settings icon
share icon
ප්‍රශ්නය

දේව දූතයන්ගේ කුඩා ප්‍රතිමා තබා ගැනීම වරදක්ද?

පිළිතුර


ඔවුන් තුළම දේව දූතයන්ගේ කුඩා ප්‍රතිමා තබා ගැනීම වරදක් නොවේ. දේව දූතයන්ගේ කුඩා ප්‍රතිමා යම් කෙනෙකු විසින් නිරීක්ෂණය කරන ආකාරය එය වරදක්ද නොමැතිද යන්න නිර්ණය කරනු ලබයි. දේව දූතයන්ගේ කුඩා ප්‍රතිමාවන් වරදක් බවට පත් වන්නේ යම් පුද්ගලයෙකු දෙවියන්වහන්සේ විසින් තහනම් කොට තිබෙන, එනම් ඒවාට අතීශයෙන් ගෞරවය දැක්වීම හෝ යාච්ඤා කිරීම හෝ නමස්කාර කිරීම ආදිය කිරීම තුළින්ය (1 සාමුවෙල් 12:21). අප දේව දූතයන්ට හෝ දේව දූතයන්ගේ කුඩා ප්‍රතිමා වලට නමස්කාර නොකරන්නෙමු. නමස්කාර ලැබීමට සුදුසු වන්නේ දෙවියන්වහන්සේ පමණි, (ගීතාවලිය 99:5; ලුක් 4:8) එසේ හෙයින් උන් වහන්සේ කෙරෙහි පමණක් අප විශ්වාසය තැබිය යුතු වෙමු (ගීතාවලිය 9:10). දේව වචනයෙහි ආගමික රූපකයන්ට විරුද්ධව තදබල ලෙස ප්‍රකාශ කරනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස කිතුණුවන් කිසිවිටකත් කිසිම රූපයක් එනම් දේව දූතයන්ගේ කුඩා ප්‍රතිමාවක් හෝ යේසුස්වහන්සේගේ පින්තාරුවක් හෝ ක්‍රිස්තුස්වහන්සේගේ උප්පත්තිය පිළිබද දර්ශනයක් ආදිය උගුලක් හෝ වික්ෂිප්ත වීමක් වීමට ඉඩ නොහැරිය යුතුය.

දේව දූතයන් හෝ වෙනත් සත්වයෙක් නියෝජනය කරනු ලබන කුඩා ප්‍රතිමා ළග තබා ගැනීම පාපයක් නොවන නමුත් අප ඒවා කෙරෙහි කිසිඳු අධිස්වභාවික බලයක් උපලක්ෂණය නොකළ යුතු අතර අපගේ ජීවිත කෙරෙහිද කිසිඳු බලපෑමක් ඇති කර නොගත යුතු වෙමු. කිසිඳු කුඩා ප්‍රතිමාවකට අපව හානි වලින් ආරක්ෂා කර ගත හැකි හෝ අපට වාසනාවන් ගෙන දෙන හෝ කිසිම ආකාරයකින් අපට බලපෑම් කිරීමට හෝ නොහැක. එවන් විශ්වාසයන් හුදෙක් මිථ්‍යා විශ්වාස විනා කිතුණුවෙකුගේ ජීවිතයේ කිසිඳු ස්ථානයක් ලැබිය යුත්තක් නොවේ. මිථ්‍යා විශ්වාසයන්ට අදාළ වන්නේ රූප නමස්කාරය වන අතර රූප නමස්කාරය ශුද්ධ ලියවිල්ලේ පැහැදිලිවම තහනම් කොට ඇත; එසේම මෙවන් ක්‍රියාවන්හී යෙදෙන්නන් කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝය (එළිදරව් 21:27).

එසේම සැබෑ දේව දූතයන් කුමන ආකාරයක් ගනීයිද යන්න අප නොදන්නා බව හඳුනාගෙන සිටීම ඥාණවන්තය. දේව දූතයන්ගේ කුඩා ප්‍රතිමා වූ කලී දේව දූතයෙක්ගේ ස්වරූපය පිළිබදව යම් කෙනෙකු දරන අදහසක්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව දූතයන්ගේ කුඩා ප්‍රතිමා තබා ගැනීම වරදක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries