settings icon
share icon
ප්‍රශ්නය

අප අතරෙහි දේව දූතයන් සිටිත්ද?

පිළිතුර


ශුද්ධ ලියවිල්ල පුරාවටම අපට බොහෝමයක් අවස්ථාවන්හී දක්නට ලැබෙන්නේ දේව දූතයන් දෙවියන්වහන්සේගේ සැළැස්මෙහි අනුකලන කොටසක්වූ බවය. එක් පදයකින් ව්‍යංගන කරනුයේ වර්තමානයේ දේව දූතයන් අප අතරෙහි ගමන් කරනු ලබන බවය: "ආගන්තුක සත්කාර කිරීම මතක නැති නොකරන්න. මක්නිසාද එසේ කිරීමෙන් සමහරෙක් නොදැනම දේව දූතයන්ට සත්කාර කළෝය." (හෙබ්‍රෙව් 13:2) මෙය පැහැදිලි ලෙස නිර්දේශනය වන්නේ ආබ්‍රහම්ටය. මන්දයත් දේව දූත ආගන්තුකයන් ඔහුට මනුෂ්‍යය ආකාරයෙන් පෙනී සිටියහ (උත්පත්ති 18). දේව දූතයන් අපට නොදැනුවත්වම සැබවින්ම අප අතරෙහි ගමන් කරන බව මෙම පදය මගින් තහවුරු කරත් හෝ නොකරත්ය; "පෙන්වා ඇත" යන්න අතීත කාල ක්‍රියා පදයක් වන හෙයින්, ඒ කරණකොටගෙන වර්තමාන මුණගැසීම් පිළිබදව නිශ්චිතව ප්‍රකාශ නොකරයි.

දේව දූතයන් හමුවීම පිළිබදව ශුද්ධ ලියවිලිමය නිදසුන් දුසිම් ගණනක් ඇති අතර දෙවියන්වහන්සේට යම් යම් කාර්‍යයන් ඉෂ්ට සම්පූර්ණ කර ගැනීම සදහා දේව දූතයන් යොදා ගත හැකි බවත් ඔවුන් යොදා ගන්නා බවත් අප දනිමුව. අප විසින් සහතික වශයෙන් නොදන්නාවූ කාරණයක් නම් දේව දූතයන් විසින් ඔවුන්ව මනුෂ්‍යයන්ට දැකීමට ඉඩ හරිනු ලබන්නේ කොපමණ වාරයක්ද යන්නය. දේව වචනයේ දේව දූතයන් පිළිබදව සදහන් වන මූලික කරුණු නම් මේවාය: දේව දූතයන්ට මනුෂ්‍යයන්ට උපදෙස් දිය හැක (උත්පත්ති 16:9), මනුෂ්‍යයන්ට උපකාර කළ හැක (දානියෙල් 6:22), මනුෂ්‍යයන් වෙතට පණිවුඩ ගෙන යා හැක (ලුක් 1:35), දර්ශන සහ සිහිනයන්හී පෙනී සිටිය හැක (දානියෙල් 10:13), මනුෂ්‍යයන්ව ආරක්ෂා කළ හැක (නික්මයාම 23:20), එමෙන්ම දෙවියන්වහන්සේගේ සැළැසුම් ක්‍රියාත්මක කිරීමට උපකාර කළ හැක.

දෙවියන්වහන්සේ විසින් දේව දූතයන්ව මවනු ලැබූ සේක් බවත් උන්වහන්සේගේ සැළැසුම් තුළ ඔවුන්ව භාවිතා කරනු ලබන බවත් අප දනිමුව. දේව දූතයන්ට පෞද්ගලිකත්වයක් තිබෙන අතර සමහරුන්ට (ගාබ්‍රියෙල් සහ මිඛායෙල් ආදි වශයෙන්) නාමයන්ද ඇති මෙන්ම දේව දූත ධූරාවලිය තුළ සියල්ලන්ටම විවිධ වගකීම්ද පැවරී තිබේ.

එනමුත් ඔවුන් අප අතරෙහි ගමන් කරනු ලබත්ද? දෙවියන්වහන්සේට උන් වහන්සේ විසින්ම විශේෂිත ලෙස සාදනු ලැබූ සැළසුම් තුළ ඔවුන්ව භාවිතා කිරීමට තෝරා ගනු ලබන සේක් නම්, එසේය, ඔවුන්ට දෙවියන්වහන්සේගේ කැමැත්ත කරමින් නිසැකවම අප අතරෙහි ගමන් කළ හැක. දේව දූතයන් පිළිබදව උත්පත්ති සහ එළිදරව් යන පොත්හී සදහන් වන අතර ඔවුන් මේ ලෝකය මැවමේ ක්‍රියාවලියද සාක්ෂි දරූහ (යෝබ්‍ 38:7). දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේගේ ස්වර්ගික සේනා සමූහය කාලය ආරම්භයේ සිටම භාවිතා ලැබූ අතර ශුද්ධ ලියවිල්ලට අනුව කාලය අවසානයේදීද ඔවුන්ව භාවිතා කරනු ලබන සේක. තමන් නොදැනුවත්වම බොහෝ දෙනා වර්තමානයේ දේව දූතයන් දැක තිබීම මුළුමනින්ම පාහේ විය හැක්කකි.

දේව දූතයන් අප අතරෙහි ගමන් කරනු ලබත් නම් එසේ වන්නේ ඔවුන් දෙවියන්වහන්සේ විසින් නියම කරනු ලැබූ අභිප්‍රාය ඉෂ්ට කරනු ලබන හෙයිනි. විනාශ කිරීම හැර වෙනත් අභිප්‍රායන් නොමැත් පොළොවෙහි සැරි සරනු ලබන යක්ෂයන් පිළිබදව දේව වචනයේ සදහනවේ (මතෙව් 12:43-45). සාතන්ට සහ ඔහුගේ යක්ෂ සේනාවට බොහෝ විට ශාරිරිකව පෙනී සිටිය හැක්කේ ශුද්ධ දේව දූතයන්ට හැකිවාක් මෙනි. සාතන්ගේ අභිප්‍රාය නම් මුළා කිරීම සහ මරා දැමීමය. සාතන් "ලෝකයේ දූතයකුගේ වෙස් ගනියි" (2 කොරින්ති 11:14).

වැදගත් සටහනක් නම්: දේව දූතයන් වනාහී මහිමයට හෝ නමස්කාරයට ලක් කල යුත්තෝ නොවෙති (කොලොස්සි 2:18). දේව දූතයන් වූ කලී දෙවියන් වහන්සේගේ කැමැත්ත ක්‍රියාත්මක කරනු ලබන්නන් වන අතර ඔවුන්ද අප හා සමග "සෙසු සේවකයන්" ලෙස හඳුන්වනු ලබති (එළිදරව් 22:9).

දේව දූතයන් සමග මුණගැසීම් අපට සැබවින්ම අත්දැකීම කෙසේ වෙතත් ඉතාමත්ම වැදගත් දේ වන්නේ අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගැළවීම අත්විදිමට හැකිවීමය. උන්වහන්සේ වනාහී සියලූ දේව දූතයන් සහ මනුෂ්‍යයන් අභිබවා ගොස් ඇති අතර සියලූ නමස්කාරය ලැබීමට සුදුසු වන්නේ උන්වහන්සේ පමණකි. "ඔබම ඔබ පමණක්ම ස්වාමින්වහන්සේය; ඔබ ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද එහි සියලූ සේනාවන්ද පොළොව සහ එහි මතුපිට ඇති සියල්ලද සමූද්‍රය සහ එහි ඇති සියල්ලද මැවූ සේකල ඔබම ඒ සියල්ල රක්ෂණය කරන සේක; ස්වර්ග සේනාවද ඔබට නමස්කාර කරති" (නෙහෙමියා 9:6).

English



නැවතත් සිංහල මුල් පිටුවට

අප අතරෙහි දේව දූතයන් සිටිත්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries