settings icon
share icon
ප්‍රශ්නය

දේවදුතයන් පිළිබද දේව ධර්මය යනු කුමක් ද?

පිළිතුර


දේවදුතයන් පිළිබද දේව ධර්මය යනු දේවදුතයන් පිළිබධදව ඉගැන්වීම් වේ. වර්ථමානයේ දේවදුතයන් පිළිබදව, දේවවචනයට පටහැනි ඉගැන්වීම් තිබේ. දේවදුතයන්, මියගිය මනුෂ්‍ය ආත්ම බව සමහරු විශ්වාස කරයි. එසේම අන් අය අමනුෂ්‍ය බලයක් යැයි විශ්වාස කරයි. තවත් සමහරු දේවදුතයන් පිළිබදව විශ්වාස නොකරයි. නමුත් දේවවචනය, දේවදුතයන් පිළිබදව තිබෙන වැරදි මතයන්, නිවැරදිව උගන්වන්නේය. දේවදුතයන් මනුෂ්‍යයන්ට සම්බන්ඳ වී, දෙවියන්වහන්සේගේ කැමැත්ත කරමින් සේවය කරන ආකාරය දේවවචනය උගන්වයි. දේවදුතයන් පිළිබද වැදගත් කරුණු කිහිපයක් පහත සඳහන් වේ.

දේවවචනය, දේවදුතයන් පිළිබඳව උගන්වන්නේ කුමක් ද? දේවදුතයන් මනුෂ්‍යයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මැවිල්ලක් වේ. මනුෂ්‍යයන් මිය ගිය පසු දේවදුතයන් බවට පත් නොවේ. දේවදුතයන් කිසිකළක මනුෂ්‍යයන් ලෙස සිටියේවත් සිටින්නේවත් නැත. දෙවියන්වහන්සේ මනුෂ්‍යයන් හා දේවදූතයන් වෙන වෙනම මැව් සේක.

දේවදූතයන් ස්ත්‍රි පක්ෂ ද පුරුෂ පක්ෂ ද? දේවදුතයන්ගේ ලිංගික භාවය ස්ත්‍රි හො පුරුෂ ලෙස දෙවවචනයේ සඳහන් නොවේ. දේවදුතයන්ගේ ලිංගික භාවය කුමක් වුවත්, දෙවවචනයේ දේවදුතයන් ගැන පවසන සෑම ස්ථානයකදිම පුරුෂ භාවයක් ගනි. එනම් උත්පත්ති 19:10-12, එළිදරව් 7:2, 8:3, 10:7 යන පද බලන්න. එසේම දේවදුතයන්ගේ නම් ලෙස සඳහන් වන්නේ මිකායේල් සහ ගාබ්‍රියේල් යන පුරුෂ ලිංග නම් ලෙසිනි.

අපට ආරක්ෂාවට දේවදුතයන් සිටිනවාද? යහපත් දේවදුතයන් ඇදහිලිවතුන් ආරක්ෂා කිරිම හා උපකාර කිරිම ගැන සැකයක් නොමැත. එසේම දේවදරුවන්ට මග පෙන්වීම, එළිදරව් කිරිම හා පොදුවේ උපස්ථාන කිරිම දේවදුතයන් විසින් කරයි. එක් එක් පුද්ගලයෙකුට හෝ ඇදහිලිවන්තයෙකුට නියම කල දේවදුතයෙක් සිටි දැයි අමාරු ප්‍රශ්ණයකි.

දෙවියන්වහන්සේගේ දේවදුතයන් කව්ද කුමක්ද? දේවදුතයන් ගැන පැහැදිලි හැදින්වීමක් දෙවවචනයේ සඳහන් නොවේ. නමුත් බොහෝ වැදගත් නිදසුන් මගින් දෙවවචනයේ දේවදුතයන් ගැන හදුන්වයි.

කේරුබ්වරු යනු කව්ද? කේරුබ්වරුන් නම් දේවදුතයන්ද? කේරුබ්වරු ස්වාමින් වහන්සේට ස්තුති කරමින් නමස්කාර කිරිම සඳහා සිටින දේවදුතයන් වේ. එසේම ස්වාමින් වහන්සේට ප්‍රශංසා ගී ගායනා කරමින් සෙනඟ අතර දේව අභිමුඛය තුල දේව මහිමය හා තේජස එළිදරව් කරයි.

සේරාප්වරු යනු කව්ද? සේරාප්වරු නම් දේවදුතයන්ද? සේරාප්වරු ගැන දේවවචනයේ සඳහන් වන එකම ස්ථානය යේසයා 6 වන පරිච්ඡෙදය වේ. අනාගතවතෘ යෙසායා දේවමාළිගාව ගැන දුටු දර්ශනයේ, මෙම සේරාප්වරු ගිනිමය ලෙස සේවය කළ දේවදුත කණ්ඩායමක් වේ.

දේවදුතයන් පිළිබඳ දේව ධර්මය ඉගෙනගන්නා විට දෙවියන්වහන්සේ ඔහුන්ට විශේෂ ස්ථානයක් දී තිබෙන බව දැකිය හැක. දෙවියන්වහන්සේට කිකරු වී උන්වහන්සේට නමස්කාර කිරිම ඔහුන්ගේ කාර්යය වුහ.

සමහරවිට දෙවියන්වහන්සේ අප අතරටත් දේවදුතයන් යවන සේක. එම නිසා, යක්ෂ ආත්ම හා දේවදුතයන් අතර වෙනස හඳුනාගැනීම සඳහා දේවදුතයන් පිළිබඳ දේව ධර්මය ඉගෙනගැනිම වැඳගත් වේ. දෙවියන්වහන්සේ, මනුෂ්‍යයා මැව් ලෙසම දෙවදුතයන්ද මැව් සේක. එම නිසා දේවදුතයන්ට නමස්කාර කිරිම හෝ යාච්ඤා කිරිම වැරදි ක්‍රියාවකි. සියලුම ගෞරවය හා මහිමය දේවදුතයන්ට පමණි. අප උදෙසා මැරුණේ, අපට ප්‍රේම කළේ, අප ගැන සලකන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයණන් වහන්සේ පමණයි.

දේවදුතයන් පිළිබඳ මූලික පදය-හෙබ්‍රෙව් 1:14 “ඔහුන් සියල්ලෝම ගැළවීම උරුමය ලබන්ට සිටින්නන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝය.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේවදුතයන් පිළිබද දේව ධර්මය යනු කුමක් ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries