settings icon
share icon
ප්‍රශ්නය

අපගේ යාච්ඤාවන් 'ආමෙන්' යන්නෙන් අවසාන කරන්නේ මන්ද?

පිළිතුර


"ආමෙන්" ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයේ අර්ථය "සැබවින්ම" හෝ "එසේම වේවා" යන්නවේ. "ආමෙන්" යන්න ග්‍රීක නව ගිවිසුමෙහිද දක්නට ලැබෙන අතර එම අර්ථයම ගනියි. පැරණි ගිවිසුමෙහි ආමෙන් භාවිතයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දක්නට ලැබෙනුයේ ද්විතීය කථාව පොතෙහිය. සෑම අවස්ථාවකදීම මිනිසුන් විවිධ පාපයන් පිළිබදව දෙවියන්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද ශාපයන්ට ප්‍රතිචාර දක්වයි. සෑම තීන්දු ප්‍රකාශ කිරීමක්ම අනුගත වනුයේ "මුළු සෙනග ආමෙන් කියා උත්තර දෙත්වා" යන වචන මගින්ය (ද්වීතිය කථාව 27:15-26). මෙයින් ඇගවෙනුයේ මනුෂ්‍යයන් විසින් ඔවුන්ගේ ශුද්ධ දෙවියන්වහන්සේ විසින් උරුම කර දෙනු ලැබූ ධර්මිෂ්ඨ වාක්‍යය වෙනුවෙන් සතුට ප්‍රකාශ කරනු ලැබූයේ "එසේම වේවා" යනුවෙන් ප්‍රතිචාර දක්වමිනි. තමන් ඇසූ වාක්‍යය සත්‍යයල යුක්තිසහගත හා නිශ්චිත බව අසන්නන් විසින් ඒත්තු ගැන්වීමට ආමෙන් යන්න සහතික කරනු ලැබීය.

පැරණි ගිවිසුමේ යොමු සටහන් හතක් ආමෙන් යන්න හා සමග ප්‍රශංසාව සම්බන්ධ කරනු ලබයි. "මුළු සෙනගද: ආමෙන් කියා ස්වාමින්වහන්සේ වර්ණනා කළෝය" යන වාක්‍යය අපට 1 ලේකම් 16:36 හී සම්බවන අතර එතුළින් ආමෙන් සහ ප්‍රශංසාව අතර සම්බන්ධතාවය සංකේතවත් කරයි. නෙහෙමියා 5:13 සහ 8:6 හී එස්රා ස්වාමින්වහන්සේට නමස්කාර කරමින් සහ උන්වහන්සේට කීකරු වීම තුළින් දෙවියන්වහන්සේව උසස් කරනු ලැබූ ආකාරය ඉශ්‍රායෙල්හී ජනයා විසින් තහවුරු කරනු ලැබිණි. දෙවියන්වහන්සේට ප්‍රශංසා කරනු ලබන ඉහළම ප්‍රකාශිතය කීකරුකම වන අතර උන්වහන්සේගේ ආඥාවන්ට සහ තීන්දු ලබා දීම් වලට "ආමෙන්" යැයි පවසන විට අපගේ ප්‍රශංසාව උන්වහන්සේගේ කනට මිහිරි සංගීතය වැනිය.

නව ගිවිසුමේ කර්තෘවරයන් ඔහුගේ යැවුම් පත්‍ර අවසානයේ "ආමෙන්" යන පදය භාවිතා කරනු ලබති. අපෝස්තුළු වූ යොහාන් එය තමාගේ සුභාරංචි පොත, ඔහුගේ ලිපි තුන සහ එළිදරව් පොත අවසානයේදී භාවිතා කරනු ලබන අතර එම පදය නව වරක් එහි දක්නට ලැබේ. සැම අවස්ථාවකදීම එය දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම සහ මහිමයට පත් කිරීම මෙන්ම දෙවන පැමිණීම සහ ලෝකයේ අවසානය පිළිබදව සදහන් කරනු ලබයිග පේත්‍රස්, යොහාන් සහ යූද් ඔවුන්ගේ ලිපි වල සදහන් කර ඇති පරිදි සභාවන්ට ලියන ලද ආශිර්වාදයන්ට "ආමෙන්" යයි පාවුළු පවසයි. එයින් ගම්‍යමාන වනුයේ "ස්වාමින්වහන්සේ සැබවින්ම ඔබට මෙම ආශිර්වාද ලබා දෙනු ඇත" යනුවෙනි.

අපගේ යාච්ඤාවන් අවසානයේදී කිතුණුවන් "ආමෙන්" යැයි පැවසූ විට අප ප්‍රේරිතයන්ගේ ආදර්ශය අනුගමනය කරමින් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනුයේ "අප යාච්ඤා කළ ආකාරයටම ඉඩ දෙනු මැනවී" යනුවෙනි. ආමෙන් සහ කීකරුකමට ප්‍රශංසා කිරීම අතර ඇති සම්බන්ධය සිහිපත් කරමින් සියලූ යාච්ඤාවන් දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව යාච්ඤා කළ යුතුවේ. එවිට අප "ආමෙන්" යැයි පැවසූ කළ දෙවියන්වහන්සේ "එසේ වේවායි" ප්‍රතිචාර දක්වා අපගේ ඉල්ලීම් ලබා දෙන බව අපට සහතික විය හැකිය (යොහාන් 14:13; 1 යොහාන් 5:14).

English



නැවතත් සිංහල මුල් පිටුවට

අපගේ යාච්ඤාවන් 'ආමෙන්' යන්නෙන් අවසාන කරන්නේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries