settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේට සියල්ල කළ හැකිය යන්න සැබවින්ම සත්‍යයද?

පිළිතුර


දෙවියන්වහන්සේට තමන්වහන්සේ අපේක්ෂා කරන ඕනෑම දෙයක් කළ හැකි නමුත් උන්වහන්සේ තම ශුද්ධ කැමැත්තට විරුද්ධ හෝ උන්වහන්සේගේ අරමුණු වලට පටහැනි දේ නොකරන සේක. උන්වහන්සේට කිසිඳු පාපිෂ්ඨ ක්‍රියාවක් කළ නොහැකිය. නිදසුනක් ලෙස උන්වහන්සේ මුළුමනින්ම ශුද්ධය එසේ හෙයින් පව් කිරීම උන්වහන්සේගේ චරිතය තුළ නොමැත.

සමහරු තවමත් අසනු ලබන්නේ, සර්වබලධාරි දෙවිකෙනෙකුට කිසිවක් කළ නොහැකිද? නිදසුනක් උපකාරවත් විය හැක: දෙවියන්වහන්සේ විසින් තමන්වහන්සේට ඉසිලිය නොහැකිය තරම් බරවූ ගලක් උන්වහන්සේට නිර්මාණය කළ හැකිද? මෙම ප්‍රශ්නය තුළ විරුද්ධ භාෂයක් අන්තර්ගතවේ. ස්වාමින්වහන්සේ එතරම් බලවත් නම් උන්වහන්සේට අපරිමිත බර ගලක් නිර්මාණය හැකිවේ. උන්වහන්සේගේ බලවත්කම අනුව එය ඔසවා තැබීමට උන්වහන්සේට නොහැකි වන්නේ කෙසේද? එසේ නමුත් ගල අපරිමිත බරකින් යුක්ත වන හෙයින් උන්වහන්සේට එය ඉසිලීමට හැකි වන්නේ කෙසේද? මනුෂ්‍යයන් විසින් තර්ක කරනු ලබන්නේ උන්වහන්සේට ගල සෑදීය නොහැකි නම් උන්වහන්සේ සර්වබලධාරි නොවන සේක බවය. තවද එසේම උන් වහන්සේට ඉසිලිය නොහැකි ගලක් තිබේ නම් උන්වහන්සේ සර්වබලධාරි නොවන සේක් බවය. මෙම අදහස පරස්පර විරෝධි වන අතර එය තර්කනයේ සීමාවෙන් ඔබ්බටය. දෙවියන්වහන්සේගේ සර්වබලධාරිත්වය තුළින් සහතික කරනු ලබන්නේ කිරිමට නොහැකි ඕනෑම දෙයක් කිරීමට උන්වහන්සේට හැකි බවය. දෙවියන්වහන්සේට පරස්පර වීමට හැකි බව ඉන් නොඇඟවේ.

උන්වහන්සේගේ චරිතය උන්වහන්සේ විසින් ප්‍රතිශේෂධනය නොකරනු ලබන සේක. එය එසේ පවසා තිබියදී අපට දේව වචනය පුරාවටම දක්නට ලැබෙන්නේ දෙවියන්වහන්සේ සර්වබලධාරි – සියල්ල කිරීමට බලවත් – කිසිවෙකුට හෝ කිසිවකට සමකල නොහැකි හෝ ඉක්මවා නොයන බවය. දෙවියන්වහන්සේ තම සෙනගට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩදීම සදහා බලවත් යොර්දාන් ගංගාවේ වියළි මාවතක් සකස් කිරීම පිළිබදව සාකච්ඡා කිරීමේදී යොෂුවා 4:24 හී පවසනු ලබන්නේ "නුඹලාගේ දෙවිවූ ස්වාමින් වහන්සේ අප රතු මුහුදෙන් මෙතරවෙන තුරු එහි ජලය අප ඉදිරියෙන් හින්දවා දැමුවාක් මෙන් නුඹලා මෙතර වෙන තුරු නුඹලාගේ දෙවිවූ ස්වාමින්වහන්සේ යොර්දානේ ජලය නුඹලා ඉදිරියෙනුත් හින්දවා දැමූ සේක කියා දන්වා පල්ලායයි කීවේය." එපරිදදෙන්ම යෙරමියා 32:26–27 හී විස්තර දක්වන්නේ "එවිට ස්වාමින්වහන්සේගේ වචනය යෙරමියා වෙතට පැමිණ බලව මම මාංසමය සියල්ලන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේය. මට කරන්ට අමාරුවූ කිසිදෙයක් ඇද්ද?" එසේම ඉදිරියටම බැලුවහොත් හෙබ්‍රෙව් 1:3 හී අපට දක්නට ලැබෙන්නේ "උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වන සේක් තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්ඳ" මෙම පද සහ වෙනත් පද වලින් පෙනී යන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත තුළ ඇති සියල්ල උන්වහන්සේට කළ හැකි බවය.

ලුක් 1:36–37 හී දේව දූතයා විසින් මරියාට කියනු ලැබුවේ "බලව නුඹට නෑවු එලිසබෙත් ඇගේ මහලූ වයසේදී පුත්‍රයෙකු පිළිසිද ඉන්නීය. වඳ යයි කියන ලද ඈට දැනට සවෙනි මාසයය. මක්නිසාද දෙවියන්වහන්සේගෙන් වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය." සමහරුන් විසින් ප්‍රශ්න කරනු ලබන්නේ "දෙවියන්වහන්සේට කළ නොහැකි කිසිවක් තිබේ නම්" ඉන් අර්ථවත් වනුයේ මා හට මෝටර් රථයකටත් වඩා වේගයෙන් දිව යා හැකි බව හෝ උස් ගොඩනැගිල්ලකින් පහලට එක් වරම පැන්න හැකි බවද? එවන් දෑ කිරිමට දෙවියන්වහන්සේගේ බලය තුළ එය පරිපූර්ණ නමුත් එවන් ක්‍රියා කළ හැකි බවට දෙවියන්වහන්සේගේ අභිප්‍රාය බව ශුද්ධ ලියවිල්ලේ කිසිවක් සදහන් නොවේ. උන්වහන්සේට කළ හැකි යමක් තිබේද එය සැබවින්ම ඒ ආකාරයෙන්ම කිරීමට උන්වහන්සේට අනිවාර්‍යය නැත. අප විසින් ශුද්ධ ලියවිල්ල මුළුමනින්ම දැන සිටිය යුත්තේ ඒ කරණකොටගෙන අපට දෙවියන් වහන්සේගේ අභිප්‍රාය මෙන්ම උන්වහන්සේ පොරොන්දු වි ඇති දෙයත් එතුළින් දෙවියන්වහන්සේ අපගේ ජීවිත වල කළ හැකි දේත් දැන ගත හැකි වනු පිණිසය.

අපගේ ස්වර්ගීක පියාණන්වහන්සේගේ බලවත් අධිස්වභාවික ක්‍රියාවන් දේව වචනය තුළින් අප සලකා බලන කල සියල්ල කළ නොහැකි යයි දක්නට ලැබුනද උන්වහන්සේගේ මහිමාන්විත අරමුණ අරභයා කාලයාගේ ඇවෑමෙන් මනුෂ්‍යය සිදුවීම් චලනය කිරීමට උන්වහන්සේ සමත් වන සේක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේට සියල්ල කළ හැකිය යන්න සැබවින්ම සත්‍යයද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries