settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ පාපයට වැටුණු දූතයන්ට පසුතැවිලිවීමට අවස්ථාවක් ලබා නොදෙන්නේ ඇයි?

පිළිතුර


බයිබලය විශේෂයෙන් සඳහන් කරන්නේ නැහැ පාපයට වැටුණු දූතයන්ට පසුතැවීමට අවස්ථාවක් ඇති බව. නමුත් අපට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් බයිබලය පවසන දෙයින්. පළමුව, සාතන් (ලුසිෆර්) ඉහළම දේවදූතයන් ගෙන් එක්කෙනෙක් විය. සමහරවිට ඉහළම එක්කෙනා විය හැක (එසකියෙල්28:14). ලුසිෆර් සහ සියලුම දේවදූතයන් දෙවියන්වහන්සේගේ අභිමුඛයේ නිතරම සිටියේ දෙවියන් වහන්සේගේ මහිමය පිළිබඳ දැන ගැනීමෙනි. එම නිසා, ඔවුන්ට කිසිම සමාවක් තිබුණේ නැහැ දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසීම හා උන්වහන්සේ වෙතින් ඈත් වීම සඳහා. ඔවුන් පරීක්ෂාවට ලක්වූයේ නැත. ලුසිෆර් සහ අනෙකුත් දේවදූතයන් දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගසමින් සිටියා ඔවුන් එය වැරදියි කියා දැන දැනත්.

දෙවනුව, දෙවියන්වහන්සේ දේවදූතයන්ට ගැලවීමේ ක්‍රමයක් සැපයූවේ නැහැ. උන් වහන්සේ මනුෂ්‍යයාට කළ ආකාරයෙන් මනුෂ්‍ය වර්ගයා පාපයට වැටුණුවිට එම වරදට කමා කිරීමට යාගයක් පිදීම අනිවාර්‍යකරා, එමෙන්ම දෙවියන්වහන්සේ සැපයුවා එම යාගය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින්. උන්වහන්සේගේ කරුණාවෙන්, දෙවියන් වහන්සේ මනුෂ්‍ය ජාතිය ගලවාගෙන උන්වහන්සේව මහිමයට පමුණුවනලදි.

එවැනි යාගයක් දේවදූතයන් උදෙසා සැලසුම් කරේ නැහැ. මීට අමතරව, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබපු දේවදූතයන්ව උන්වහන්සේ "තෝරාගත් දේවදූතයන්" ලෙස සඳහන් කරනවා (1තිමෝති 5:21). ගැලවීම සඳහා දෙවියන් වහන්සේ තෝරාගත් අයව ගලවනු ලබන බව තෝරා ගැනීම පිළිබඳ බයිබලය හා සම්බන්ධ මූල්‍යධර්මයෙන් අපි දනිමුව. එමෙන්ම දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් ඔවුන්ව වෙන්කළ නොහැක (රෝම8:38-39). පැහැදිලිවම, කැරළි ගසනු ලැබූ දේවදූතයන් දෙවියන්වහන්සේගේ "තෝරාගත් දේවදූතයන්" නොවේ.

අවසාන වශයෙන්, බයිබලයේ අපට කරුණු දක්වන්නේ නැහැ විශ්වාස කිරීමට දේවදූතයන්ට දෙවියන්වහන්සේ අවස්ථාවක් ලබා දුන්නොත් පසුතැවීමට හැකි වේවි යන බවට (1 පේත්‍රස් 5:8). පාපයට වැටුණු දූතයන් සම්පූර්ණයෙන්ම කැපවී ඇත්තේ දෙවියන්වහන්සේට විරුද්ධවාදී කිරීමට හා දෙවියන් වහන්සේගේ සෙනඟ සමඟ සටන් කිරීමට බව පෙනෙයි. බයිබලය පවසනවා දෙවියන්වහන්සේගේ විනිශ්චයේ දැඩිකම වෙනස් වෙනවා මනුෂ්‍යයෙක් වැරදි කරන්නේ ඒ ගැන කොපමණ ප්‍රමාණයක් දැන ගෙනද යන්න අනුව (ලූක්12:48). පාපයට වැටුණු දේව දූතයන් මහත් දැනුමක් ඇතුව වැරදි කරන ලදි, එමෙන්ම ඔවුන් මහත් ලෙස දෙවියන්වහන්සේගේ උදහසට සුදුස්සන් වේවි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ පාපයට වැටුණු දූතයන්ට පසුතැවිලිවීමට අවස්ථාවක් ලබා නොදෙන්නේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries