settings icon
share icon
ප්‍රශ්නය

අඥෙයවාදය යනු කුමක්ද?

පිළිතුර


අඥෙයවාදය නම් දෙවියන් වහන්සේගේ පැවැත්ම විය හැකි දෙයක්ද? ඔප්පු කළ හැකි දෙයක්ද යන්න. “අඥෙය” යන වචනයෙහි හරාත්මක තේරුම “දැනීමකින් තොරව” අඥෙයවාදය අදේවවාදින්ට සෘජු ඥානාන්විත තත්වයකි. අදේවවාදින් පවසන්නේ දෙවියන් වහන්සේට පැවැත්මක් නොමැති බවයි. ඔප්පුකිරීමට නොහැකි තත්වයක් බවයි. අඥෙයවාදින් පවසන්නේ දෙවියන් වහන්සේගේ පැවැත්ම ඔප්පුකිරීමට හෝ නොකිරීමට නොහැකි බවය. මේ නිසා අඥෙයවාදය නිවැරදිබව පැවසිය හැක, මන්ද දෙවියන් වහන්සේගේ පැවැත්ම අනිභාවිකව ඔප්පුකිරීමට හෝ නොකිරීමට නොහැක.

බයිබලය අපට පවසනවා, ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ සිටින බව පිළිගන්නා ලෙසට. හෙබ්‍රෙව් 11:6 පවසනවා, “ඇදහිල්ල නැතුව උන් වහන්සේව ප්‍රසන්න කරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්නා විසින් උන් වහන්සේ විද්‍යාමාන බවත්, උන් වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාස කරන්ට ඕනෑය.” දෙවියන් වහන්සේ ආත්මයක් (යොහන් 4:24) එමනිසා උන් වහන්සේව දකින්නවත් අල්ලන්නවත් නොහැක. දෙවියන් වහන්සේම තමන්ව පෙන්වීමට තීරණය කිරීමක් කළොත් සමහරවිට හැකි වේවි, එසේ නොමැති නම් උන් වහන්සේව අපගේ ඇසට නොපෙනේ (රෝම 1:20). බයිබලය පවසනවා දෙවියන් වහන්සේගේ සදාකාලික බව මවනලද දේ වලින් පැහැදිලි වන බව (ගීතාවලිය 19:1-4). ස්වභාව ධර්මය පවසනවා (රෝම 1:18-22), සහ අපගේ හදවත් තුළම සනාත කරයි (දේශනාකාරයා 3:11).

අඥෙයවාදින් තීරණයක් ගැනීමට නොමැතිව දෙවියන් වහන්සේගේ පැවැත්මට එකඟව හෝ විරුද්ධව ඔහු “වැට උඩ පාද තබාගෙන” සිටි. දේවවාදය විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ සදාකාලික බවයි. අදේවවාදින් විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ සදාකාලික නොමැති බවයි. අඥෙයවාදින් පවසන්නේ දෙවියන් වහන්සේගේ සදාකාලිත්වය පිළිබඳව අපි විශ්වාසවත්, අවිශ්වාසවත් නොකලයුතු බවයි. මන්ද මේ දෙකෙන් එකක්වත් දැන ගැනීමට අපහසු නිසාය.

වාදය හේතුවෙන්, අපි දෙවියන් වහන්සේගේ සදාකාලිත්වය පිළිබඳව අපට ඇති සාදක ඉදිරිපත් කරමු. දේවවාදයේ තත්වය හා අඥෙයවාදින්ගේ තත්වය සමාන පාදකයන් වේ. එයින් අවබෝධ කරනවා මරණයෙන් පසු ජීවිතයට ඉඩක් ඇති බවට? දෙවි කෙනෙකු නැති නම් දේවවාදින්, අඥෙයවාදින් අන් අය මෙන් ඔවුන් මියැදුනායින් පසු පැවතීම වලකයි. දෙවි කෙනෙකු සිටිනවා නම් දේවවාදින් හා අඥෙයවාදින් යන සියලු දෙනාම මැරුණායින් පසු උත්තර දීමට කෙනෙකු ඇත. මේ කෝනයෙන් නියත වශයෙන්ම “අවබෝධ” කරනවා දේවවාදියකු වීමට අඥෙයවාදියෙකු වීමට වඩා. එම තත්වයෙන් එකක්වත් ඔප්පු කිරීම නොකිරීම තුළදී. එය සියළු උත්සහයන් තුළින් පරීක්‍ෂණ කළ යුතුය. තත්වයන් අනන්තය හා සදාකාලිත්වය බොහෝ ආශාවන අවසාන ප්‍රතිඵලයයි.

සැකයක් තබීම සාමාන්‍ය දෙයකි. මේ ලෝකයේ අපට නොතේරෙන බොහෝ දේ තිබේ. බොහෝවිට මනුෂ්‍යයන් සැක කරනවා දෙවියන් වහන්සේගේ සදාකාලිත්වය පිළිබඳව. මන්ද ඔවුන්ට උන් වහන්සේ කරන කියන වෙන්ට සලස්වන දේවල් නොකෙරෙන නිසා. කෙසේ වෙතත් පරිමිත මිනිසුන් ලෙසට අප බලාපොරොත්තු නොවිය යුතුය. අසීමිත දෙවියන් වහන්සේව සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට. රෝම 11:33-34 පවසනවා, “අහෝ, දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙත් දැන ගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! උන් වහන්සේගේ විනිශ්චයන් සොයා දැන ගැන්මත් උන් වහන්සේගේ මාර්ගයන් තේරුම් ගැනීමත් කොපමණ අමාරුද! එසේය, ස්වාමින් වහන්සේගේ සිත දැන ගත්තේ කවුද? නොහොත් උන් වහන්සේට මන්ත්‍රියා වුණේ කවුද?” අපි දෙවියන් වහන්සේ ඇදහිල්ලෙන් විශ්වාස කළ යුතු අතර, උන් වහන්සේගේ මාර්ගයද දැඩි ලෙස විශ්වාස කළ යුතුය. දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරන අයට උන් වහන්සේ මවිත ලෙස එළිදරවු කරන්නට බලා සිටිනවා. ද්විතීය කථාව 4:29 පවසනවා, “එහෙත් එතන සිට නුඹලා නුඹේ දෙවිවූ ස්වාමින් වහන්සේ සොයමින් නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද සොයන්නහු නම් උන් වහන්සේ නුඹට සම්බවන සේක.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

අඥෙයවාදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries