේ චින්තනයේ ඇති නිර්මුක්තභාවයයි.
ඛේදවාචකයන් නිවසට පැමිණීම කරණකොට ගෙන කිසිවක් අපට පාලනය කරන්නට නොහැකිය යන භයානක සත්‍යතාවය අපට හඟවා දෙයි. බොහෝවිට සිදුවීමක් / තත්වයක් අපට පාලනය කළහැකි බව පෙනුනත් සත්‍යතාවය වන්නේ එතුමාගේ මැවිල්ල එතුමා සම්පූර්ණයෙන් පාලනය කරන බවය. සිදුවන්නාවූ සෑම දෙයක් හා සිදුවීමක් දෙවියන් වහන්සේ විසින් අවසර දෙනු ලැබුවාවූ හෝ දෙවියන් වහන්සේ විසින් උපදවනු ලැබුවාවූ හා දෙකින් එකක් විය හැකිය. "ගේ කුරුල්ලන් දෙදෙනෙකු ශතයකට නොවිකුණද්ද? එහෙත් උන්ගෙන් එකෙක්වත් නුඹලාගේ පියාණන්වහන්සේ නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත. නුඹලාගේ හිස කෙස් පවා ගණන් කර තිබේ. එබැවින් භයනොවෙල්ලා: නුඹලා බොහෝ ගේකුරුල්ලන්ට වඩා වටින්නහුය" (මතෙව් 10: 29-31). සිදුවන දේවල් පිළිබඳව දෙවියන් වහන්සේට පැමිණිලි කරන්ට දෙවියන් වහන්සේ හා කෝපවන්ට, හෝ චෝදනා කරන්නට අපට හැකිය. නමුත් තවදුරටත් එතුමාව විශ්වාස කරමින්, අපගේ කැමැත්ත එතුමාගේ කැමැත්තට බලහත්කාරකමින් එක් කරන්නට උත්සුක වන උඬඟුකම නැමති අපගේ පාපයේ ස්වාභාවය පිළිගෙන, අපගේ වේදනාවන් මහත් දුක් දෝමනස්සයන් යටහත් පහත්ව එතුමාට පවරා දෙන්නේ නම් අසීරු අමාරු තත්වයන් වලින් මිදීමට එතුමාගේ සමාදානය සහ ශක්තිය ලබා දෙන්නට එතුමාට හැකිවනවා පමණක් නොව ලබා දෙනවාද ඇත (1කොරින්ති 10:13). බොහෝ කිතුණුවන්ට මෙම සත්‍යතාවය පිළිබඳව සාක්‍ෂි දැරීමටද හැකියාවක් ඇත. අපට දෙවියන් වහන්සේ හා කෝප වන්නට හේතුන් තිබිය හැකිය. නමුදු අපගේ සීමා සහිත මනසට අවබෝධ කරගත නොහැකි, අපට පාලනය කළ නොහැකි සිදුවීම් වලට කෙදිනක හෝ මුහුණ දීමට සිදුවන බව වටහා ගත යුතුය.
සියලු වතාවරණයන්හිදී දෙවියන් වහන්සේගේ ස්වෛරීභාවය අප වටහා ගත යුත්තේ එතුමාගේ වෙනත් ගුණාංග වන ප්‍රේමය, දයාව, කරුණාවන්තකම, යහපත්කම, ධර්මිෂ්ඨකම යුක්තිය සහ ශුද්ධකම හා එක්වයි. දෙවියන් වහන්සේගේ සත්‍යතාවයේ වචනය හරහා අපි, අපගේ අසීරුතාවයන් දකින කල්හි, (රෝම 8:28) අනුව ප්‍රේමණීය හා ශුද්ධ වූ දෙවියන් වහන්සේ අපගේ යහපත සඳහා සියල්ල එක්ව ක්‍රියා කරන බව පවසයි. එමෙන්ම නිශ්ප්‍රභා කරන්නට නොහැකි අඬු ලුහුඬු නැති සම්පූර්ණ වූ සැලැස්මක් හා පරමාර්ථයක් අප ගැන එතුමා සතු වේ (යෙසායා 14:24,46:9-10). අපි අපගේ ප්‍රශ්ණ දෙස වෙනස් ආකාරයකින් බැලීම ආරම්භ කරන්නෙමුව. ශුද්ධ ලියවිල්ලට අනුව මෙම ජීවිතයේ කිසි දවසක සතුට ප්‍රීතිය නිරතුරු පවත්නා එකක් නොවනු ඇත. යෝබ්තුමාද අපට මෙසේ සිහි කැඳවයි. " එසේය ගිනි පුපුරු උඩට නඟින්නා මෙන් මනුෂ්‍යයා දුක් විඳීමට උපන්නේය" (යෝබ් 5:7). දිවි ගමන ඉතා කෙටි බවත් "කරදර වලින් පූර්ණ" වූ එකක් බවත් (යෝබ් 14:1) සඳහන් වේ. පාපයෙන් ගැලවීම සඳහා ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණීම කරදර වලින් තොර වූ දිවියකට සහතිකයක් නොවේ. ඇත්ත වශයෙන් කිවහොත් යේසුස් වහන්සේ "ලෝකයේ නුඹලාට පීඩා තිබේ” "නමුත් "එතුමා ලෝකය ජය ගත් බැවින්" (යොහාන් 16:33) සියලුම කුණාටු මැද අභ්‍යන්තර සමාදානය ලබා ගැනීමේ හැකියාව අපට තිබේ (යොහාන් 14:27).
නුසුදුසු / අයෝග්‍ය කෝපය පාපය බව සහතිකයි (ගලාති 5:20, එපීස 26-27,31, කොලොස්සි 3:8). අභක්තික කෝපය ස්වයං පරාජයක් වන අතර යක්‍ෂයාට අප දිවියට පය තැබීමට අවකාශයක් සලසන අතරම අප එහිම එල්ලීගෙන සිටිය හොත් අපගේ ප්‍රීතිය සතුට විනාශ වී යනවා ඇත. කෝපය අප තුළ රැදී තිබුනහොත් තිත්තකම සහ අමනාපය අපගේ හදවත් වල හටගන්නවා ඇත. ස්වාමින් වහන්සේ ඉදිරියෙහි පව් කියා දුන් විට එතුමාගේ පව් කමාව කරණ කොට ගෙන එම සිතුවිලි එතුමා වෙත මුදා හැරිය හැක. අපගේ ශෝකය, කෝපය සහ වේදනාවන්හිදි නිරතුරුවම අපි ස්වාමින් වහන්සේගේ අභිමුඛයට යායුතු වෙමු. දාවිත්තුමා, තමාගේ රෝගී දරුවා නොනැසී පවතින පිණිස නිරාහාරයෙන්, වැළපෙමින් සහ යාච්ඤාවෙන් කරුණාවේ සිංහාසනය සිටි බවට බයිබලයේ 2 සාමුවෙල් 12:15-23 දක්වා පැවසේ. දරුවා මිය ගිය පසු නැඟිට ස්වාමින් වහන්සේ නමස්කාර කර දරුවා සිටින තැන තමන් දන්නා බවත් තමන් දවසක එම දරුවා සමඟ දෙවිදුන් අභිමුඛයේ සිටින බවත් තම මෙහෙකරුවන්ට පැවසුවේය. දරුවාගේ රෝගී තත්වයේදී දාවිත්තුමා දෙවියන් වහන්සේ ඉදිරියෙහි මොර ගැසුවේය. නමුත් ඉන් පසුව දෙවියන් වහන්සේව නමස්කාර කළේය. එය ආශ්චර්යමත් සාක්‍ෂියකි. දෙවියන් වහන්සේ අපගේ හදවත් දන්නා බැවින් සැබවින්ම අපගේ සිතෙහි ඇතිවන හැඟීම් එතුමාගෙන් සැඟවීමට ගන්නා උත්සාහය නිශ්ඵල ක්‍රියාවක් වන අතර. අපගේ ශෝකය පාලනය කර ගැනීමට සමිදුන් අභිමුඛයට ගෙන ඒම යහපත්ම ක්‍රියාව වේ. යටහත් පහත්ව අපගේ හදවත් එතුමා ඉදිරියෙහි වැගිර වුවහොත්, තව දුරටත් එතුමා මෙම ක්‍රියා කලාපය තුලින් අපද එතුමන් ලෙස වන පිණිස ක්‍රියා කරනවා ඇත.
අපගේ පහළ මායිම / යට ඉර ලෙස අපගේම ජීවිත හා අපගේ ප්‍රේමවන්තයන් ගේ ජීවිත පිළිබඳ සියල්ලෙහිදී දෙවියන් වහන්සේ විශ්වාස කළ හැකිද? සැබවින්ම අපට හැකි වේ. අපගේ දෙවියන් වහන්සේ අනුකම්පා සහිත දයාවෙන් පූර්ණවූ තැනන් වහන්සේය. ක්‍රිස්තුස් වහන්සේ ගේ ගෝලයන් ලෙස සියල්ලෙහිදී අපට එතුමා විශ්වාස කළ හැකිවේ. ඛේදවාචකයන් අපගේ ජීවිත වලට පැමිණි කළ එමඟින් අපව, දෙවියන් වහන්සේ වෙතට ළං කරගන්නටත්, ඇදහිල්ල සවි ශක්තිමත් කිරීමටත්, මෙහෙරුත්වයේ සම්පූර්ණත්වය කරා ගෙන ඒමටත් එතුමාට හැකිවේ (ගීතාවලිය 34:18, යාකොබ් 1:2-4). එවිට අන් අය සනසන සාක්‍ෂියක් වීමට හැකිවේ (2 කොරින්ති 1:3-5). එමෙන්ම එය පැවසීමකට වඩා ක්‍රියාවට නැවීම පහසු වේ. නමුත් ඒ සඳහා දවස් පතා අපගේ කැමැත්ත එතුමාගේ කැමැත්තට පවාරනය කිරීමත් දේව වචනයේ ඇති දෙවියන් වහන්සේ ගේ ගුණාංග අවංකවම අධ්‍යනය කිරීමත්, බොහෝ යාච්ඤාවෙන් ඉගෙන ගත් දේ අපගේ ජීවිත සිදුවීම් වලදී ඒවා අපටම අදාළ කර ගැනීම සිදුවිය යුතුවේ. මෙසේ ක්‍රියා කිරීමේදී අපගේ ඇදහිල්ල නොනැවතී මෙහෙරුත්වය කරා වර්ධනය වන අතර බොහෝවිට සිදු වීමට නියමිත ඊළඟ ඛේදවාචකයේදී එය තුළින් ගමන් කිරීමට දෙවිදුන් විශ්වාස කිරීම පහසුවේ.
එබැවින් ප්‍රශ්ණයට සෘජු පිළිතුර වන්නේ සැබවින්ම දෙවියන් වහන්සේ හා කෝපවීම වරදක්ය. දෙවියන් වහන්සේගේ ක්‍රියාව කුමක්දැයි හරියාකාරව නොදැන. එතුමා විශ්වාස කිරීමට ඇති නොහැකියාව හෝ අකමැත්තේ ප්‍රථිඵලය දෙවියන් වහන්සේ හා කෝප වීම වේ. දෙවියන් වහන්සේ හා කෝප වීම කරණකොට ගෙන අප කියාපාන්නේ කිසිදා දෙවියන් වහන්සේ ගෙන් සිදු නොවන එහෙත් දෙවියන් වහන්සේ වරදක් කර ඇති බවය. අප දෙවියන් වහන්සේ හා කෝප වීම, ඉච්ජාභංගත්වය හෝ දොම්නසට පත් වූ විට එය එතුමාට වැටහේද? සැබවින්ම වැටහේ. එතුමා අපගේ හදවත් හොඳින් දන්නා අතර මේ ලෝකයේ ගත කරන ජීවිතය කොරම් අසීරුද යන්නත් වේදනාකාරීද යන්නත් එතුමා හොඳින් දනී. දෙවියන් වහන්සේ හා කෝපවීම සාධාරණද? සැබවින්ම එසේ නොවේවා. දෙවියන් වහන්සේ හා කෝපවීම වෙනුවට එතුමන්ගේ අභිමුඛයෙහි අපගේ හදවත් වගුරා දෙවිදුන් ගේ සැලසුම් සම්පූර්ණ බවත් සියල්ල පාලනය කිරීමට එතුමාට හැකියාව ඇති බවත් විශ්වාස කළ යුතුවේ. English
දෙවියන් වහන්සේ හා කෝප වීම වරදක්ද?