settings icon
share icon
ප්‍රශ්නය

දේවදුතයන් හට අත්තටු තිබේද?

පිළිතුර


දේවදුතයකු ගැන ඇති ඉතාම සාමාන්‍ය ප්‍රතිරූපය නම් නිසැකවම ඔහු අත්තටු සහිත මනුෂ්‍යයකු වීමය. මෙය දේවවචනයට අනුකුල නැත. දේවදුතයන් මනුෂ්‍යයන් ලෙස දුෂ්‍යමාන වන බව දේව වචනයේ බොහෝ විට පෙන්වා දී ඇත. එසේම දේවදුතයන් හට අත්තටු ඇති බවට දේවවචනයේ විස්තර කර ඇත්තේ කලාතුරකිනි. චෙරුබියම් (නික්මයාම 25:20, එසකියෙල් 10) එසේම සෙරබියම් (යෙසායා 6). චෙරබියම් සහ සෙරබියම් වූ කලී වර්ග දෙකක දේවදුතයන් වන අතර, ඔවුන් දේවදුතයන් අතර ඉහලම ගනයේ දේවදුතයන්වෙති. එබැවින් සමහර දේවදුතයන්ට අත්තටු තිබෙන බව මෙමගින් පැහැදිලි වේ.

දේවවචනය මගින් අපට පෙන්වා දෙන්නේ දේවදුතයන් අධ්‍යාත්මික ජීවින් බවය. (හෙබ්‍රෙව් 1:14). එසකියෙල් 10 වන පරිච්ජේදය අනුව චෙරබියම් ගැන ඇති විස්තරය සහ යෙසායා 6 වන පරිච්ජේදය මගින් යෙරබියම් ගැන ඇති විස්තරය ඉතා අස්වාභාවිකය. එසකියෙල් සහ යෙසායා හට ඔවුන් ස්වර්ගය සහ දේවදුතයන් සම්බන්ධව දුටු දර්ශනය නිවැරදිව විස්තර කිරීමේ දී ඉතා අපහසුතාවයට පත්වු බව මෙයින් පැහැදිලි වේ. දේවදුතයන් හට අත්තටු අවශ්‍ය මන්ද යන්න ඉතා අපැහැදිලිය. අධ්‍යාත්මික ජිවයකට එහා මෙහා පියාසර කිරීමට අත්තටු අවශ්‍ය නොවේ. විශ්වයේ භෞතික න්‍යායන්ට දේවදුතයන් යටත් නොවේ.

දේවදුතයන්ට අත්තටු තිබේද? එසේය සමහර දේවදුතයන් හට අත්තටු තිබේ. කෙසේ වුවද දේවදුතයන් හට සිදු කල හැකි හෝ නොහැකි ක්‍රියාවන් සම්බන්ධව අප නිගමනය කළ යුත්තේ අපගේ සීමිත දැනුම අනුව සමහර දේවදුතයන්ට අත්තටු තිබීමත් අන් දේවදුතයන්ට එසේ අත්තටු නොතිබීමත් මත නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේවදුතයන් හට අත්තටු තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries