settings icon
share icon
ප්‍රශ්නය

සාතන් ආලෝකයේ දූතයෙකු ලෙස වෙස්වලාගෙන සිටින බව එයින් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


අන්ධකාරය සහ ආලෝක යන පුරහා යහපත සඳහා රූපකවේ. යමෙකු ආලෝකයේ දූතයෙකු දුටුවහොත්, එය ස්වයංක්‍රීයව හොඳ ජීවියෙකු ලෙස පෙනෙනු ඇත, මන්ද නපුර අන්ධකාරය හා හොඳ ආලෝකය සමඟ සහ සම්බන්ධය මිනිස් ඉතිහාසයේ ප්‍රබල පුරා වෘත්තයකි. බයිබලයෙහි ආලෝකය සත්‍යය සඳහා අධ්‍යාත්මික රූපකයක් වන අතර දෙවියන් වහන්සේගේ වෙනස් නොවන ස්වභාවය (යාකොබ්1:17). දෙවියන්වහන්සේ මුළුමනින්ම යහපත් හා සත්‍යවාදී බව තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා එය නැවත නැවතත් බයිබලයේ භාවිතාවේ (1 යොහන් 1:5). අප "ආලෝකයේ"සිටිනවිට අපිඋන්වහන්සේසමඟසිටිමු (1 පේත්‍රැස් 2:9). ආලෝකයට උන්වහන්සේ හා එක්වන ලෙස උන්වහන්සේ අපට අවවාද කරයි (1 යොහන් 1:7), මන්ද අපට ආලෝකය ලබාදීම උන්වහන්සේගේ අරමුණ විය (යොහන් 12:46). ආලෝකය යනු ප්‍රේමය වාසය කරන සහ සුවපහසු ස්ථානයකි (1 යොහන් 2:9-10). දෙවියන්වහන්සේ ආලෝකය මැව්වේය (උත්පත්ති 1:3), ආලෝකයේ වාසය කරයි (1 තිමෝති 6:16) සහ මිනිස් හදවත් තුළ ආලෝකය තබයි, එවිට අපට උන්වහන්සේව දැක දැන ගැනීමටත් සත්‍යය තේරුම් ගැනීමටත් හැකිවේ (2 කොරින්ති 4:6).

ඉතින්, 2 කොරින්ති 11:14 හි "සාතන් ආලෝකයේ දූතයෙකු ලෙස වෙස්වළාගෙන සිටින"බව පවසනවිට, එයින් අදහස් කරන්නේ රැවටීම සඳහා සාතන් අපගේ ආලෝකයට ඇති ප්‍රේමය උපයෝගී කර ගන්නා බවයි. ඔහුට අවශ්‍ය වන්නේ ඔහු යහපත්, සත්‍යවාදී, ප්‍රේමණීය හා බලවත් යැයි අප සිතනවාටයි. තමා අඳුරු කෙනෙකු ලෙස නිරූපනය කිරීම, අං සහිත යක්ෂයාවීම බහුතරයකට එතරම් ප්‍රිය නොවනු ඇත. බොහෝ මිනිසුන් අන්ධකාරයට නොව ආලෝකයට ඇදීයයි. එමනිසා, සාතන් අපව තමාට සහ ඔහුගේ බොරු වෙතට ඇද ගැනීමට ආලෝකයේ මැවිල්ලක් ලෙස පෙනී යයි.

දෙවියන්වහන්සේගේ ආලෝකය සහ සාතන්ගේ ආලෝකය කුමක් දැයි අපට දැන ගත හැක්කේ කෙසේද? ගැටුම්කාරී පණිවිඩ මගින් අපගේ මනස හා හදවත් පහසුවෙන් ව්‍යාකූලවේ. අප නිවැරදි මාර්ගයේ යන බවට සහතික කර ගන්නේ කෙසේද? 119 වන ගීතිකාවේ "ඔබගේ වචනය මාගේ පාදවලට පහනක්ය, මාගේ මාවතට ආලෝකයක්ය" (105 පදය) සහ "ඔබේ වචන දිග හැරීමෙන් ආලෝකය ලැබේ; එය සරල අයට අවබෝධය ලබා දෙයි" (130 පදය). දෙවියන්වහන්සේගේ වචන වලට බලය ඇත. දෙවියන්වහන්සේගේ කටහඩ භෞතික ආලෝකය පැවැත්මට කථා කළාක් මෙන්, එයට අපගේ හදවත් තුළට අධ්‍යාත්මික ආලෝකය කථා කළ හැකිය. උන්වහන්සේගේ හඩට නිරාවරණයවීම — උන්වහන්සේගේ වචනයෙන් — දෙවියන්වහන්සේගේ යහපත් ආලෝකය සහ ව්‍යාජදේ අතර වෙනස හඳුනා ගැනීමට අපට උපකාරීවේ.

සාතන් අපට පාපය ප්‍රසන්න හා ප්‍රිය මනාප දෙයක් ලෙස ඉදිරිපත් කරන අතර බොරු ඉගැන්වීම් ඥානාලෝකය හා ජීවිතය වෙනස් කිරීමක් ලෙස ඉදිරිපත් කරයි. දෙවියන්වහන්සේගේ සත්‍යය නොදන්නා නිසා මිලියන ගණනක් ඔහුගේ රැවටීම් අනුගමනය කරති. යෙසායා 8:20-22 විස්තර කරන්නේ වචනය නොසලකා හැරීමෙන් ඇති වන අන්ධකාරයයි. සාතන්ගේ බොරුවෙන් රැවටී ඊශ්‍රායෙලයේ ජනයා සත්‍යය සොයමින් සිටිති. යෙසායා මෙසේ පවසයි. "ඉගැන්වීමට හා සාක්ෂියට! ඔවුන් මෙම වචනයට අනුව කථා නොකරන්නේ නම්, ඒ ඔවුන්ට උදාව නොමැති නිසාය. ඔවුන් බොහෝ දුක්ඛිත හා කුසගින්නෙන් පෙළෙන දේශය පසුකර යනු ඇත. ඔවුන් කුසගින්නෙන් පෙළෙනවිට, ඔවුන් කෝපයට පත්වී, ඔවුන්ගේ රජුට සහ ඔවුන්ගේ දෙවියන්වහන්සේට විරුද්ධව පිලිකුල් සහගත ලෙස කතා කොට ඔවුන්ගේ මුහුණු ඉහළට හරවනු ඇත. ඔව්හු පොළොව දෙස බලනු ඇත. එහෙත්, දුක්වේදනා සහ අන්ධකාරය, ශෝකයේ අඳුරය. ඔවුන්ව ඝන අන්ධකාරයට ඇද දමනු ලැබේ."

අන්ධකාරය යනු දේවවචනය නොමැතිව සත්‍ය සෙවීමට උත්සාහ කිරීමේ ප්‍රතිපලයකි. කනගාටුවට කරුණක් නම්, යෙසායා පවසන පරිදි, මිනිසුන්ට "උදය" නොමැතිවිට, ඔවුන් අන්ධකාරයේ සැරිසරමින් බොහෝවිට දෙවියන් වහන්සේ කෙරෙහි කෝපවී, උපකාරය සඳහා උන්වහන්සේ වෙතට පැමිණීම ප්‍රතික්ෂේප කරති. ආලෝකයේ දූතයෙකු ලෙස සාතන්ගේ වෙස්මුහුණු එතරම් පලදායී වන්නේ මේ නිසාය. එය සුදු පැහැයෙන් කළු පැහැයටත් කළු පැහැයෙන් සුදු පැහැයට හැරෙන අතර දෙවියන්වහන්සේ බොරුකාරයා බවත්, අන්ධකාරයේ උල්පත උන්වහන්සේ බවත් විශ්වාස කිරීමට අපව පොළඹවයි. එවිට, අපගේ විපතේදී, අපව ගලවා ගත හැකි එකම තැනැත්තා කෙරෙහි අපගේ වෛරය යොමු කිරිමට උත්සහා කෙරේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සාතන් ආලෝකයේ දූතයෙකු ලෙස වෙස්වලාගෙන සිටින බව එයින් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries