settings icon
share icon
ප්‍රශ්නය

දේව දූතයින් පිළිබඳව බයිබලයේ සඳහන් කරන්නේ කුමක්ද?

පිළිතුර


දේව දූතයින් පුද්ගලික ආත්මික පුද්ගලයෙක්, ඔහුට බුද්ධිය, හැඟීම් හා කැමැත්තක් ඇති. මෙය යහපත් හා අයහපත් (යක්‍ෂයින්) දූතයන් යන දෙවර්ගයටම පොදුවූ සත්‍යක්. දේව දූතයන්ට බුද්ධිය සතුය (මතෙව් 8:29; 2 කොරින්ති 11:3; 1 පේත්‍රැස් 1:12), හැඟීම් පෙන්වාදෙයි (ලූක් 2:13; යකොබ් 2:19; එළිදරව් 12:17) හා ස්වකැමැත්ත ක්‍රියාත්මක කරයි (ලූක් 8:28-31; 2 තිමෝති 2:26; යූද් 6). දේව දූතයින් ආත්මික පුද්ගලයෙක් (හෙබ්‍රෙව් 1:14) සැබෑවූ ශරීරයක් නැති. ඔවුනට ශරීරයක් නොමැති වූවත් ඔවුනට පුද්ගලිකත්වයක් ඇත.

ඔවුන් මවනු ලැබූ (සත්වයන්) පුද්ගලයන් නිසා ඔවුන්ගේ දැනුම සීමා සහිතයි. ඉන් අදහස් වන්නේ දෙවිඳුන් දන්නා සියල්ල ඔවුන් නොදන්නා බවය (මතෙව් 24:36). නමුත් මනුෂ්‍යන්ට වඩා වැඩි දැනුමක් ඔවුන් සතු බවට පෙනේ, කෙසේ වෙතත් කරුණු තුනක් හේතු කොටගෙන. පළමුව, දේව දූතයන්ව මවනු ලැබුවේ මනුෂ්‍යන්ට වඩා මදක් ඉහලින් සිටින තත්වයන් ලෙසටයි. එමනිසා ඔවුන් ස්වභාවයෙන්ම බුද්ධියක් ඇති අයවේ. දෙවනුව, දේව දූතයන් බයිබලය හා ලෝකය පිළිබඳව හදාරනවා මනුෂ්‍යන් එයින් ගන්නා දැනුමට වඩා එයින් ලැබෙන ලෙසට (යාකොබ් 2:19; එළිදරව් 12:12). තෙවනුව, දේව දූතයන් මනුෂ්‍යන්ගේ ක්‍රියාකාරකම් දෙස බොහෝ වර බලා සිටීමෙන් දැනුම ලබා ගනී. මනුෂ්‍යන් මෙන් නොව දේව දූතයන්ට අතීතය අධ්‍යනය කිරීමක් අවශ්‍ය නැත. ඔවුන් එය අත් දැක තිබෙනවා. එම නිසා ඔවුන් දන්නවා අන් අය තත්වයන් තුළ ක්‍රියා හා ප්‍රති ක්‍රියා කර ඇත්තේ කෙසේද? හා විශාල ප්‍රමාණින් අනාවැකි නිවැරදිව ප්‍රකාශ කර හැක, අප මේ තත්වය තුළ කෙසේ ක්‍රියා කරයිද යන්න පිළිබඳව.

ඔවුන්ට ස්වකැමැත්තක් තිබුණට, දේව දූතයන්, සියලු සත්වයන් මෙන් දේව කැමැත්තේ එක් විෂයකි. යහපත් දේව දූතයින්ව දෙවියන් වහන්සේ විසින් ඇදහිලිවතුන්ට උපකාර කිරීම පිණිස එවා ඇත (හෙබ්‍රෙව් 1:14). මෙන්න සමහර ක්‍රියාකාරකම් බයිබලයේ දේව දූතයන්ට ආරෝපණය කරන. ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරයි (ගීතාවලිය 148:1-2; යෙසායා 6:3). ඔවුන් දෙවියන් වහන්සේව නමසාකාර කරයි (හෙබ්‍රෙව් 1:6; එළිදරව් 5:8-13). දෙවියන් වහන්සේ කරන සියල්ල තුළ ඔවුන් ප්‍රීති වේ (යෝබ් 38:6-7). ඔවුන් දෙවියන් වහන්සේට සේවය කරයි (ගීතාවලිය 103:20; එළිදරව් 22:9). ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියි (යෝබ් 1:6, 2:1). දෙවියන් වහන්සේගේ විනිෂ්චයේ භාජනයි ඔවුන් (එළිදරව් 7:1; 8:2). ඔවුන් යාච්ඤා වලට පිළිතුරු ගෙන එයි (ක්‍රියා 12:5-10). ඔවුන් මනුෂ්‍යන් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ගෙන ඒමට ක්‍රියා කරයි (ක්‍රියා 8:26; 10:3). ඔවුන් කිතුනුවන්ගේ පිළිවෙල, ක්‍රියා, දුක්විඳීම් ගැන විමසිලිමත් වේ (1 කොරින්ති 4:9; 11:10; එපීස 3:10; 1 පේත්‍රැස් 1:12). භයානක අවස්ථාවක ධෛර්ය්‍යමත් කරයි (ක්‍රියා 27:23-24). ඔවුන් ධර්මිෂ්ඨයන්ගේ මරණය අවස්ථාව ගැන සැලකිලිමත් වේ (ලූක් 6:22).

දේව දූතයන් සම්පූර්ණයෙන්ම මනුෂ්‍යන්ට වඩා වෙනස්. මනුෂ්‍යන් මරණෙන් පසු දේව දූතයන් නොවේ. දේව දූතයන් කිසිම අවස්ථාවක හා මේ වන විට කිසිම ලෙසකින් මනුෂ්‍යන් බවට පත්වෙලා හෝ වෙන්නේ නැත. දෙවියන් වහන්සේ දේව දූතයන්ව මැව්වා මනුෂ්‍යන් මැවූසේ. නමුත් බයිබලයේ කිසි තැනක ප්‍රකාශ වෙන්නේ නැහැ දේව දූතයන් දෙවියන් වහන්සේගේ ස්වභාවයට මවන ලද බවට මනුෂ්‍යන් මවා ඇති ලෙසට (උත්පත්ති 1:26). දේව දූතයන් යම්තාක් දුරට ආත්මික පුද්ගලයන්, ශාරීරික ස්වභාවයන් දරණ. මනුෂ්‍යන්ට මුල සිටම ශරීරයක් ඇත, නමුත් ආතාමික දර්ශනයක් සහිතව. ප්‍රධානම දෙය ශුද්ධ දේව දූතයන්ගෙන් අපට ඉගෙන ගැනීමට ඇත්තේ නම් ඔවුන් ක්‍ෂණික, ප්‍රශ්න රහිතවූ, දෙවියන් වහන්සේගේ ආඥාවලට කීකරු වීමයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව දූතයින් පිළිබඳව බයිබලයේ සඳහන් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries