settings icon
share icon
ප්‍රශ්නය

මරණින් මතු ජීවිතයක් තිබේද?

පිළිතුර


යෝබ්ගේ පොත මරණින් මතු ජීවිතය ගැන ඉතා සරළව ප්‍රශ්නයක් අසයි: "මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත් වේවිද?" (යෝබ් 14:14). ප්‍රශ්නය ඇසීම පහසුය; වඩා දුෂ්කර වන්නේ අධිකාරිත්වයෙන් හා පළපුරුද්දෙන් ප්‍රශ්නයට පිළිතුරු දීමට කෙනෙකු සොයා ගැනීමයි.

මරණින් මතු ජීවිතය පිළිබඳව සැබෑ අධිකාරිත්වයක් (සහ අත්දැකීම්) සහිතව කථා කළ හැකි එකම පුද්ගලයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. ස්වර්ගය ගැන කථා කිරීමට උන්වහන්සේට ඇති එකම බලය නම් උන්වහන්සේ එතැනින් පැමිණීමයි. "ස්වර්ගයෙන් බැස්සාවු, ස්වර්ගයෙහි සිටින්නාවු, මනුෂ්‍ය පුත්‍රයා මිස වෙන කිසිවෙක් ස්වර්ගයට නොනැග්ගේය" (යොහන් 3:13). ස්වාමීන් වන ජේසුස්වහන්සේ, ස්වර්ගයේ සිය පළමු අත්දැකීම් සමඟ, මරණයෙන් පසු ජීවිතය පිළිබඳ මූලික සත්‍යයන් තුනක් අපට ඉදිරිපත් කරයි:

1. මරණින් මතු ජීවිතයක් ඇත.

2. පුද්ගලයෙකු මිය ගිය විට, ඔහුට හෝ ඇයට යා හැකි ගමනාන්ත දෙකක් තිබේ.

3. මරණයෙන් පසු ධනාත්මක අත්දැකීමක් සහතික කිරීමට එක් ක්‍රමයක් තිබේ.

පළමුවෙන්ම, මරණින් මතු ජීවිතයක් ඇති බව ක්‍රිස්තුස්වහන්සේ කිහිප වතාවක්ම සහතික කරයි. නිදසුනක් වශයෙන්, නැවත නැඟිටීමේ මූලධර්මය ප්‍රතික්ෂේප කළ සද්දුසිවරුන් හමුවීමකදී යේසුස් වහන්සේ පැවසුවේ "මළවුන් නැගිටීම ගැන — මෝසෙස්ගේ පොතෙහි, දැවෙන පඳුර ගැන, දෙවියන්වහන්සේ ඔහුට පැවසූ ආකාරය ගැන ඔබ කියවා නැද්ද?, 'මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ, ඊසාක්ගේ දෙවියන්වහන්සේ සහ යාකොබ්ගේ දෙවියන්වහන්සේ'? උන්වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවමාන අයගේ දෙවියන්වහන්සේ ය. ඔබ වැරදියට ගෙන ඇත!" (මාර්ක් 12:26-27). යේසුස්වහන්සේ පවසන පරිදි, ශතවර්ෂ ගණනාවකට පෙර මිය ගිය අය ඒ මොහොතේ දෙවියන්වහන්සේ සමඟ බොහෝ ජීවත්ව සිටින බව.

තවත් ඡේදයක, යේසුස් වහන්සේ තම ගෝලයන්ට (සහ අපට) සැනසිල්ල ලබා දෙන්නේ මරණින් මතු ජීවිතය ගැන පවසමිනි. උන්වහන්සේ සමඟ ස්වර්ගයේ සිටීමට ඔවුන්ට බලා සිටිය හැකිය. "නුඹලාගේ සිත් නොකැලඹේවා. දෙවියන්වහන්සේ කෙරේ විශ්වාස කරපල්ලා; මා කෙරේත් විශ්වාස කරපල්ලා. මගේ පියාණන් වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය; එසේ නොවුයේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත; මක්නිසාද නුඹලාට ස්ථානයක් පිලියෙලකරන පිණිස යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පිලියෙල කරම් නම්, මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි." (යොහන් 14:1-3).

මරණින් මතු ජීවිතයේදී අපේක්ෂා කරන වෙනස් ඉරණම් දෙක ගැනද යේසුස් වහන්සේ බලයලත් ලෙස කථා කරයි. ධනවතා සහ ලාසරුස් ගැන යේසුස් වහන්සේ මෙසේ පවසයි. "ඒ හිඟන්නා මියගිය පසු දේව දූතයන් විසින් ඔහු ආබ්‍රහම් ළඟට ගෙන යන ලද්දේ ය. ධනපතියාත් මැරී භූමිදාන කරන ලද්දේ ය. ඔහු ආත්ම භවනෙහි වධ විඳිමින් ඇස් ඔසවා ආබ්‍රහම් ද ඔහුගේ තුරුල්ලේ හුන් ලාසරස් ද දුරින් දැක," (ලූක් 16:22-23). සටහන, මිය යන අය සඳහා අතරමැදි තත්වයක් නොමැත; ඔවුන් කෙලින්ම යන්නේ ඔවුන්ගේ සදාකාලික ඉරණමටයි. මතෙව් 25:46 සහ යොහන් 5:25-29 හී ධර්මිෂ්ධයන්ගේ හා දුෂ්ටයන්ගේ විවිධ ඉරණම පිළිබඳව යේසුස්වහන්සේ වැඩි යමක් ඉගැන්වීය.

යේසුස්වහන්සේ පුද්ගලයෙකුගේ සදාකාලික ගමනාන්තය තීරණය වන්නේ ඔහු හෝ ඇය දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයාණන් කෙරෙහි විශ්වාසය තබා තිබිම මත බව අවධාරණය කළේය. ඇදහිල්ලේ අවශ්‍යතාවය පැහැදිලිය. "උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම, සදාකාල ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්ට ඕනෑයයි කීසේක. ‍මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය. උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා විනිශ්චයකරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටියි" (යොහන් 3: 15-18).

තම පාපය ගැන පසුතැවිලි වී යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ඔවුන්ගේ ගැළවුම්කාරයා ලෙස පිළිගන්නා අයට, මරණින් මතු ජීවිතයේ දෙවියන් වහන්සේව භුක්ති විඳීමින් සදාකාලිකත්වය ගත කිරිමට හැකිවේ. කෙසේ වෙතත්, ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කරන අයට මරණින් මතු ජීවිතය බෙහෙවින් වෙනස් වනු ඇත. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඉරණම විස්තර කරන්නේ "අඩමින් හා දත්මිටි කමින් සිටින අන්ධකාරය" (මතෙව් 8:12). මරණින් මතු ජීවිතය පිළිබඳව ස්වර්ගය විසින් එවන ලද අධිකාරිය ලෙස, යේසුස් වහන්සේ අපට ඥානවන්තව තෝරා ගන්නා ලෙස අනතුරු අඟවයි: "පටු දොරටුවෙන් ඇතුල්වෙයල්ලා. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය ,එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය"(මතෙව් 7:13-14).

කැනේඩියානු විද්‍යාඥයෙකු වන ජී. බී. හාඩි වරක් මරණයෙන් පසු ජීවිතය ගැන කතා කරමින්, "මට ඇසීමට ඇත්තේ ප්‍රශ්න දෙකක් පමණි. එකක්, කවුරු හරි කවදා හෝ මරණය පරාජය කර තිබේද? දෙක, ඔහු මටත් ඒක කරන්න ක්‍රමයක් දුන්නාද?" හාඩිගේ ප්‍රශ්න දෙකටම පිළිතුර "ඔව්" යන්නයි. එක් පුද්ගලයෙකු මරණය පරාජය කර ඇති අතර උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙකුටම එයින් ජය ගැනීමට මාර්ගයක් ලබා දී ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන කිසිවෙක් මරණයට බිය විය යුතු නැත. ස්වාමීන්වහන්සේගේ ගැළවීම ගැන අපට ප්‍රීති විය හැකිය. "දිරන සුළු මේක නොදිරන භාවයටත් මරණියවු මේක අමරණීය භාවයටත් පැමිණි කල්හි: මරණය ජයෙන් ගිලිනා ලද්දේයයි ලියා තිබෙන වචනය සම්පූර්ණවේ.

එම්බා මරණය, තාගේ ජය කොයිද ?. '

එම්බා මරණය, තාගේ කටුව කොයිද? (1 කොරින්ති 15:54-55).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මරණින් මතු ජීවිතයක් තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries