settings icon
share icon
ප්‍රශ්නය

වර්තමාන කාලයේදී දේව දූතයන් මනුෂ්‍යයන්ට දර්ශනය වේද?

පිළිතුර


දේව වචනයට අනුව දේව දූතයන් මනුෂ්‍යයන්ට අනපේක්ෂිත සහ විවිධ ක්‍රම තුළින් දර්ශනය වන බව සදහන්වේ. ශුද්ධ ලියවිල්ල අක්‍රමවත්ව කියවන පුද්ගලයෙකුට දේව දූතයන්ගේ දර්ශනය වීම එක්තරා සාමාන්‍යය දෙයක් බවට අදහස් කළ හැකි නමුත් එය එසේ නොවේ. වර්තමානයේ දේව දූතයන් පිළිබදව වැඩි වෙමින් පවතින්නාවූ උනන්දුවක් දක්නට ලැබෙන අතර දේව දූතයන්ගේ දර්ශනයවීම පිළිබදව බොහෝ වාර්තා තිබේ. දේව දූතයන් සෑම ආගමකම පාහේ කොටසක් වන අතර පොදුවේ ගත් කල පණිවුඩකරුවකුගේ එම ස්වරූපයම ගනීයි. වර්තමානයේ දේව දූතයන් දර්ශනය වන බවට නිශ්චය කර ගනු සදහා මූලිකවම ඔවුන්ගේ අතිපූර්ව දර්ශනය වීම් පිළිබදව දේව වචනානුකූලවූ අදහසක් ලබා ගත යුතු වෙමු.

දේව වචනයට අනුව දේව දූතයන්ගේ මූලිකම දර්ශනය වීම දක්නට ලැබෙනුයේ උත්පත්ති 3:24 හී ආදම් සහ ඒවව ඒදන් උයනෙන් නෙරපා දැමූ අවස්ථාවෙහිදීය. දෙවියන්වහන්සේ මාර්ගය රැකවල් කරනු පිණිස කෙරුබ්වරුන්ද ගිනිමය කඩුවක්ද පිහිටවූ සේක. ඉක්බිති දේව දූතයන්ගේ දර්ශනය වීම සදහන් වන්නේ උත්පත්ති 16:7 හී වසර 1900 කට පමණ අනතුරුවය. ආබ්‍රහම්ට ඉශ්මායෙල් බිහි කර දුන් ඊජිප්තු ජාතික මෙහෙකාරියක වූ හාගර්ට නැවත හැරී ගොස් ඇයගේ ස්වාමි දුව වන සාරයි වෙත භාර වන ලෙස උපදෙස් දෙනු ලැබුවේ දේව දූතයකු විසිනි. උත්පත්ති 18:2 හී ආබ්‍රහම්ව බැහැ දැකීම පිණිස දෙවියන්වහන්සේ සහ දේව දූතයන් දෙදෙනෙකු පැමිණුන අතරම ආසන්නව සිදුවීමට නියමිතව තිබූ සොදොම සහ ගොමෝරා හී විනාශය පිළිබදව දෙවියන්වහන්සේ ඔහුට දැනුම් දුන් සේක. එම දේව දූතයන් දෙදෙනාම ලොත්වද බැහැ දැකීමට ගොස් ඔහුට උපදෙස් දෙනු ලැබුවේ ඔහුගේ පවුලේ සියල්ලන් හා සමග එහි විනාශට ප්‍රථමයෙන් එම නගරයෙන් පිටත්ව යන ලෙසය (උත්පත්ති 19:1–11). මෙම අවස්ථාවේදී ලොත්ට තර්ජනය කරනු ලැබුවාවූ දුෂ්ට මනුෂ්‍යයන්ගේ දෑස් අන්ධ කිරීම තුළින් දේව දූතයන්ගේ අධිස්වභාවික බලයද විදහා දක්වනු ලැබිණි.

යාකොබ් දේව දූතයන් මහත් සමූහයක් දුටු කල (උත්පත්ති 32:1), ඒ දෙවියන් වහන්සේගේ සමුදාව බව ඔහු එසැනින්ම හඳුනාගත්තේය. ගණන් කථාව 22:22 හී සදහන් වන පරිදි අකීකරු අනාගතවක්තෘ වරයකුවූ බාලාම්ට ඔහුගේ වැරැද්ද දේව දූතයකු විසින් පැවසූ නමුත් තම බූරුවා විසින් දුටු නමුත් බාලාම් දේව දූතයාව මුලින් දුටුවේ නැත. මෙසියස්වහන්සේගේ මැණියන් තමා වන බවට පුවත ඇයව මුණ ගැසීමට පැමිණි දේව දූතයකු මගින් පවසනු ලැබූ අතර හෙරොද්ගේ නියෝගයෙන් ආරක්ෂා වනු සදහා මරියා සහ යේසුස්වහන්සේව රැගෙන ඊජිප්තුවට යන ලෙස දේව දූතයකු මගින් අනතුරු අගවනු ලැබින (මතෙව් 2:13). දේව දූතයන් දර්ශනය වන කල ඔවුන්ව දකින පිරිස නිතරම භීතියට පත් වෙති (විනිශ්චය කාරයන්ගේ පොත 6:22; 1 ලේකම් 21:30; මතෙව් 28:5). දේව දූතයන් පණිවුඩ බෙදා හරින මෙන්ම උන්වහන්සේගේ නියෝගයන් ඉටු කරනු ලබන්නේ සමහර අවස්ථා වලදී අධිස්වභාවික විධික්‍රම තුළිනි. සෑම අවස්ථාවකදීම දේව දූතයන් මනුෂ්‍යයන් දෙවියන්වහන්සේ වෙතට යොමු කරනු ලබන අතරම උන්වහන්සේට සියලූ මහිමය ලබා දේග ශුද්ධවූ දූතයන් නමස්කාර ලැබීම ප්‍රතික්ෂේප කරනු ලබති (එළිදරව් 22:8–9).

නූතන වාර්තා වලට අනුවල දේව දූතයන්ගේ සංචාරයන් විවිධ ආකාරයන් වලට සිදුවේ. සමහර අවස්ථාවන්හීදී නාදුනන්නෙකු විසින් බරපතල තුවාළ වීමක් හෝ මරණයට පත්වීම වළක්වනු ලැබ අභිරහස් ලෙස අතුරුදහන් වනු ලබයි. අන් සමහර අවස්ථාවන්හීදී පියාපත් සහිත හෝ සුදු පැහැති ඇඳුමින් සැරසුනු ජීවියකු නිමේෂයකින් දක්නට ලැබ ඉන්පසුව නැතී වී යනු ලබයි. දේව දූතයකු දකින පුද්ගලයා බොහෝ විට සමාදානයේ සහ දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය පිළිබදව සහතිකයක හැගීමකින් පසුවේ. මේ ආකාරයේ සංචාරයන් ක්‍රියා 27:23 හී දක්නට ලැබෙන දේව වචනයේ රටාවන් හා එකගවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

වර්තමාන කාලයේදී දේව දූතයන් මනුෂ්‍යයන්ට දර්ශනය වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries