settings icon
share icon
ප්‍රශ්නය

ගාබ්‍රියෙල් දේවදූතයා ගැන බයිබලය පවසන්නේ කුමක්ද?

පිළිතුර


ගාබ්‍රියෙල් දේවදූතයා දෙවියන්වහන්සේ වෙනුවෙන් වැදගත් පණිවිඩ කිහිපයක් ලබාදීමට භාරදුන් පණිවිඩ කරුවෙකි. ගාබ්‍රියෙල් දේවදුතයා අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකුටවත් බයිබලයේ දර්ශනයවී ඇත: පළමුව අනාගතවක්තෘ දානියෙල්ට (දානියෙල් 8:16); යොහන් බව්තීස්තගේ ආශ්චර්යමත් උපත පුරෝකථනය කිරීමට හා ප්‍රකාශ කිරීමට සෙකරියා පූජකයා අසල (ලූක් 1:19); අවසානයේදී කන්‍යා මරියතුමිය තමන් පිළිසිඳ ගෙන පුතෙකු බිහි කරන බව පැවසීමට (ලූක් 1: 26-38). ගාබ්‍රියෙල්ගේ නමේ තේරුම "දෙවියන්වහන්සේ ශ්‍රේෂ්ඨ" යන්නයි. එමෙන්ම, නිවේදනයේ දූතයා වශයෙන්, ගැළවුම්කරුවාණන් "යේසුස්" ලෙස හැඳින්විය යුතු බව හෙළි කළේත් ඔහුය (ලූක් 1:31).

ගාබ්‍රියෙල් දේවදුතයාව අප දුටු පළමු අවස්ථාව, අනාගතවක්තෘවරයාට දර්ශනයක් ලැබීමෙන් පසු ඔහු දානියෙල්ට දර්ශනය විමයි. ගාබ්‍රියෙල් දේවදුතයාගේ කාර්ය භාරය වන්නේ දර්ශනය දානියෙල්ට පැහැදිලි කිරීමයි (දානියෙල් 8:16). ගාබ්‍රියෙල් දේවදුතයාගේ පෙනුම මිනිසෙකුගේ පෙනුම විය (දානියෙල් 8:15; 9:21). ගාබ්‍රියෙල් දේවදුතයා දෙවෙනි වතාවට දානියෙල්ව හමුවූවිට, "සවස්වරුවේ පූජාව කරන වේලාවේදී වේගයෙන් පියාසර කරමින්" ඔහු වෙතට පැමිණියේය (දානියෙල් 9:21). ගාබ්‍රියෙල් දේවදුතයාගේ "පියා සැරිම" මඟින් පියාපත් යෝජනා කළ හැකි නමුත් පියාපත් සඳහන් නොවේ. ගාබ්‍රියෙල් දේවදුතයාගේ පෙනුම තරමක් භයානකවූ බවද පැහැදිලිය. දානියෙල් ඔහු දුටු විට ඔහු මුණින් තලා වැටුණේය (දානියෙල් 8:17) සහ දේවදූතයා හා දර්ශනය පිළිබඳ අත්දැකීම් වලින් දින කිහිපයකට පසු ඔහු අසනීප විය (දානියෙල් 8:27).

දානියෙල් 10 හි අනාගතවක්තෘවරයා සහ "මනුෂ්‍යයන්ගේ දරුවන්ට සමාන කෙනෙකු" අතර තවත් අන්තර් ක්‍රියාකාරිත්වයක් අපට පෙනේ (16 පදය); කෙසේ වෙතත්, මෙම දූතයාට කිසිදු නමක් ලබාදී නොමැත. දේවදූතයා පවසන්නේ දානියෙල්ට ඔහුගේ දර්ශනය තේරුම් ගැනීමට උපකාර කිරීමට ඔහු පැමිණ ඇති බැවින් මෙම ඡේදය ගාබ්‍රියෙල් දේවදූතයා ගැනද සඳහන් කළ හැකි බවයි. ඡේදයේ ඇති භාෂාවෙන්, ඇත්ත වශයෙන්ම දානියෙල් සමඟ දේවදූතයන් දෙදෙනෙකු සිටින බව පෙනේ. එක් අයෙක් ඔහුට කථා කරන අතර තවත් කෙනෙක් ඔහුට ප්‍රතිචාර දැක්වීමට හැකිවන පරිදි ඔහුව ශක්තිමත් කරයි (දානියෙල් 10:16, 18). දේවදූතයා අධ්‍යාත්මික ක්ෂේත්‍රයන්හි සිදුවන සටනක් ගැනද සඳහන් කරයි. මෙම දේවදූතයා ගාබ්‍රියෙල් යැයි අපට සිතිය හැකි අතර මිකායෙල් දේවදූතයා යක්ශාවේශව සිටි රජවරුන් හා කුමාරවරුන් සමඟ සටනක නිරතවී ඇති බව පෙනේ. පර්සියාවේ කුමාරයා හෝ රජවරු (13 වන පදය) සහ ග්‍රීසියේ කුමාරයා (20 පදය).

ගාබ්‍රියෙල් දේවදුතයා පවසන්නේ දානියෙල්ගේ යාච්ඤාවට නිශ්චිත පිළිතුරක් වශයෙන් ඔහුව ස්වර්ගයෙන් එවන ලද බවයි. දානියෙල් යාච්ඤා කිරීමට පටන් ගත් වහාම පිළිතුර ගෙන ඒමට ගාබ්‍රියෙල් දේවදුතයා පිටත්ව ගොස් ඇත (දානියෙල් 10:12). නමුත් ගාබ්‍රියෙල් දේවදුතයා මඟදී කරදරයට පත්විය: "පර්සියාවේ රාජධානියේ අධිපතියා මට දින විසි එකක් විරුද්ධව සිටි බව" (දානියෙල් 10:13) ඇත්ත වශයෙන්ම දේවදුතයා වෙනත් ආකාරයකින් හැකි ඉක්මනින් දානියෙල් වෙත පැමිණිම වැලැක්විමටය. මෙහිදී අපට අධ්‍යාත්මික ලෝකය හා තිරය පිටුපස සිදුවන සටන් පිළිබඳ දර්ශනයක් ඇත. ගාබ්‍රියෙල් වැනි ශුද්ධ දේවදූතයන් දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉටු කරයි, නමුත් ඔවුන්ට විරුද්ධ වන්නේ ලෝකයේ දුෂ්ටකම පමණක් අවශ්‍ය වෙනත් අධ්‍යාත්මික ජීවීන් විසිනි.

සෙකරියා සමිඳාණන්වහන්සේ ඉදිරියෙහි දේව සේවයේ යෙදී සිටියදී යොහන් බව්තීස්තගේ පියාවූ සෙකරියා පූජකයාට ගාබ්‍රියෙල් දුන් පණිවිඩය දේවමාළිගාවේදී භාර දෙන ලදී. යාච්ඤාවේ සංකේතයක් වන ගාබ්‍රියෙල් සුවඳ දුම් පූජාසනයේ දකුණු පසින් (ලූක් 1:11) පෙනී සිටි අතර සෙකරියාට පැවසුවේ ඔහුගේ යාච්ඤා අසා ඇති බවයි (13 පදය). සෙකරියාගේ වඳ බිරිඳ එලිසබෙත් පිළිසිඳගෙන පුතෙකු ලැබීමට යන බව; මෙම ආශ්චර්යමත් දරුවාට යොහන් යන නම තැබිය යුතු අතර එලියාගේ පැමිණීම පිළිබඳ අනාවැකිය ඔහු ඉටු කරනු ඇත (17 පදය; මලාකී 4:5). ගාබ්‍රියෙල් දේව දුතයාගේ පණිවිඩයට අවිශ්වාසය ඇති විය, එබැවින් ගාබ්‍රියෙල් දරුවාගේ චර්මච්ඡේදනය වන දිනය දක්වා සැක සහිතවිම හේතුව මත පූජකයාව ගොළු තත්වයට පත්විමට පහර දුන්නේය (ලූක් 1:20, 59-64).

ගාබ්‍රියෙල් දේවදුතයා මරියාට පෙනී සිටියේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කන්‍යා උපත නිවේදනය කිරීමටයි. මෙසියස් වහන්සේගේ මවට දෙවියන්වහන්සේ කෙරෙහි ඇති අනුග්‍රහය ගැන සහතිකවූ අතර (ලූක් 1:30) තම පුත්‍රයා දාවිත්ගේ ගිවිසුම ඉටු කරන බව පැවසීය. "ඔහු ශ්‍රේෂ්ධ වන අතර මහෝත්තමයාණන්ගේ පුත්‍රයා ලෙස හඳුන්වනු ලැබේ. දෙවිසමිඳාණන්වහන්සේ ඔහුගේ පියා වන දාවිත්ගේ සිංහාසනය ඔහුට දෙන සේක. ඔහුගේ රාජ්‍යය කිසි කලෙකත් අවසන් නොවේ" (32-33 පද). මෙය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ මරියාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, ඇය කන්‍යාවක් බැවින්, ගාබ්‍රියෙල් දේවදූතයා පැවසුවේ පිළිසිඳ ගැනීම ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන සිදුවන ප්‍රතිපලයක් බවත්, එබැවින් "ඉපදීමට සිටින ශුද්ධ තැනැත්තා දෙවියන්වහන්සේගේ පුත්‍රයා ලෙස හැඳින්වේ." (35පදය).

පෙනීසිටි අවස්ථා තුනේම ගාබ්‍රියෙල්ට බියක් ඇතිවූ අතර දානියෙල්, සෙකරියා සහ මරියාට සැනසිල්ලෙන් හා ප්‍රීතිඝෝෂා නඟමින් ඔහුගේ සංවාද ආරම්භ කිරීමට ඔහුට සිදුවිය. මතෙව් 1:20 හියෝසෙප්ට දර්ශනයවූ දේව දූතයාද ගාබ්‍රියෙල් විය හැකියි. නමුත් මෙය ස්ථිර නැත, මන්ද එම දේවදූතයාව ශුද්ධලියවිල්ලේ නම්කර නැත. අප දන්නා දෙය නම් ගාබ්‍රියෙල් දේවදුතයා දෙවියන්වහන්සෙගේ යහපත් හා ශුද්ධ දේව දූතයෙක් බවයි. "දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනී සිටින" දේවදූතයෙකු ලෙස ඔහුට ප්‍රියමනාප තනතුරක් ඇත (ලූක් 1:19), දෙවියන්වහන්සේගේ සැලැස්මේ කොටසක් ලෙස තෝරාගත් පුද්ගලයන්ට දෙවියන්වහන්සේගේ විශේෂ ප්‍රේමය හා අනුග්‍රහය පිළිබඳ වැදගත් පණිවිඩ ලබාදීමට ඔහු තෝරා ගන්නා ලදි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගාබ්‍රියෙල් දේවදූතයා ගැන බයිබලය පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries