සබදතාවයන්හී වයස් පරතරයන් පිළිබදව දේව වචනයෙහි කුමක් පවසනු ලබයිද?


ප්‍රශ්නය: සබදතාවයන්හී වයස් පරතරයන් පිළිබදව දේව වචනයෙහි කුමක් පවසනු ලබයිද?

පිළිතුර:
විවාහ සම්බන්ධතා පිලිබදව නිදසුන් දේව වචනයේ සදහන් වන්නේ ඉතා කලාතුරකින්ය (වෙනත් තත්වයකදී හෝ එය සැලකිල්ලට ගැනීමෙන්). සාරාට වඩා අවුරුදු 10ක් ආබ්‍රහම් වයසින් වැඩි මහල් බව අප දන්නෙමු (උත්පත්ති 17:17) එසේ නමුත් දෙදෙනාගේම වයස සදහන් කරනු ලැබූ වෙනත් යුවලයන් පිළිබදව දේව වචනයේ දක්නට නොලැබේ. නිදසුනක් ලෙස බොහෝ විට උපකල්පනය කරනු ලබන්නේ යෝසෙප් සැලකිය යුතු අන්දමකින් මරියාට වඩා වයසින් වැඩිමහල් වූ බවය. කෙසේ නමුත් මේ පිළිබදව අගවන්නාවූ කිසිවක් උදක්ම දේව වචනයේ නොමැත.

විවාහයේදී වයස වැදගත්විය හැකි නමුදු ගැළවීම, අධ්‍යාත්මික පරිණතභාවය, අනුකූලතාවය ආදී අනෙකුත් ප්‍රශ්න වලට වඩා වැදගත් නොවේ. මනුෂ්‍යයන් වයසින් වැඩි වන විට වයස් පරතරය අඩුවෙන් ඇඟවේ. නිසැකවම වයස අවුරුදු 40 ක් වූ පුද්ගලයෙකු වයස අවුරුදු 20 ක්වූ කෙනෙකු හා සමග විවාහ වීම ප්‍රශ්න කරනු ලබන අතර අවුරුදු 80 ක් වූ පුද්ගලයෙකු වයස අවුරුදු 60 ක්වූ කෙනෙකු හා සමග විවාහ වීම පිළිබදව කිසිවකු දෙවරක් සිතනු නොලබයි. විවාහ වන වයස පිළිබදව දෙනු ලබන එකම අනතුරු ඇගවීම නම් කාමුක අභිප්‍රායන් උදෙසා තරුණ කෙනෙකු විවාහ කර ගැනීමෙන් වැළකී සිට වයසින් වැඩිමහල් කෙනෙකු මුදල් උදෙසා විවාහ කරගැනීමෙන් වළකින ලෙසය. ඉතාමත් යහපත්ම ක්‍රියා මාර්ගය නම් පෙර දක්නු සබදතාවයක් අරභයා අවශ්‍යය වන ප්‍රඥාව උදෙසා දෙවියන්වහන්සේට යාච්ඤා කිරීමය (යාකොබ් 1:5).

English


නැවතත් සිංහල මුල් පිටුවට
සබදතාවයන්හී වයස් පරතරයන් පිළිබදව දේව වචනයෙහි කුමක් පවසනු ලබයිද?