settings icon
share icon
ප්‍රශ්නය

ඒඩ්ස් රෝගය / එච්.අයි.වී. ආසාදනය පිළිබදව දේව වචනය කුමක් පවසනු ලබයිද? ඒඩ්ස් රෝගය / එච්.අයි.වී. ආසාදනය දෙවියන්වහන්සේගේ විනිශ්චයක්ද?

පිළිතුර


මෞලික වශයෙන් ගත් කල සියලූ රෝග දෙවියන්වහන්සේගේ විනිශ්චයන් වේ. වැටීමට ප්‍රථමයෙන් ආදම් සහ ඒව කිසිඳු ආකාරයක දූෂණයක් පිළිබදව දැන නොසිටියහ. දෙවියන්වහන්සේ විසින් ආදමිට විරුද්ධව විනිශ්චය ප්‍රකාශ කළ විට මරණය ලොව තුළට ඇතුළු විය (උත්පත්ති 3:19; රෝම 5:12). සෙම්ප්‍රතිශ්‍යාවේ සිට පිළිකාව දක්වා ඇති සියලූම රෝග ශාපයේ කොටසක් වන අතර ශාපලත් ලෝකයක ජීවත් වන අප දිරාපත් වන සුළුය. එබැවින් එසේය ඒඩ්සි රෝගය / එච්.අයි.වී. ආසාදනය සහ ආනෙකුත් ලිංගාශ්‍රිත රෝග (අනෙකුත් සියලූම රෝග හා සමග) ශාපලත් ලෝකයක දේවියන්වහන්සේගේ විනිශ්චයේ කොටසක්වේ.

දේව වචනයේ නොවළහාම අපට උගන්වනු ලබන්නේ අපගේ තේරීම් වලට ප්‍රතිවිපාක ඇති බවය. යම් මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය (ගලාති 6:7–8). ධර්මිෂ්ඨකම ආශිර්වාද ගෙන එනු ලබයි: "මාගේ ආඥ පවත්වා ජීවත් වෙයන්න" (හිතෝපදේශ 7:2); පාපය විනිශ්චය ගෙනදේ: "අයුක්තිය වපුරන්නා විපත්තිය කපා ගන්නේය" (හිතෝපදේශ 22:8). අපට ඇති එක් ගැටළුවක් නම් අපගේ ක්‍රියාවන් තෝරා ගැනීමට අපට පූර්ණ නිදහස අවශ්‍යය නමුත් ප්‍රතිවිපාක නොමැතිව ඒවා අපට අවශ්‍යය වීමය. යථාර්ථය නම් අප යම් ක්‍රියා මාර්ගයක් තෝරා ගන්නා විට ස්වයංක්‍රීයවම එහි අනුරූප ප්‍රතිඵලය තෝරා ගනිමු. ලිංගික පාපය වනාහී දෙවියන්වහන්සේ විසින් යාකොට සෑදූ විනිශ්චයක් බව ශුද්ධ ලියවිල්ලෙහි අනතුරු අගවයි.

"වේශ්‍යාකම් කරන්නා තමාගේම ශරීරයටම විරුද්ධව පව් කරන්නේය" (1 කොරින්ති 6:18). "වේශ්‍යාකම් කරන්නන්ද...දෙවියන්වහන්සේ විනිශ්චය කරන සේකග. (හෙබ්‍රව් 13:4) දේව වචනානුකුළ මූලධර්මයන්ට අනුව (විවාහය තුළ ලිංගික විශ්වාසයන්ත භාවය) ජීවත්වීම එච්.අයි.වී. ආසාදනය / ඒඩ්ස් රෝගය සහ වෙනත් ලිංගාශ්‍රිත රෝග වැළදීමේ අවදානම බෙහෙවින් අඩු කරන බව ප්‍රතික්ෂේප කළ නොහැක්කකි.

රෝම 1:18–32 වනා හී මිථ්‍යදෘෂ්ඨික රූප වන්දනීය ලෝකය පිළිබදව ද්‍යේෂ්‍යරෝපණයකි. එය ආරම්භ වනුයේ මෙවන් වදන් වලිනි: "මනුෂ්‍යයන්ගේ සියලූ අභක්තියටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන්වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව් වී තිබේ." සමලිංගිකත්ව පාපයේ මූලයන් දෙවියන් වහන්සේගේ ප්‍රතික්ෂේප කිරීමක් බව මෙම කොටසින් උගන්වනු ලබයි. එය කරණකොටගෙන ලජ්ජාව, අවමානය සහ "නියමිත දන්ඩණයක්" ගෙන එනු ලබයි. ඒඩ්ස් රෝගය / එච්.අයි.වී. ආසාදනය වැනි ලිංගාශ්‍රිත රෝග බොහෝ දුරට ලිංගික පාපයන් කැටුව යන හෙයින් මනුෂ්‍යයාගේ දුෂ්ටකමට එරෙහිව "දෙවියන්වහන්සේගේ උදහස" එළිදරවි කරන "දන්ඩණයේ" කොටසක් ලෙස ඔවුන් සැලකිය යුතුවෙති (18 වන පදය). මෙහි ප්‍රධාන වාක්‍ය ඛණ්ඩයක් නම් අපට තෙවරක්ම දක්නට ලැබෙන "දෙවියන්වහන්සේ ඔවුන්...පාවා දුන් සේක" යන්නය. දෙවියන්වහන්සේ විසින් ඔවුන්ව "අපවිත්‍රකමට" (24 වන පදය) "නීච තෘෂ්ණාවලට" (26 වන පදය) සහ "ජඩ සිතකට" (26 වන පදය) පාවා දුන් සේක. මෙහි අර්ථය නම් මනුෂ්‍යය වර්ගයා තමන්ගේම මාර්ගයේ යාමට තෝරාගත් අතර දෙවියන්වහන්සේ විසින් එයට ඉඩ හැරිය සේක් බවය. තවදුරටත් නොමග යාමට මනුෂ්‍යය වර්ගයාට නිදහස ලබා දීමම පෙර පාපයට දඩුවමක් විය.

මේ කිසිවකින් පවසන්නේ ඒඩ්ස් රෝගය / එච්.අයි.වී. ආසාදිත සියල්ලන්ම ලිංගික පාපයන්ට වැරදිකරුවන් බවවත් සමලිංගකයන් මුදාගත නොහැකි තරමටම පත්ව ඇති බවවත් නොවේ. ඛේදජනක ලෙස සමහර අය රුධිර පාරවිලයනය මගින්, ඒඩ්ස් රෝගය / එච්.අයි.වී. ආසාදනය ඇති තවත් පුද්ගලයෙකු හා සමග නොදැනුවත්වම සම්බන්ධ වීම තුළින් සහ වඩාත් වේදනාවට කරුණක් නම් ඒඩ්ස් රෝගය / එච්.අයි.වී. ආසාදනය වී ඇති මවකගේ ගර්භාෂයේ පිළිසිද ගැනීම කරණකොටගෙන ඒඩ්ස් රෝගය / එච්.අයි.වී. ආසාදනය වි ඇත. ඒඩ්ස් රෝගය / එච්.අයි.වී. ආසාදනයට කිතුණු ප්‍රතිචාරය නම් සෑමවිටම කරුණාව සහ දයාව විය යුතුය. රෝගය කුමන ආකාරයකින් වැළදී තිබුනත් අපගේ යුතුකම වන්නේ කරුණාවේ, ප්‍රේමයේ, දයාවේ සහ කමාව දීමේ දේව සේවකයන් ලෙස කටයුතු කිරීමවේ. ඒඩිස් රෝගය / එච්.අයි.වී. ආසාදනය වනාහී යම් පුද්ගලයෙකුගේ ජීවිතයේ නිශ්චිත පාපයක් වෙනුවෙන් දෙවියන්වහන්සේ විසින් දෙන ලද නිශ්චිත විනිශ්චයක් බව ප්‍රකාශ කිරීමට අපට අයිතියක් හෝ ආධිපත්‍යයක් නොමැත. සියල්ලන්ටම යහපත කිරීම අපගේ යුතුකම වන අතර (ලුක් 10:29–37), අප විසින් තවමත් බෙදා ගනු ලබන සුභාරංචිය නම් "අදහන්නාවූ සියල්ලන්ටම...ගැළවිම පිණිස එය දෙවියන්වහන්සේගේ බලයව තිබෙන නිසාය" (රෝම 1:16).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඒඩ්ස් රෝගය / එච්.අයි.වී. ආසාදනය පිළිබදව දේව වචනය කුමක් පවසනු ලබයිද? ඒඩ්ස් රෝගය / එච්.අයි.වී. ආසාදනය දෙවියන්වහන්සේගේ විනිශ්චයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries