settings icon
share icon
ප්‍රශ්නය

මරණයේ දූතයෙකු සිටිනවාද?

පිළිතුර


නොයෙක් ආගම් "මරණයේ දූතයා" ගැන අදහස් ඉදිරිපත් කර තිබෙනවා. "මරණයේ දූතයා" යුදෙව් ආගමේ සාම්යෙලි, සරියෙල් හා අස්රියෙල් ලෙසත්, ඉස්ලාම් ආගමේ ලෙසත්, හින්දු ආගමේ යම හා යම රජු ලෙසත් සහ පොදු කල්පිතයේ ලෙසත් මරණයේ දූතයා හඳුන්වනු ලබයි. නොයෙකුත් පුරාණ ප්‍රබන්ධයන් වල මරණයේ දූතයා මවා ගෙන ඇත්තේ, දිග කබායක් ඇඳගත් ඇටසැකිලි රූපයක් ඇති, දෑකැත්තක් අතේ ඇති කෙනෙකු ලෙස සිටින ලස්සන කාන්තාවක් හෝ කුඩා දරුවෙක්ය. තොරතුරු වෙනස්ව පවතින තෙක්, මරණයේ මොහොතේදී එම මධ්‍ය විශ්වාසයන් පුද්ගලයා වෙත පැමිණෙයි. එම පුද්ගලයාගේ ආත්මය මරණයේ ස්ථානයට රැගෙනයාමේ අරමුණත් සමඟම ඇත්ත වශයෙන්ම මරණයට හේතුවක් වීම හෝ එය සරලව සිදු වෙයි.

"මරණයේ දූතයා" යන සංකල්පය බයිබලයේ උගන්වා නැත. බයිබලයේ කිසිම තැනක මරණයට භාර වූ විශේෂ දූතයෙකු ඇති බව හෝ පුද්ගලයෙකු මැරුණු විට කවුරුන් හෝ ඉදිරිපත් වන බව උගන්වා නැත. 2 රාජාවලිය 19:5 විස්තර කරනවා ඉශ්‍රායෙල් ආක්‍රමණයට ආ අසිරියාවරු 185000 ක් දූතයෙක් මරණයට හෙලන බව. නික්මයාම 12 වන පරිච්ඡේදයේ සමහරක් දකින්නට පුළුවන්, දුතයෙක්ගේ ක්‍රියාවක් ලෙස ඊජිප්තුවේ කුලුඳුලන් ගේ මරණය. එහෙත් මෙය සිදු විය හැක, බයිබලය කිසිම තැනක කුලුඳුලන්ගේ මරණය දූතයෙකුට විශේෂනයක් දක්වන්නේ නැහැ. කුමන කරුණක් වුවද, ස්වාමින්වහන්සේගේ අණට අනුව මරණයට හේතුවන දේවදූතයන් ගැන බයිබලයෙහි විස්තර කරයි. ලියවිල්ලේ කිසිම තැනක උගන්වන්නේ නැහැ මරණයට සුවිශේෂී වූ දූතයෙකු ඇති බව.

දෙවියන්වහන්සේ හා දෙවියන්වහන්සේ පමණක්, අපගේ මරණයේ වේලාවක් ගැන අධිපති කම් කරයි. දූතයෙකුට හෝ යක්ෂයෙකුට කිසිවක් දැන ගන්නට බැහැ අපගේ මරණයට හේතුව දෙවියන්වහන්සේ එය සිදු වීමට අපේක්ෂා කරන කාලයට පෙර. රෝම6:23 සහ එළිදරව් 20:11-15 අනුව, මරණය යනු වෙන් වීමයි, අපගේ ශරීරයෙන් (භෞතික මරණය) අපගේ ආත්මය වෙන් කිරීම සහ නොඇදහිලිවන්තයන් සම්බන්ධයෙන්- දෙවියන්වහන්සේගෙන් සදාකාල වෙන් වීම (සදාකාල මරණය). මරණය යනු සිදුවන යම්කිසි දෙයකි. මරණය යනු දේවදූතයෙකු නෙමෙයි, යක්ෂයකු, පුද්ගලයෙකු හෝ වෙන කිසිම ජීවියෙක්. දූතයන්ට මරණයට හේතුවක් විය හැක, සමහර විට අපගේ මරණයට පසු සිදුවන දෙයට සම්බන්ධ විය හැක-නමුත් "මරණයේ දූතයා" වැනි දෙයක් නැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මරණයේ දූතයෙකු සිටිනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries