ආදි මුතුන් මිත්තන්හට නමස්කාර කිරීම සම්බන්ධව දේවවචනයේ සදහන් වන්නේ කුමක්ද?


ප්‍රශ්නය: ආදි මුතුන් මිත්තන්හට නමස්කාර කිරීම සම්බන්ධව දේවවචනයේ සදහන් වන්නේ කුමක්ද?

පිළිතුර:
මියගිය ඥාතීන්ගේ ආත්ම වලට යාච්ඤා කිරීම හා පුද පූජා ඔප්පු කිරීම සිදු කරන සහ ඒ ගැන විශ්වාස කරන ආගමික කොටස් අතරේ මියගිය ආදි මුතුන් මිත්තන්හට නමස්කාර කිරීම සිදුවේ. ආදි මුතුන් මිත්තන්හට නමස්කාර කිරීම ලොව පුරා ඇති බොහෝ සංස්කෘතියන් තුල අපට දැකිය හැකිය. මෙලෙස ආදිමුතුන් මිත්තන්හට යාච්ඤා කිරීම සහ පුද පූජා පවත්වන අය විශ්වාස කරනුයේ, එම මියගිය අයවලුන්ගේ ආත්මයන් මෙම ලෝකයේ ජීවත් වන බවත් , ඔවුන්ට දැනට ජීවත් වන අයගේ අනාගතය සහ ඉරනම ගැන බලපෑම් කළ හැකි බවත්ය. ජීවතුන් සහ මැවුම්කරුවාණන් අතර සම්බන්ධතාවය සදහා මැදහත්කාරකම් කිරීමට එම මියගිය අයගේ ආත්මයන් හට හැකි බවද ඔවුන් විශ්වාස කරති.

මියගිය මුතුන්මිත්තන් එලෙස නමස්කාර කරනු ලැබිමේ මිනුම් දණ්ඩ, ඔවුන් මියගොස් ඇති අය වීමම නොවේ. එම තත්ත්වයට යමෙක් පැමිණිමට නම් එමතැනැත්තා ජීවත්ව සිටියදී, සදාචාරසම්පන්නව, සමාජයේ කැපී පෙනුන කෙනෙක් විය යුතුය. එසේ එම ආදි මුතුන්මිත්තන් ඔවුන්ගෙන් පැවත එන පරම්පරා වලට ආශිර්වාදය හෝ ශාප කොට ඔවුන්ගේ ජීවතවලට බලපෑම් සිදු කරන බවත්, ඔවුන් දෙවිවරුන් ලෙස හැසිරෙන බවත් සමහරු විශ්වාස කරති. එබැවින් මියගිය ඥාතීන්ට යාච්ඤා කිරීමෙන්, පුද පූජා ඔප්පු කරනුයේ, එසේ කිරීමෙන් ඔවුන් සතුටු කර ඔවුන්ගේ පිලිසරණ ලබාගත හැකි බව විශ්වාස කරන හෙයිනි.

මියගිය ඥාතීන්හට නමස්කාර කිරීමේ සම්ප්‍රදාය ක්‍රිස්තු පූර්ව 7 වනශත වර්ෂයේ මැදපෙරදිග ජෙරිකෝවේ පැවති බවට පෙනී යන සාක්ෂි ඇත. එම සම්ප්‍රදාය ආදි ග්‍රීක හා රෝමානු සංස්කෘත අතරේද පැවතුණි. මියගිය ආදී මුතුන්මිත්තන් හට නමස්කාර කිරීම බොහෝ සෙයින් චීන සහ අප්‍රිකානු ආගම් වලටද මහත් බලපෑමක් ඇති කල අතර, ජපාන හා දේශිය ඇමරිකානු ආගම් තුලද එය සමුවන අතර, එහිදී එම සම්ප්‍රදාය වැඩි වශයෙන් හදුන්වනුයේ ආදී මුතුන්මිත්තන් හට දේවත්වයෙන් සැලකීම ලෙසය.

ආදි මුතුන්මිත්තන්හට නමස්කාර කිරීම සම්බන්ධව දේවවචනයේ සදහන් වන්නේ කුමක්ද? පලමුවෙන්ම දේවවචනය පෙන්වා දෙන්නේ යම්කිසි කෙනෙක් මියගිය පසුව ඔහුගේ ආත්මය මෙලොව රැදී නොසිට ස්වර්ගයට හෝ නිරයට ඇතුලු වන බවය (ලූක් 16:20-31, 2 කොරින්ති 5:6-10, හෙබ්‍රේව් 9:27,එලිදරව් 20:11-15)මරණින් පසුව එම ආත්ම මෙලොව රැදී සිට අන් අයගේ ජීවිත වලට බලපෑම් කරන බවට ඇති විශ්වාසය දේවවචනාකූල නොවේ.

දෙවනුව, මියගිය අය දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා අතර මැදහත් කරුවන් වන බව දේවවචනයේ කොතැනකවත් සදහන් වී නැත. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හට එම කාර්ය භාරය ලබාදීඇත. උන්වහන්සේ ඉපදී , පාප රහිත ජීවිතයක් ගත කර, අපගේ පාප වෙනුවෙන් කුරුසියේ ඇණ ගසනු ලැබ සොහොන් ගෙයක තැන්පත් කරනු ලැබ, මරණින් නැගිට, බොහෝ දෙනෙකු හට දර්ශනය වී, ස්වර්ගයට නැගී දැන් පියාණන් වහන්සේගේ දකුණු පස වැඩසිටිමින්, උන්වහන්සේ තුල ඇදහිල්ල සහ විශ්වාසය තබන අය වෙනුවෙන් මැදහත් කාරකම් කරනසේක. (ක්‍රියා 26:23, රෝම1:2-5,හෙබ්‍රේව් 4:15, 1පේතෘස් 1: 3-4) දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා අතර ඇත්තේ එකම මැදහත්කරුවකු පමණය. එනම් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. (1තිමති 2:5-6 හෙබ්‍රේව් 8:6, 9:5, 12:24) එම කාර්ය ඉටුකල හැක්කේ ක්‍රිස්තුස් වහන්සේට පමණක් ය.

දේවවචනයේ නික්මයාම 20:3-6 මගින් අපට පෙන්වා දෙන්නේ දෙව් ස්වාමීන්වහන්සේට හැර වෙනත් දෙවිවරුන්ට නමස්කාර නොකරන ලෙසය. තවදුරටත් පවසන්නේ නම් දේවාරූඪ අය හා මයාකරුවන්, ඔවුන් තමන්ට මළවුන් හා සම්බන්ධකම් පැවැත්විය හැකි බව විශ්වාස කළත්, දෙවියන්වහන්සේ ඔවුන්ව නිශ්චිතවම තහනමට ලක්කළ සේක. (නික්මයාම 22:18, ලෙවීව්‍යවස්ථාව 19:32,20:6,27, ද්වීතිය නීති සංග්‍රහය 18:10-11, සාමුවෙල් 28:3 යෙරමියා 27:9-10) සාතන් සැමවිටම තැත් කරනුයේ දෙවියන්වහන්සේගේ ස්තානය තමාට අත්පත් කරගැනීමට බැවින්, වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීම හා ආදි මුතුන්මිත්තනට නමස්කාර කිරීම සම්බන්ධව ව්‍යාජ තොරතුරු පාවිච්චි කරමින් ජනතාව දෙවියන්වහන්සේ වැඩ සිටී මේ සත්‍යතාවයෙන් ඈත් කිරීමට තැත්කරයි. ආදි මුතුන්මිත්තන්හට නමස්කාර කිරීම වැරදි ක්‍රියාවක් වනුයේ, එවැනි ක්‍රියා ගැන දෙවියන්වහන්සේ දී ඇති අණ වලට එය පටහැනි නිසාමෙන්ම , දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යවර්ගයා අතර දිව්‍ය මැදහත්කරුවානන්වන ක්‍රිස්තුස් වහන්සේ වෙනුවට ආදි මුතුන්මිත්තන් එමගින් ආදේශ කරන බැවිනි.

English


නැවතත් සිංහල මුල් පිටුවට
ආදි මුතුන් මිත්තන්හට නමස්කාර කිරීම සම්බන්ධව දේවවචනයේ සදහන් වන්නේ කුමක්ද?