settings icon
share icon
ප්‍රශ්නය

මද්‍යසාරය / මුද්‍රිකපානය (වයින්) පාවිච්චි කිරීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද? කිතුනුවකුට මද්‍යසාරය / මුද්‍රිකපානය පානය කිරීම පාපයක්ද?

පිළිතුර


මද්‍යසාරය පානය කිරීම සම්බන්ධයෙන් ශුද්ධ ලියවිල්ලේ බොහෝ අවවාද අඩංගුවේ (ලෙවී 10 : 9; ගණන් කථාව 6 : 3; විතීය කථාව 29 : 6; විනිශ්චයකාරයා13 : 4,7,14; 1 සාමුවෙල් 1 : 15; හිතෝපදේශ 20 : 1, 31 : 4, 6; යෙසායා 5 : 11, 22; 24 : 9; 28 : 7; 29 : 9; 56 : 12; මීකා 2 : 11; ලූක් 1 : 15). කෙසේ වෙතත්, බියර්, මුද්‍රිකපානය හෝ මද්‍යසාරය අඩංගු බීමක් පානය කිරීම සම්බන්ධයෙන් බයිබලයේ තහනමක් තබා නැත. තවද ඇතැම් ශුද්ධ ලියවිලි වල මද්‍යසාරය පානය කිරීම සම්බන්ධයෙන් සුබවාදි කරුණු දක්වා ඇත. දේශනාකාරයා 9 : 7 සඳහන් පරිදි “සතුටු සිතකින් මිදි යුෂ පානය කරන්න” යයි දක්වා ඇත. ගීතාවලිය 104 : 14-15 සඳහන් පරිදි “මිනිසුන්ගේ සිත් සතුටු කරන්න මුද්‍රිකපානය දෙන බව තහවුරු කරනවා.” එමෙන්ම ආමෝස් 9 : 14 අනුව තමාගේම මිදි වත්තේ මිදි යුෂ පානය කිරීම දෙවියන් වහන්සේගේ ආශීර්වාදයක් ලෙසට කරුණු දක්වා ඇත. “එන්න පැමිණ මුද්‍රිකපානය සහ කිරි ගන්න,” යනුවෙන් යෙසායා 55 : 1 මගින් දිරමත් කිරීමක්ද කර ඇත.

දෙවියන් වහන්සේ කිතුනුවන් හට මද්‍යසාරය සම්බන්ධයෙන් අණ කරන්නේ බීමත් කමෙන් වැලකීමටය (එපීස 5 : 18). ශුද්ධ බයිබලය බීමත් කමත් එහි අතුරු ඵලත් හෙලා දකිනවා (හිතෝපදේශ 23 : 29-35). කිතුනුවන්ට තමන්ගේ ශරීර කිසිවකුගේ වහලකු බවට පත් කර නොගන්නා ලෙසට අණකර ඇත (1 කොරින්ති 6 : 12; 2 පේත්‍රැස් 2 : 19). අධික ලෙස මද්‍යසාරය පානය කිරීම යනු නොඅනුමානව එයට වහල්වීමකි. කිතුනුවකු ඔහුගේ අනෙකුත් කිතුනුවන්ට විරුද්ධව පව් කරමින් ඔවුන්ගේ දුර්වලවූ හෘදසාක්‍ෂිය පව් කරීම සඳහා උනන්දු කරවීම ශුද්ධ ලියවිල්ල අනුව තහනම් කර ඇත (1 කොරින්ති 8 : 9-13). මේප්‍රතිපත්ති අනුව තමා මද්‍යසාරය දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා පාවිච්චි කරනවා යයි කිසිවකුට කිසිසේත්ම කීමට අපහසුය (1 කොරින්ති 10 : 31).

යේසුස් වහන්සේ වතුර වයින් බවට පත්කලා. එසේම යේසුස් වහන්සේ ඇතැම් අවස්ථාවලදී මිදි යුෂ පානය කළ බැව් සඳහන්වේ (යොහන් 2 : 1-11; මතෙව් 26 : 29). අලුත් ගිවිසුම් කාලයේ ජලය ඉතා පිරිසිදුව පැවතුණේ නැත. නවීන සෞඛ්‍යමය පහසුකම් නොමැතිවූ නිසා එකල ජලය නිතරම විෂබීජ වලින් බැක්ටීරියා වලින් අපිරිසිදුව පැවතුණි. මෙය අදටත් සමහර තුන්වන ලෝකයේ රටවල් සම්බන්ධයෙන් සත්‍යයකි. මේ හේතුව නිසා, මිනිසුන් නිතරම මිදි යුෂ හෝ (මුද්‍රික පානයක්) පානය කිරීමට පුරුදුව සිටියා. එසේ වුනේ ජලය මෙන් නොව මිදි යුෂ නරක්වීමේ ප්‍රවනතාවය අඩු වන බැවිනි. 1 තිමෝති 5 : 23 ට අනුව පාවුල් තිමෝතිට ඔහුගේ නිතරම පවතින උදරාබාධයට හේතුව වතුර බැවින් වතුර බීමන් වැලකීමට උපදෙස් දී ඇත. ඒ වෙනුවට මුද්‍රිකපානය පාවිච්චි කිරීමට අවවාද කර ඇත. ඒ දවස් වල මිදි යුෂ පැසීම සඳහා යොමු කළත් එය අද පවතින ක්‍රමයට (අංශකයට) වඩා වෙනස් වේ. එසේ හෙයින් එය මිදි යුෂ යයි හැඳින්වීම වැරදිය. එසේම වර්තමානයේ භාවිතා වන මුද්‍රිකපානය ලෙස හැඳින්වීමද වැරදිය. නැවතත් ශුද්ධ ලියවිල්ල ප්‍රකාශ කරන්නේ කිතුනුවන්ට බියර්, මුද්‍රිකපානය හෝ මද්‍යසාරය අඩංගු ඕනෑම පානයක් භාවිතා කිරීම තහනම් නොකර ඇති බවයි. එහෙත් කිතුනුවකු මද්‍යසාරයට ගිජු වීමෙන් සහ බීමත් කමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය (එපීස 5 : 18; 1 කොරින්ති 6 : 12).

ඉතා මද වශයෙන් මද්‍යසාරය පාවිච්චි කිරීම අහිතකර නොවන අතර, එය ඇබ්බැහි වීමක්ද නොවේ. ඇතැම් වෛද්‍යවරුන් රතු මුද්‍රිකපානය (රතු මිදි යුෂ) මද වශයෙන් භාවිතා කිරීම සෞඛ්‍යයට හිතකර බවත්, විශේෂයෙන්ම එය හදවතට හිතකර බවත් පවසති. මිදි යුෂ මඳ වශයෙන් භාවිතා කිරීම කිතුනුවන් සතු නිදහසකි. එහෙත් බීමත් කම සහ එයට ඇබ්බැහි වීම පාපයකි. කෙසේ වෙතත්, මද්‍යසාරය පිළිබඳව බයිබලීය ආකල්ප අනුව, අධික ලෙස මත්පැනට ලොල්වීමේපරික්‍ෂාවට අසුවන නිසාත්, එමගින් අන් අයට පිළිකුලක් හෝ බාධාවක් විය හැකි නිසාත්, කිතුනුවකු මද්‍යසාරයෙන් සම්පූර්ණයෙන්ම වැලකී සිටීම වඩා යහපතකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මද්‍යසාරය / මුද්‍රිකපානය (වයින්) පාවිච්චි කිරීම ගැන බයිබලය පවසන්නේ කුමක්ද? කිතුනුවකුට මද්‍යසාරය / මුද්‍රිකපානය පානය කිරීම පාපයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries