ප්‍රශ්නය
මරණින් පසු කුමක් සිදුවේද?
පිළිතුර
මරණින් පසු සිදුවෙන්නේ කුමක්ද යනු ව්‍යාකුල (පැටලිලි සහිත) ප්‍රශ්නයකි. කිසිවෙකු තමාගේ අවසාන සදාතනික ඉරණම කරා ලඟා වෙන්නේ කෙසේද යන්න ශුද්ධ බයිබලය පැහැදිලිවම ප්‍රකාශ කර නැත. ශුද්ධ බයිබලය අපට පවසන පරිදි, ඔහු හෝ ඇය තමාගේ ගැලවුම්කාරයා යේසුස් වහන්සේ බව පිලිගැනීමේ පදනම මත ඔහු හෝ ඇය අපායට (නිරයට) හෝ ස්වර්ගයට මරණ මොහොතෙන් පසුව යනු ඇත. මෙය ඇදහිලිවන්තයන් හට මරණින් පසු ශරීරයෙන් මිදී දෙවියන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටීමකි (2 කොරින්ති 5 : 6-8; පිලිප්පි 1 : 23). එමෙන්ම නොඇදහිලිවතුන් අපායේ සදාකාලික දඬුවමට පත්වීමකි (ලූක් 16 : 22-23).
මරණින් පසු කුමක් සිදුවේද යන්න අපට පැටලිලි සහගත වන්නේ මේ අවස්ථාවේදීය. එළිදරව් 20 : 11-15 විස්තර කරනවා නිරයේ සිටින සැමදෙනාම ගිණි විලකට හෙලනු ලබයි. එසේම එළිදරව් පරිචිඡේද 21-22 හි අළුත් ස්වර්ගයක් සහ අළුත් පොළොවක් ගැන විස්තරවේ. මේ අනුව පෙනෙන්නේ අවසාන උත්ථානය වන තෙක් සෑම කෙනෙකු මරණින් පසුව “තාවකාලික” ස්වර්ගයක සහ නිරයක නේවාසික වන බවකි. කෙනෙකුගේ සදාතනික ඉරණම නොවෙනස්වන නමුත්, සදාතනික ඉරණම් “ස්ථානය” වෙනස් වනු ඇත. ඇතැම් අවස්ථාවල මරණින් පසු ඇදහිලිවන්තයන්ව අළුත් ස්වර්ගයට සහ අළුත් පොළොව කරා යවනු ලැබේ (එළිදරව් 21 : 1). එසේම ඇතැම් අවස්ථාවල මරණින් පසු නොඇදහිලිවන්තයන්ව ගිණි විලට හෙලනු ලැබේ (එළිදරව් 20 : 11-15). යමෙකු යේසුස් වහන්සේ තුළ විශ්වාසය තබා උන් වහන්සේ තුළින් තමාගේ පව් වලට කමාව ලබා තිබේද යන පදනම මත පිහිටා මනුෂ්‍යයෙකුගේ අවසාන ඉරණම් ස්ථානය මෙසේ තීරණය වනු ඇත.
English
මරණින් පසු කුමක් සිදුවේද?