ප්‍රශ්නය
දේව දූතයන්ට නිදහස් කැමැත්තක් තිබේද?
පිළිතුර
දේව දූතයන් පිළිබදව දේව වචනයේ 250 කට වඩා වැඩි වතාවක් සදහන් වූවත් ඒවා නිර්දේශ වන්නේ සාමාන්‍යයෙන් වෙනත් මාතෘකාවන්ට අනුගාමීවය. දේව දූතයන් පිළිබදව දේව වචනයේ පවසන දේ ඉගෙන ගැනීම නිසැකවම දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ මාර්ග තේරුම් ගැනීමට උපකාරී වන නමුත් දේව දූතයන් පිළිබදව ඉගෙන ගන්නා දේ සාමාන්‍යයෙන් උකහා ගත යුත්තේ නිශ්චිත විස්තර වලට වඩා ව්‍යාංගයෙන්ය.
දේව දූතයන් වනාහී පෞරුෂත්වයකින් හෙබි හැගීම් (ලුක් 2:13-14), බුද්ධියක් (2 කොරින්ති 11:3, 14), සහ කැමැත්තන් (2 තිමොති 2:26). අඩංගුවූද අධ්‍යාත්මක ජීවින් කොටසකි. සාතන් වූ කලී දේව දූතයෙක්වූ අතර ඔහුව අනුගමනය කරමින් පාපයේ නිරත වීමට අනෙකුත් බොහෝ දේව දූතයන් තීරණය කිරීම කරණකොටගෙන ඔවුන් සියල්ලන්ම ස්වර්යෙන් නෙරපා දැමූවන් වූහ (2 පේත්‍රැස් 2:4). නිදහස් කැමැත්ත සම්බන්ධයෙන් ගත් කළ මෙය ඔවුන්ගේ තෝරා ගැනීමේ හැකියාව පිළිබද ව්‍යායාමයක් බව දේව වචනය අනාවරණය කරයි (යූද් 1:6).
සමහර විද්වතුන් විශ්වාස කරනු ලබන්නේ ආදම් සහ ඒව ඒදන් උයනෙහි සිටි කාලයට සමානව දේව දූතයන් සදහා "ආධුනිකත්ව කාල පරිච්ඡේදයක්" තිබූ බවය. පාපයේ නිරත වීමට සහ සාතන්ව අනුගමනය කිරීමට තෝරා නොගත් දේව දූතයන් "තෝරාගත් දේව දූතයන්" බවට පත්ව ඇති අතර (1 තිමොති 5:21), එය ශුද්ධකමින් සනාථවේ. මෙම දේව දූතයන් "ශුද්ධ දේව දූතයන්" (මාර්ක් 8:38) මෙන්ම "ශුද්ධවන්තයන්" (ගීතාවලිය 89:5) ලෙසද හඳුන්වනු ලබති.
තෝරාගත් දේව දූතයන් ඔවුන්ගේ ශුද්ධකම සනාථ කළත් එයින් අදහස් කරනු ලබන්නේ ඔවුන්ට ඔවුන්ගේ නිදහස කැමැත්ත අහිමිව ඇති බව නොවේ. නිසැකවම සෑම ජීවමාන මැවිල්ලකටම ඕනැම අවස්ථාවක තෝරා ගැනීමක් කළ හැකිවේ. ශුද්ධ දේව දූතයන්ට පාපයේ නියැලීමට හැකියාවක් තිබිය හැකි නමුන් ඔවුන් පාපයේ නියැලෙන බවට කිසිවිටෙකත් ඉන් අදහස් නොවේ.
මෙම ප්‍රශ්නය අවබෝධ කර ගැනීමට අපට ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය පිළිබදව සලකා බැලිය හැකග ක්‍රිස්තුස්වහන්සේව "සෑම ආකාරයකින්ම… පරික්ෂා කරනු ලැබූ" (හෙබ්‍රෙව් 4:15), නමුත් උන්වහන්සේ පව් කලේ නැත. තමන්වහන්සේ ප්‍රසන්න වන දේ තෝරා ගැනීමට යේසුස්වහන්සේට හැකියාවක් තිබිණි (යොහාන් 10:17-18). කෙසේ නමුත් යේසුස්වහන්සේගේ මූලික ප්‍රමුඛත්වය වූයේ උන්වහන්සේගේ පියාණන්වහන්සේව ප්‍රසන්න කිරීම හෙයින් උන්වහන්සේ සෑම විටෙකම තෝරා ගනු ලැබුවේ එය විය (යොහාන් 4:34). ඒ හා සමානව තෝරාගත් දේව දූතයන් දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් සේවය කරනු ලබන්නේ ඔවුන් විසින් එය තෝරා ගනු ලබන හෙයින්ය; ඔවුන් දෙවියන්වහන්සේට කීකරු වන්නේ ඔවුන් එයට බොහෝ සේ කැමැත්තක් දක්වනු ලබන හෙයිනි.
මනුෂ්‍යයන්ට නිදහස් කැමැත්තක් ඇති නමුත් ඔවුන් පාපය හා සමග අරගල කරනු ලබන්නේ මනුෂ්‍යය ස්වභාවය පාපයෙන් දූෂිත වී ඇති බැවිනි. සියලූ මනුෂ්‍යයන් පව් කරනු ලබන්නේ මේ හේතුව නිසාවෙනි (රෝම 5:12) එසේම ඔවුන්ට "දුෂ්ට වීමට" වඩා "යහපත් වීම" දුෂ්කර කාර්‍යයකි. ශුද්ධ දේව දූතයන් පාපිෂ්ඨ ස්වභාවයකින් තොර වෙති. ඔවුන් පාපයට නැඹුරු නොවන නමුත් ධර්මිෂ්ඨකම කෙරෙහි නැඹුරුවී දෙවියන්වහන්සේව ප්‍රසන්න කරනු ලබන සෑම දෙයක්ම කරති.
අවසාන වශයෙන් ශුද්ධ දේව දූතයන්ට නිදහස් කැමැත්තක් ඇති නමුත් ඔවුන් පව් නොකරන බව දේව වචනයේ පැහැදිලිව සදහන් කරයි. අපෝස්තුළු වූ යොහාන් ස්වර්ගය පිළිබදව විස්තර කිරීමේදී ලියනු ලැබවේ වැළපීමත්, හැඩීමත්, වේදනාවත් තවත් නොවන්නේය කියාත් (එළිදරව් 21:4), සහ අපවිත්‍ර දෙයක්වත් පිළිකුල්වූ බොරුවූ දෙයක් කරන්නෙක්වත් කිසිසේත් එහි ඇතුළු නොවන්නේය කියාත්ය (එළිදරව් 21:27). ස්වර්ගයෙහි කොටසක් වන දේව දූතයන් පාප රහිත වූවන් වේ.
English
දේව දූතයන්ට නිදහස් කැමැත්තක් තිබේද?