settings icon
share icon
ප්‍රශ්නය

දේව දූතයන් ගායනා කරත්ද?

පිළිතුර


දේව දූතයන් ගායනා කරනු ලබත්ද යන්න ඇසීම අමුතු දෙයක් ලෙස පෙනී යනු ලබයි, මන්දයත් සාම්ප්‍රදායික ප්‍රඥාව ප්‍රකාශ කරනු ලබන්නේ "සැබවින්ම ඔවුන් එසේ කරනු ලබන" බවය. දේව දූතයන් ගීත පොත් හෝ වීණාවන් හෝ තබාගෙන සංගීත නිර්මාණයෙහි යෙදී සිටින පින්තාරු දැකීම සාමාන්‍යය දෙයකි. මනුෂ්‍යයන් බොහෝ විට නත්තල් කථාව ව්‍යංගනය කරනු ලබන්නේ: යේසුස්වහන්සේ උපත ලැබූ අවස්ථාවෙහි "දේව දූතයන් එඪේරුන්ට ගායනා කරනු ලැබූ බවය, එසේ නොවේද?" ගැටළුව වන්නේ දේව වචනානුකූල නත්තල් කථාවෙහි ගායනා කිරීම පිළිබදව සදහන් කර නොතිබීමය. සැබවින්ම දේව දූතයන් ගායනා කරන බවට ශුද්ධ ලියවිලිමය සාක්ෂ්‍යය ඉතා අල්පය.

ඇතැම්විට මෙම ප්‍රශ්නය පිළිබදව ඇති ඉතාමත් පැහැදිලිම පාඨය යෝබ් 38:7 විය හැකිය. එහිදී ප්‍රකාශ කරනු ලබන්නේ ලොව මැවීමේ ක්‍රියාවලියේදී "පහන් තාරකා එක්ව ගීතිකා ගායනා කරමින් දෙවියන්වහන්සේගේ සියලූ පුත්‍රයන් ප්‍රීතී ඝෝෂා" පවත්වනු ලබන බවය. හෙබ්‍රෙව් කාව්‍යයන්හී සමාන්තරතාවයට අනුව "පහන් තාරකා" සාමාන වන්නේ "දේව දූතයන්ට" වන අතර ගායනා කිරීම සාමාන්තර වන්නේ ප්‍රීතී ඝෝෂාවන්ටය. එය තරමක් සෘජු පැහැදිලිභාවයක් ගනියි: දේව දූතයන් ගායනා කරනු ලබති. කෙසේ නමුත් "ගායනු කරනු ලැබූ" යන හෙබ්‍රෙව් භාෂාවෙන් පරිවර්තනය කරනු ලැබූ වචනය සෑම විටෙකම සංගීතය පිළිබද ඇගවීමක් කරනු නොලබයි. "ප්‍රීතී ඝෝෂාවන්" "මහත් ශබ්දයකින් කෑගැසීම" හෝ "ප්‍රීති වන්න" යනාදිය වශයෙන් එය පරිවර්තනය කළ හැකවේ. එසේම "දේව දූතයන්" ලෙස පරිවර්තනය කරනු ලැබූ වචනය නව ජාත්‍යන්තර අනුවාදයට අනුව වචනාර්ථයෙන්ම අර්ථවත් වනුයේ "දෙවියන්වහන්සේගේ පුත්‍රයන්" ලෙසය.

එළිදරව් 5 යනු දේව දූතයන් ගායනා කරනු ලබන බව අගවන තවත් පාඨයකි. 9 වන පදයෙහි කථා කරනු ලබන්නේ ස්වර්ගයෙහි "අළුත් ගීතිකාවක් ගායනා කරනු ලැබූ" බවය. ගායනා කරනු ලබන මෙම ජීවයන් වැඩිමහල්ලන් විසිහතර දෙනා සහ ජීවමාන සත්ත්වයන් සතරදෙනා – බොහෝ විට දේව දූතමය ජීවයන් විය හැකි නමුත් ඔවුන් එවැන්නන් ලෙස නිශ්චිත වශයෙන් නොහැදිනවේ. ඉන් අනතුරුව 11 වන පදයෙහි "බොහෝ දේව දූතයන් සමූහයකගේ හඩ" ඇසුනු බව සදහන්වේ. නමුත් දැන් වචන "ප්‍රකාශ කරනු ලබන" අතර නිරූපිත වශයෙන්ම "ගායනු කරනු" නොලබයි. 12 වන පදයෙහි දේව දූත සමූහයේ වචන 9 වන පදයෙහි ගීතයෙහි වචන වලට බෙහෙවින්ම සමාන වන නමුත් දේව දූතයන්ගේ වචන නිශ්චිත ලෙසම ගීතයන් ලෙසට සදහන් කරනු නොලබයි. එසේ හෙයින් එළිදරව් 5 හී දේව දූතයන් ගායනා කරනු ලබන බවට ඒකාන්ත සාක්ෂි නොමැත.

නත්තල් කථාව පිළිබදව කුමක් කිව හැකිද? ලුක් 2:13-14 හී සදහන් වනුයේ "එකෙනෙහිම ඒ දේව දූතයා සමග මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්: ඉතා උසස් තැන්හී දෙවියන්වහන්සේටෙ මහිමයද...." නැවතත් සලකා බලන්න දේව දූතයන්ගේ වචන "ප්‍රකාශ කර" තිබූ අතර නිරූපිත වශයෙන්ම "ගායනා" කර නැත. ගායනා කිරීම යනු කථන වර්ගයක් බැවින් දේව දූතයන් ගායනා කළ බවට කියැවෙන අදහස එම පාඨයෙන් බැහැර නොවන නමුත් එම පාඨය මගින් ප්‍රශ්නය සමනය නොකරයි.

කෙටියෙන් සදහන් කරතොත් දේව දූතයන් ගායනා කරන බවට දේව වචනයෙහි නියත වශයෙන් පිළිතුරු ලබා නොදේ. දෙවියන්වහන්සේ මනුෂ්‍යය වර්ගයා මවනු ලැබුවේ සංගීතයට සහ ගායනයට විශේෂයෙන්ම නමස්කාරය සම්බන්ධයෙන් සහජ සම්බන්ධතාවයක් ඇතිවය (එපීස 5:19). අප ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන කරන කළ බොහෝ විට ගායනා කරන්නෙමු. එළිදරව් 5 සහ ලුක් 2හී දේව දූතයන්ගේ වචන කාව්‍යමය ස්වරූපයෙන් ප්‍රකාශිත ප්‍රශංසා වචන වන අතර දේව දූතයන් ගායනා කරතියි යන අදහස සදහා තර්ක කරයි. දෙවියන්වහන්සේ දේව දූතයන් මවනු ලැබවේ මනුෂ්‍යයන්ට මෙන් ගායනා කිරීමට ඇති එකම ප්‍රවණතාවය හා සමගය යන්න තර්කානුකූල වේ. එනමුත් අපට ආදානග්‍රාහී විය නොහැකි වෙමු. දේව වචනය තුළ දේව දූතයන් ගායනා කළත් කථා කළත් ඔවුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා හා නමස්කාර කරනු ලැබූහ. අපද ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කරමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව දූතයන් ගායනා කරත්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries