settings icon
share icon
ප්‍රශ්නය

දේව දූතයන් මොනවගේද?

පිළිතුර


දේව දූතයන් යනු ආත්මික ප්‍රාණයන්ය (හෙබ්‍රෙව්1:14), එම නිසා ඔවුන්ට කිසිම ආවේනික පෙනුමක්, භෞතික රූපයක් නැත. නමුත් දේව දූතයන්ට මිනිස් රූපයෙන් පෙනී සිටීමට හැකියාවක් ඇත. දේව දූතයන් මනුෂ්‍යයන්ට දර්ශනය වූ විට බයිබලයේ, ඔවුන් සාමාන්‍ය පිරිමියාට සමානව සිටිනවා. උත්පත්ති1:1-19 හි දෙවියන් වහන්සේ හා දේවදූතයන් දෙදෙනෙක් පිරිමින් ලෙස පෙනී සිටියා. ඇත්ත වශයෙන්ම ඔවුන් ආබ්‍රහම් සමග කෑමද අනුභව කරා. දේව දූතයන් පුරුෂයන් ලෙස පෙනී සිටියා බොහෝ වේලාවලදී බයිබලය පුරාවට (යොෂුවා5:13-14, මාර්ක්16:5), එමෙන්ම ඔවුන් කිසිමදාක ගැහැනියකු ආකාරයෙන් පෙනී සිටයේ නැත.

වෙනත් කාලවලදී, දේවදූතයන් මනුෂ්‍යයන් ලෙස දර්ශනය වූයේ නැත. නමුත් වෙනත් ලෞකික දෙයක් ලෙස ඔවුන් සමඟ සටන් කිරීමට පැමිණෙන අයට ඔවුන්ගේ පෙනුම භයංකරයි. බොහෝ විට, මෙම දූතයන්ගෙන් පළමු වචන වන්නේ "භය නොවන්න", මක්නිසාද එවැනි අතීශය භීතිය පොදු ප්‍රතික්‍රියාවක් විය. යේසුස්වහන්සේගේ සොහොන රැකවල් කරන්නත් ස්වාමින්වහන්සේගේ දූතයා දුටු විට ඔවුන් මළවුන් සේ වූහ (මතෙව්28:4). 2 ලූක් හී පිට්ටනි වල සිටි එඞේරු "අතීශයෙන් භය වූහ" ස්වාමින්වහන්සේගේ දූතයා දර්ශනය වී ස්වාමින් වහන්සේගේ තේජස ඔවුන් අවට බැබළුණු විට. භෞතික ලක්ෂණයක් ලෙස, දේවදූතයන් සමහර වේලාවට පියාපත් තිබෙන ලෙස විස්තර කර තිබෙනවා. ගිවිසුම් පෙටිටිය උඩ සිටි කෙරුබිවරුන්ගේ පියාපත් වලින් කරුණාසනය වසා තබන ලදි (නික්මයාම25:20). ස්වර්ගයේ සිංහාසනය පිළිබඳ දැක්මේදී යෙසායා පියාපත් සහිත සෙරාප්වරුන්ගේ දර්ශනයක් දකින ලදි, එක එක්කෙනාට පියාපත් හය බැගින් තිබුණේය (යෙසායා6:2). එසකියෙල්ද පියාපත් සහිත දේවදූතයන්ගේ දර්ශනයක් දකින ලදි. යෙසායා6:1-2 විස්තර කරනවා දේවදූතයන්ට මනුෂ්‍යයන්ගේ හැඩ හුරුකම්-කටහඬ, මුහුණ සහ පාද තිබෙන බව. දේවදූතයන්ගේ කට හඬින් දෙවියන්වහන්සේට ගායනා හා ප්‍රශංසා කරනවා තවත් ඡෙදයන් කිහිපයක ඇසී තිබෙනවා. දේවදූතයන් ගැන වඩාත් සම්පූර්ණ වූ විස්තර වලින් එකක් වන්නේ දානියෙල්10:5-6: "මාගේ ඇස් ඔසවා බලා, මනුෂ්‍යයෙක් සිහින් හණ රෙදි ඇඳ, ඌපාස් හී පිරිසිඳු රනින් ඉඟටිය බැඳගෙන සිටිනවා දුටිමි. ඔහුගේ ශරීරය රන්කාන්තියක් මෙන්ය, ඔහුගේ මුහුණ විදුලියේ පෙනීම මෙන්ය. ඔහුගේ ඇස් ගිනි පහන් මෙන්ය. ඔහුගේ හස්ත සහ පාද ඔප්නැගු පිත්තල මෙන්ය, ඔහුගේ වචන වල හඬ සමූහයක හඬ මෙන්ය". යේසුස්වහන්සේගේ සොහොනේ සිටි දේවදූතයා ඒ හා සමානවම විස්තර කර තිබෙනවා: "ඔහුගේ පෙනීම විදුලිය මෙන් වූහ, ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය" (මතෙව් 28:3).

දේවදූතයන්ගේ පෙනුම කුමක් වූවත්, ඔවුන් ඉතා ලස්සන යැයි විශ්වාස කිරීමට හේතුවක් තිබේ, එසකියෙල් පවසනවා අපට ලුසිෆර් "එසවී සිටියා" ඔහුගේ අලංකාරය ගැන උඩඟු කමින්. මීට අමතරව, සදහටම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින, දේවදූතයන් වැනි ප්‍රාණයන්ට අපූර්ව සුන්දරත්වයක් ඇති බවට බලාපොරොත්තු වෙනවා, මක්නිසාද දෙවියන්වහන්සේගේ මහිමය උන් වහන්සේ වටා සිටින සියළු දෙනා මත පරාවර්ථනය වන බැවින්.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව දූතයන් මොනවගේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries