බයිබලය කෝපය පිළිබඳව පවසන්නේ කුමක්ද?



ප්‍රශ්නය: බයිබලය කෝපය පිළිබඳව පවසන්නේ කුමක්ද?

පිළිතුර:
කෝපය පාලනය කිරීම ඉතා සූව්ශේෂ මාතෘකාවක්. කිතුනූ උපදේශකයන් පවසන්නේ ඔවුන් වෙතට පැමිණෙන 50% මිනිසුන් කෝපය පිළිබඳව ප්‍රශ්න වලින් පෙළෙන බවය. සැබවින්ම කෝපය, සන්නිවේදනය හා සබඳකම බිඳ වැටීම හා සතුට හා සෞඛ්‍ය පිරිහීමට බලපායි. අද සමාඡයේ බොහෝ විට මිනිසුන් තම කෝපය සාධාරණීයකරනය කරන අතර එහි වැරුද්ද හෙවත් වගකීම පිළිගැනීම නොකරයි. සැමදෙනාම විවිධ ආකාරයෙන් කෝපය සමඟ ගැටෙයි. නුමුත් දේව වචනයේ සඳහන් විවිධ ප්‍රතිපත්ති, කෝපය දේවාකාරයෙන් හැසිරවීමට හා පාපකාරී කෝපයෙන් මිදීමට මඟපාදයි.

කෝපය සැමවිටම පාපය නොවේ. බයිබලය අනුමත කරන කෝපය එනම් ධර්මිෂ්ඨව කෝපය පාලනය කීරිමයි. දෙවියන්වහන්සේ සැමදා උදහස් වන දෙවිකෙනෙක් වන අතර ඇදහිලිවතුන් අණ ලබා තිබුනේ උදහස් වීමටය. (ගීතාවලිය7:11, මාර්ක් 3:5, එපීස 4:26) නව ගිවිසුමෙහි සඳහන් වන ග්‍රීක වචන දෙක එනම්, කෝපයට, දැඩි ආවේගය හා ශක්තිය ද කැළඹීම හා ඇවිස්සීමයි. බයිබලයට අනුව කෝපය යනු අපගේ ප්‍රශ්න විසඳීමට දෙවියන්වහන්සේගෙන් ලද ශක්තියයි. බයිබලයෙගි සඳහන් කෝපයට උදාහරණ නම්, ගලාති 2:11-14 ට සඳහන් වන පේදුරු ඉදිරියෙහි පාවුල් තුමාගේ ඉදිරිපත් කිරීම්, නාතාන් නම් තැනැත්තා දාවිත් රඡුට විරුද්ධව යුක්තිය නොකිරීම සහ, (2 සාමුවෙල් 12) යුදෙව්වන් විසින් දේව මාළිඟාව කෙළෙසීමට විරුද්ධව දෙවියන්වහන්සේ කෝප වීම (යොහාන් 2:13-18) මෙහි කිසිවක්, තමා විසින් කෝප වීමක් නොපෙන්වන අතර එය සැබවින්ම බාහිරෙන් හෝ වෙන යම් ප්‍රතිපත්තියක ඇවෑමෙන් සිදුවුවකි.

කෝපය පාපය බවට පත්වන්නේ එය ආත්මාර්ථකාමී ස්වරූපයක් ගත් කලය. (යාකොබ්1:20), දේව අරමුණ විකෘති කිරීම හා (1 කොරින්ති10:31) විටෙක කෝපය පසුතැවිල්ලකට ලක් කරන බවය. (එපීස 4:26-27) සැබවින්ම කෝපය සඳහා වැය වන ශක්තිය, එම ප්‍රශ්නය පාලනය කිරීම සඳහා යොදා ගත හැක. කෝපයෙන් සිටින්නා එම කෝපය තමා තුළම බලපෑමක් ඇති කර ගනියි. එපීස 4:15-19 පවසන්නේ, අප සැබවින්ම ප්‍රේමයෙන්, සත්‍ය තුළින් අන් අයගේ සිත් ගොඩ නැගිය යුතුය. අපගේ මුඛයෙන් අප කිසි දිනෙක විනාශකාරී වචන නොකිය යුතුය. අවාසනාවකට, වැටෙන මිනිසෙකුගේ ලක්ෂණය නම් අන් අය හෙළා දකින පාපකාරී කථාවය. (රෝම3:13-14) කෝපය පාපය බවට පත් වන්නේ එය මැඩපැවැත්වීම වෙනුවට තවත් ඒ තුළින් කැළඹී, තවත් ප්‍රශ්නයකට මුල පිරීමෙන් බොහෝ දෙනා රිදවීමයි. (හිතෝපදේශ 29:11) සහමුළින්ම ප්‍රශ්න තබා. නැවත සෑදි නොහැකි ලෙස ප්‍රශ්න දිග් ගැස්වීමයි. කෝපය පාපය බවට පත් වන තවත් එක් හේතුවක් නම්, කෝපය නිසා සංසිදුවීමට අකමැති හා අමනාපයෙන්, සියල්ල සිතෙහි තබා ගැනීමයි. (එපීස 4:26-27) මෙය ඉතා කුඩා දෙයටත් විශාදය හෙවත් අසහනයත්, නොරුස්සන ගතියත් රැගෙන එන අතර වෙන ප්‍රශ්න වලට එළඹීමට ඉඩකඩ වැඩිය.

අපට බයිබලය තුළින් කෝපය පාලනය කර ගත හැක්කේ අපගේ ආත්කාර්ථකාමී ගති පැවතුම්) මෙම පාපොච්චාරණය දෙවියන්වහන්සේ ඉදිරියෙත්, අපගේ කෝපය නිසා දුකට පත් වූ අයගේ ඉදිරියෙහි සිදු විය යුතුය. බැන වැදීමෙන් හෝ නිදහසට කාරණා කීම අවම කළ යුතුය.

අපට කෝපය, දෙවියන් වහන්සේව අත්හදා බැලීමෙන් පාලනය කර ගත හැක. මෙය වඩාත් සුවිශේෂී වන්නේ මිනිසුන් අපව රිදවීමෙන් අපට අත්වන ඉරණම හා සමඟයි. යාකොබ්1:2-4, රෝම 8:28-29 හා උත්පත්ති 50:20 පවසන්නේ දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨ බවත් උන්වහන්සේගේ මාර්ගයට ඇතුලුවන සැම දෙනාගේ පාලනය ඔහු සතුය යන්නයි. උන්වහන්සේ අණ කරන දෙයක් මිස වෙන කිසිවක් අපට සිදු වන්නේ නැත. ගීතාවලිය 145: 8,9,17 සඳහන් කරන පරිදි, දෙවියන් වහන්සේ යහපත් දෙවියන්වහන්සේය. උන්වහන්සේ සැබවින්ම අප තුළ ඇති යහපත් දේ අපේම යහපතටත් අන් අයගේ යහපතටත් යොදවයි. අපගේ මනසින්, හදවත කරා යන මේ සැබෑ සත්‍යතාවය, අපව රිදවු අය උදෙසා අපගේ ක්‍රියාවේ වෙනස් වීම පෙන්වයි.

බයිබලයට අනුව කෝපය පාලනය කිරීදී අපට දෙවියන්වහන්සේගේ දැඩි කෝපයට බාර විය යුතුය. අයුක්තිය සිදුවන අවස්ථාවේදී එනම් නපුරු මිනිසා, අහිංසක මිනිසා ප්‍රතික්ශේප කිරීමේදී සැම විට මෙය සිදු විය යුතුය. උත්පත්ති 50:19 හා රෝම12:19 පවසන්නේ දෙවියන්වහන්සේ හා බොලඳවීම සිදු නොකළ යුතු බවය. දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ හා යුක්ති සහගතය. අපට උන්වහන්සේව විශ්වාස කළ හැක්කේ උන්වහන්සේ සියල්ල දන්නා දෙවියන් වහන්සේ නිසාය(උත්පත්ති 18:25).

බයිබලයට අනුව කෝපය පාලනය කළ හැක්කේ නපුර හොඳට නොහැරවීමෙන්ය. (උත්පත්ති 50:21, රෝම12:21) බයිබලයට අනුව මෙය අපගේ කෝපය ප්‍රේමයට හැරවීමයි.අපගේ ක්‍රියාවන් හදවතින් ගලා ගෙන එන අතර එමඟින් අපගේ ක්‍රියාවන් වෙනස් වේ (මතෙව් 5:42-48)

එනම් තවත් කෙනෙකු ගැන ඇති හැඟීම, අපගේ ක්‍රියාව අනුව අපට වෙනස් කර ගත හැක.

බයිබලයට අනුව සන්නිවේදනය මාර්ගයෙන් අපට කෝපය පාලනය කර ගත හැක. එපීස 4:15, 25:32 හි මෙහි අඩංගු ප්‍රධාන කරුණු 4 පෙන්වා දෙයි.

1. අවංකව සිටීම හා කථා කිරීම. (එපීස 4:15, 25) මිනිසුන්ට අපගේ මනස කියවීමට නොහැක.අප ප්‍රේමයෙන් සත්‍ය කථා කල යුතුය.

2. නුතනයේ පැවතීම. (එපීස 4: 26 - 27 ). අපව ගොඩනැගීමට බාධා කරන සියලු දේ අපගේ පාලනයට එහා ගෙන නොගිය යුතුය. අප කරදරයට පත් කරන සියලු දේ පිළිබඳව අප සැමවිටම සැළකිලිමත් විය යුතුය.

3. මිනිසාට නොව ප්‍රශ්නයට බලපෑම් කිරීම. (එපීස 4:29, 31) අපගේ වචනයෙහි පරීමාව සැමවිටම අවම විය යුතුය. (හිතෝපදේශ 15:1)

4. ප්‍රතික්‍රියා නොකර ක්‍රියා කිරීම (එපීස 4:31-32) අපගේ වැටීමේ ස්වාබාවය නිසා. අපගේ මුල්ම පියවර සැමවිටම පාපකාරී ස්වබාවයක් ගනී. (ප.31) අපව මර්දනය කර ගැනීමට අප යොදා ගන්නා කාලය කැපකර දෙවියන් වහන්සේගේ කැමැත්ත සිදු කල යුතුය. (ප.32) සැමවිටම උත්සහ කල යුත්තේ කෝපය මගහරවා ගැනීමය.

අවසානයේදි අප අපගේ ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු සිදු කළ යුතුය. (ක්‍රියා12 :18) අපට අනුන් සිතන ආකාරය වෙනස් කළ නොහැක. නුමුත් අපට අපගේ ප්‍රශ්න සඳහා විසඳුම් සකසා ගත හැක. කෝපය ගෙවත් ආවේගය එම රැයෙන් නිම නොවන්නකි. නුමුත් අපගේ යාච්ඤාව හා බයිබලය අධ්‍යනය කිරීම තුළින් ශුද්ධාත්මයානණ් අප හද පුරවයි. අප සැමවිටම කෝපයට ඉවහා යන්නට නොදී එය අපගේ දෛයිනික පුරුද්දක් කර ගන යුතුය.



නැවතත් සිංහල මුල් පිටුවට



බයිබලය කෝපය පිළිබඳව පවසන්නේ කුමක්ද?