settings icon
share icon
ප්‍රශ්නය

නිසහශ්‍ර වාර්ෂිකය යනු කුමක්ද?

පිළිතුර


ක්‍රිස්තුස් වහන්සේ විසින් සත්‍ය වශයෙන්ම වසර 1000 ක කාලයක් පාලනය නොකල බවට නිසහශ්‍ර වාර්ෂිකයේ අර්ථයයි. “නි” සහශ්‍ර වාර්ෂිකයේ “නි” යන පදයෙන් අර්ථ ගැන්වෙන්නේ “නැත” හෝ “නොවේ” යන අර්තයයි. ඒ අනුව “නිසහශ්‍ර වර්ෂය” යනු “සහශ්‍ර වර්ෂයක්” නොවන බවයි. මෙම ක්‍රම වේදය වඩාත් පිළිගත් දෘෂ්ඨීන් වන පූර්ව සහශ්‍ර වර්ෂයකට (වසර 1000 සහශ්‍ර වර්ෂයට පෙර යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිදුවන බවය) හා පසු සහශ්‍ර වර්ෂයකට (ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සිදුවන්නේ කිතුනුවන් විසින් (ක්‍රිස්තුස් වහන්සේ විසින් නොව) නව රාජධානිය ස්ථාපිත කළ පසුවයි.

කෙසේ වෙතත් නිසහශ්‍ර වාර්ෂික වාදීන් විසින් කිසිසේත්ම සහශ්‍ර වාර්ෂිකය පිළිගන්නේ නැත. ඔවුන් විසින් ක්‍රිස්තුස් වහන්සේ විසින් මෙම පොළොව මත සත්‍ය වශයෙන්ම වසර 1000 ක කාලයක් පාලනය කරන බව විශ්වාස කරනවා වෙනුවට ඔවුන් විශ්වාස කරනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේ වර්තමානයේ දාවිත්ගේ සිංහාසනය මත වැඩ සිටින අතර වර්තමාන සභාව විසින් ගත කරනු ලබන මේ කාල පරිච්ඡේදය ක්‍රිස්තුස් වහන්සේ විසින් පාලනය කරනු ලබන කාලය බවයි. යේසුස් වහන්සේ විසින් දැනුදු සිංහාසනයක් මත වැඩ සිටිනවා පිළිබඳව කිසිදු තර්කයක් නොමැත. නමුත් බයිබලය තුල දාවිත්ගේ සිංහාසනය යනුවෙන් අදහස් කරනු ලබන්නේ එය නොවේ. ඒ අමතරව ක්‍රිස්තුස් වහන්සේ දැනටත් තම පාලනය හසුරුවනු ලබන බව තුල කිසිදු තර්කයක් නොමැති වන්නේ එතුමන් දෙවියන් වහන්සේ නිසාය. නමුත් මේ කිසිදු අදහසක් නිසා ක්‍රිස්තුස් වහන්සේ සහශ්‍ර වාර්ෂිකය තුල බලය පවත්වන්නේ නැත යන නිගමනයට කිසිසේත්ම එළඹිය නො හැක.

දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායෙල් සෙනගට මෙන් උන් වහන්සේ දාවිත් සමග ඇති කර ගත් ගිවිසුමට අනුව මෙම පොළොව මත භෞතිකමය වශයෙන් හා සත්‍ය වශයෙන්ම රාජධානියක් (2 සාමු‍ෙවල් 7:8-16; 23:5; ගීතාවලිය 89:3-4) ස්ථාපිත විය යුතුමය. මෙම සිදුවීම සැක කිරීම තුලින් දේවධර්මානුකුලව බොහෝ ප්‍රශ්නයන්ට මුහුණ දීමට සිදුවන අතරම, දෙවියන් වහන්සේ එතුමන් පොරොන්දුත් ඉෂ්ඨ කිරීමෙහිද ගැටළු කාරි තත්වයක් උද්ගත වේ. උදා: ලෙස දෙවියන් වහන්සේ විසින් ඉශ්‍රායෙල් සෙනඟට දෙනු ලැබුවාවූ පොරොන්දු වල සදාකාලික බව පිළිබඳව ගැටළු මතුවේ නම්, එවිට දෙවියන් වහන්සේ විසින් අප හට දෙනු ලැබූ පොරොන්දු වලද විශේෂයෙන්ම උන් වහන්සේව අදහන්නවුන් හට ලැබෙන්නාවූ ගැලවීමේ පොරොන්දුව ආදිය පිළිබඳවද ගැටළු උද්ගත වේ. එසේ නම් පවතින්නාවූ එකම විසිඳුම නම් උන් වහන්සේ පැවසූ දන්දමට එතුමන් දුන් පොරොන්දු වචනානුසාරයෙන්ම ඉෂ්ඨ වන බවට අප විශ්වාස කළ යුතුය.

මතු පහල වන්නාවූ රාජ්‍යය සත්‍ය හා සැබෑවූ රාජ්‍යයක් බවට බයිබලය තුලින් අඟවනු ලබන්නේ:

1. රාජ්‍යය පිහිටුවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ පාදය ඔලිව කන්ද ස්පර්ශ කරන බව (සෙකරියා 14:4; 9);

2. රාජ්‍යය කාල පරිච්ඡේදය තුළ මෙසියස් වහන්සේ විසින් පොළොව මතුපිට දී විනිශ්චය හා යුක්තිය ඉෂ්ඨ කරනු ලබයි (යෙරමියා 23:5-8);

3. මෙම රාජ්‍යය ස්වර්ගය (අහස) යට පිහිටුවන ලබන බව ප්‍රකාශ කරයි (දානියෙල් 7:13-14; 27);

4. අනාගතවක්තෘන් විසින් පහළ වන්නාවූ රාජ්‍යයේ සිදුවන වෙනස්කම් නාට්‍යානුසාරයෙන් දක්වා ඇත (ක්‍රියා 3:21; යෙසායා 35:1-2; 11:6-9; 29:18; 65:20-22; එසකියෙල් 47:1-12; ආමෝස් 9:11-15);

5. එළිදරව් පොතෙහි සඳහන් වන්නාවූ කලානුක්‍රමික ක්‍රියා මගින් පොළොවෙහි පවත්වන්නාවූ රාජ්‍යයේ පැවැත්ම හුවා දක්වයි (එළිදරව් 20).

නිසහශ්‍රවාදීන්ගේ දෘෂ්ඨිය සම්පූර්ණ නොවුනාවූ අනාගතවාක්‍ය නොවන ලියවිලි හා සම්පූර්ණවූ අනාගතවාක්‍ය මත රඳා පවතියි. අනාගතවාක්‍ය නොවන ශුද්ධ ලියවිල්ල හා සම්පූර්ණවු ශුද්ධ ලියවිලි, සාමාන්‍යයෙන් මෙන්ම සත්‍ය වශයෙන්ම පරිවර්ථනය කොට ඇත. නමුත් නිසහශ්‍රවාදීන්ගේ මතයට අනුව සත්‍ය නොවූ අනාගතවාක්‍යයන් පරිවර්ථනය කළ හැක්කේ ආත්මානුභාවයෙන් හෝ වචනානුසාරයෙන් පරිබාහිරවය. නිසහශ්‍රවාදී මත දරන්නෙකු සම්පූර්ණ නොවූ අනාගතවාක්‍ය තුල “ආත්මානුභාවය” පිළිබඳව හා උපරිම නැතහොත් කියවීම සාමාන්‍ය ලියවිල්ලක් කියවන්නා ලෙසට දක්වයි. මෙය ද්විත්ව අර්ථ විවරණය ලෙස (ද්විත්ව අර්ථ විවරණය යනු පරිවර්ථනයේ මූලධර්ම අධ්‍යනය කිරීමයි) හැඳින්වේ. ඒ අනුව නිසහශ්‍රවාදීන් උපකල්පනය කරනු ලබන්නේ බොහෝමයක් හෝ සියලුම අනාගතවාක්‍යයක්ම පාහේ ලියවී ඇත්තේ සංකේතාත්මක රූපික, මෙන්ම ආත්මික භාෂාවකින් බවයි. එලෙස ගත් කල වචනය තුල වූ සාමාන්‍ය අර්ථයට පරිභාහිරව හාත්පසින්ම වෙනස් වූ තේරුමක් ශුද්ධ ලියවිල්ල තුලින් ඉස්මතු කර දැක්වීමට නිසහශ්‍රවාදීන් කටයුතු කර දක්වයි.

මෙම පදනම මත සිට, සම්පූර්ණනොවූ අනාගතවාක්‍යයන් පරිවර්ථනය කිරීම තුලින් අර්ථ මාලාවක් මතු විය හැක. නමුත් යම් අවස්ථාවක දේවවචනය සාමාන්‍ය අවබෝධයකින් යුක්තව පරිවර්ථනයට ලක් කරන්නේ නම් එවිටද නියම අර්ථයක් හෝ යොදා ගැනීමට අපහසු වනු ඇත. නමුත් සම්පූර්ණ ශුද්ධ ලියවිල්ලෙහි කතෘවරයාණන්වූ දෙවියන් වහන්සේ විසින් එක් නියමිත අර්ථයක් තුල සිට ශුද්ධ ලියවිල්ල ලිවීමට මනුෂ්‍යයා පොළොඹවන ලදි. ශුද්ධ ලියවිල්ලක් තුල එකිනෙකට වෙනස් අන්දමින් ජීවිතයට අදාල කර ගැනීම් වලින් යුක්ත වූවත්, ඒ තුල පවතින්නේ දෙවියන් වහන්සේ විසින් අදහස් කරනු ලැබූ එක් අර්ථයක් පමණකි. එසේම, සම්පූර්ණවුනාවූ අනාගතවාක්‍ය වචනානසාරයෙන්ම සම්පූර්ණත්වයට පත්වීම තුළින්, සම්පූර්ණ නොවුනාවූ අනාගතවාක්‍යද දිනක සම්පූර්ණත්වයට පත්වන බවට කදිම උපකල්පනයකි. යේසුස් වහන්සේගේ පළමු පැමිණීම සැබවින්ම වචනානුසාරයෙන් පරිපූර්ණයට පත්වූවා සේම, යේසුස් වහන්සේගේ දෙවන පැමිණීමද එලෙස නිසැකවම පරිපූර්ණත්වයට පත් වනු ඇත. මෙම හේතුන් පදනම් කර ගනිමින් සම්පූර්ණ නොවූනාවූ අනාවැකි පිළිබඳව වූ රූපක පරිවර්ථනය ප්‍රතික්ෂේප කර දමමින් සම්පූර්ණ නොවුනාවූ අනාවැකි පිළිබඳවූ සාමාන්‍ය පරිවර්ථනය අප පිළිගත යුතුය. ඒ අනුව නිසහශ්‍රවාදීන් විසින් අස්ථීර වූ අර්ථ විවරණයක් ඉදිරිපත් කර සම්පූර්ණ නොවුනාවූ අනාවැකි පරිවර්ථනය කිරීම තුලින්ම ඔවුන්ගේ ප්‍රයත්නය නිෂ්ඵලතාවයට පත් වී ඇති බවට මින් පැහැදිලි වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නිසහශ්‍ර වාර්ෂිකය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries