ප්‍රශ්නය
තමන්ගේ විවාහ සහකරුවාට වෙනත් ප්‍රේම සම්බන්ධයක් ඇති කල කිතුණුවකුගේ ප්‍රතිචාරය කුමක් විය යුතුද?
පිළිතුර
සියලූ හැගීම් සම්බන්ධ වන අවිශ්වාසවන්තකම තුළින් ඉතාමත් අපහසු සහ වේදනාත්මක තත්වයක් ඇති කරන අතරම කිතුණුවාගේ ඇදහිල්ල බිදී යන ප්‍රමාණයටම පාහේ එය පුළුල් විය හැක. කළ හැකි ඉතාම යහපත් දේ නම් “උන්වහන්සේ ඔබ සැම ගැන සලකන බැවින් ඔබ සැමගේ කරදර උන් වහන්සේ පිට තබන්න” (1 පේත්‍රස් 5:7). ඔබට වරදක් කරනු ලැබ ඇත්නම් ඔබගේ සැනසීම, ප්‍රඥාව සහ මගපෙන්වීම සදහා දිනපතා ස්වාමින්වහන්සේ වෙතට යන්න. අපගේ අපගේ බලවත් පීඩාවන්හීදී දෙවියන්වහන්සේට අපට උපකාර කල හැක.
කාමමිථ්‍යාචාරය සෑම විටම නොමනා දෙයකි. “වේෂ්‍යාකම් කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චය කරන සේක”(හෙබ්‍රව් 13:4). හිංසනයට ලක්වූ පාර්ශවය විසින් දෙවියන්වහන්සේ ප්‍රතිවිපාක දෙනු ලබන තැණන්වහන්සේ යන සත්‍යය තුළ විවේක ගත යුතුවෙති. වරදකට ලක්වූ පුද්ගලයන් ඒ හා සමානව ක්‍රියා කිරීම පිළිබදව කලකිරීමට පත් විය යුතු නොවෙති. අප වෙනුවෙන් ප්‍රතිවිපාක දීමේ කාර්‍යය වඩාත් හොදින් දෙවියන් වහන්සේ විසින් කරනු ලබන සේක. අපට ද්‍රෝහීකම් කරනු ලබන කල්හී සෑම විස්තරයක් පාහේ දන්නාවූ මෙන්ම අර්ථාන්විතව ක්‍රියා කරනු ලබන්නාවූ තැණන්වහන්සේට අපගේ වේදනාව භාර කළ යුතු වෙමු.
යාච්ඤා කරන්න. ප්‍රඥාව, සුවය සහ මග පෙන්වීම සදහා ස්වාමින්වහන්සේව සොයන්න. ඔබ ගැනත් වරද කරනු ලබන්නා සහ ඒ හා සම්බන්ධ වූ වෙනත් අයකු පිළිබදවද යාච්ඤා කරන්න. ඔබගේ සිතුවිලි, වචන, ක්‍රියා සහ තීරණ වෙනුවෙන් මග පෙන්වන ලෙසට ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්න.
අවංක වන්න. ද්‍රෝහීකම් කරනු ලැබූ විවාහ සහකරුවකු ගැඹුරු සිත් රිදීම් කරණකොටගෙන ඇති වන බලපෑම් තුළින් වේදනා විදිනු ලබනු ඇත. අවිශ්වාසවන්තකම කරණකොටගෙන කෝපයෙහි සහ සිත් තැවුලෙහි නියැලීම උචිතවේ. මෙම හැගීම් දෙවියන්වහන්සේට ප්‍රකාශ කිරීම සැබෑ සුවයක් ලබා ගැනීමේ මූලික පියවර විය හැක (ගීතාවලිය 77:1ජ-2 බලන්න). අපගේ හැගීම් සහ අවශ්‍යතාවයන් දෙවියන්වහන්සේ වෙතට භාර දීම තුළින් උන්වහන්සේට අපගේ හදවත් තුළට උපස්ථාන කිරීමට ඉඩ දෙනු ලබන හෙයින් එතුළින් අපගේ සිත් රිදීම් අත්හැර දැමීම ඇරඹිය හැක. කිතුණු උපදේශකයකු හෝ පාලකවරයෙකුගෙන් භක්තිමත් අනුශාසනා ලබා ගැනීම උපකාරීවේ කමාව දීමට කැමැත්තෙන් සිටීමග අපට කමා කරනු ලැබී ඇති සේම අපද අන් අයට කමාව දිය යුතුවෙමු (එපීස 4:32). වෙනත් ප්‍රේම සම්බන්ධයක් ඇති විවාහ සහකරුවකු ඇතුළුව තමාගේ පාපයන් වෙනුවෙන් පශ්තාපවෙමින් අප වෙතට පැමිණෙන්නාවූ ඕනෑම කෙනෙකුට කමාව දක්වාලීමට අප කැමැත්තෙන් මෙන්ම සූදානම්වී සිටිය යුතුවෙමු (මතෙව් 6:14-15; 18:23-35; එපීස 4:31-32; කොලොස්සි 3:13). සැබෑ කමාව දීම යම්කිසි කාලයක් ගත වන තුරු ඉෂ්ට නොවන්නට හැකි නමුත් කමාව දීමට ඇති කැමැත්ත සෑම විටෙකම විද්‍යාමාන විය යුතුවේ. තිත්තකම හදවතෙහි රදවාගෙන සිටීම පාපයක් වන අතර දෛනික තීරණයන් කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇත.
ප්‍රඥාවන්තවන්න. අවිශ්වාසවන්ත විවාහ සහකරුවා ඔහුගේ හෝ ඇයගේ පාපයන් වෙනුවෙන් පසුතැවිලි නොවීමට ඇති භව්‍යත්වය අප විසින් සැලකිල්ල ලක් කල යුතුවෙමු. තමාගේ පාප වෙනුවෙන් පාපොචිචාරණය කරනු නොලබන මෙන්ම පසුතැවිලි නොවී සිටින කෙනෙකුට අප විසින් කමාව දිය යුතුවෙමුද? පිළිතුරෙහි එක් කොටසක් නම් කමාව දීම නොවන්නේ කුමක්ද පිළිබදව සිහිපත් කරගැනීමය: කමාව දීම වනාහී අමතක කර දැමීම නොවේ. අපට ප්‍රකාශ කර ඇත්තේ එම අත්දැකීම අමතක කර දැමීම නොව ඒ හා සමග කටයුතු කරමින් ඉදිරියට ගමන් කිරීමවේ.
කමාව දීම වූ කලී ප්‍රතිවිපාකයක් ඉවතලීම නොවේ. පාපයෙහි ස්වභාවික ප්‍රතිවිපාක තිබෙන අතර කමාව ලැබූවන් පවා තමාගේ අතීත තෝරාගැනීම් වල ප්‍රතිඵල කරණකොටගෙන තවමත් වේදනා විදිනු ලැබිය හැකිවේ: “යමෙක් ගිනි අගුරු පිට ඇවිද්දහොත් ඔහුගේ පාද නොදැවේද? තමාගේ අසල්වැසියාගේ භාර්‍යයාව වෙතට එළඹෙන්නා එසේමය; ඈට අත ගසන කිසිවෙක් අච්චු නොලැබ සිටින්නෝය” (හිතෝපදේශ 6:2-29). කමාව දීම වනාහී හැගීමක් නොවේ. වරදකරුවාට සමාව දීම වූ කලී කැපවීමකි. එය වරද කරනු ලැබුවාවූ පුද්ගලයාත් වරදකරුවාත් අතර කාර්‍යයකි. හැගීම් වනාහී කමාව දීම කැටුව හෝ එසේ නොමැතිව විය හැක. කමාව දීම වූ කලී යම් පුද්ගලයෙකුගේ හදවතෙහි ඇති වන පෞද්ගලික වූත් රහසිගතවූත් ක්‍රියාවක් නොවේ. කමාව දීමෙහි පුද්ගලයන් දෙදෙනෙකු ඇතුලත්වේ. පපොච්චාරණය සහ පශ්චාතාප වීම අවශ්‍යය වන්නේ ඒ හේතුවෙනි.
කමාව දීම වනාහී විශ්වාසයෙහි ස්වයංක්‍රීය ප්‍රතිෂ්ඨාපනයක් නොවේ. අවිශ්වාසවන්ත විවාහ සහකරුවාට අද දන කමාව දීම තුලින් සියල්ලම හෙට දිනයේදී යථා තත්වයට පත්වන බව සිතීම වැරදිසහගතවේ. තමන් අවිශ්වාසවන්ත බව සනාථ කොට ඇති අයවලූන්ව අප විශ්වාස නොකිරීමට බොහෝ හේතුකාරණා ශුද්ධ ලියවිල්ල මගින් අපට ලබාදේ. (ලුක් 16:10-12 බලන්න) විශ්වාසය යලි ගොඩ නැගීම ආරම්භ විය හැක්කේ සැබෑ කමාව අන්තර්ගත වූ සමගිසන්ධාන වීමේ ක්‍රියාවලියකින් පසුවය-සත්‍යය වශයෙන්ම එතුළ පපොච්චාරණය සහ පශ්චාතාප වීම අන්තර්ගතවේ.
එසේම, වැදගත් ලෙස පිරිනමනු ලබන කමාව දීමල ලබන්නාවූ කමාව හා සමාන නොවේ. කමාව දීමේ ආකල්පය – කමාව දීමට ඇති කැමැත්ත – සැබෑවූ කමාව දීමේ කාර්‍යයට වඩා වෙනස්වේ. පපොච්චාරණය සහ පශ්චාතාප වීම මෙන්ම විශ්වාසය නැවත ගොඩ නැගීමේ ක්‍රියාවලිය අප විසින් මග නොහැරිය යුතු වෙමු.
වැරදි කරනු ලැබූ විවාහ සහකරුවා විසින් තමාට පිරිනැමිය හැකි නමුදු එය සම්පූර්ණ වීමට අනියම් සබදතාවය තිබූ තැනැත්ත විසින් කමාව ලබා ගැනීමට ඇති අවශ්‍යයතාවය ඒත්තු ගැනීම අවශ්‍යය වන අතර එය ලබා ගනිමින් එතුළින් සම්බන්ධතාවය තුළ සමගි සන්ධානය ඇති කරගත යුතුවේ.
කමාව ලැබ ගන්න. “අපේ පාපවල් කියාදෙමු නම් අපේ පව් අපට කමා කරන්ටත් සියලූ අධර්මිෂ්ඨ කමින් අප පවිත්‍ර කරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටින සේක” (1 යොහාන් 1:9). විවාහය අර්බුදකාරි තත්වය තිබේ නම් දේපාර්ශවයම දෙවියන්වහන්සේගෙන් උපකාර ඇයදිය යුත්තේ සමස්තව එකිනෙකා එම තත්වය කෙරෙහි දායක වී ඇත්තේ කෙසේද යන්න දකිනු පිණිසත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි වරදකාරිත්වයේ බරෙන් නිදහස් වනු පිණිසත්ය. එතැන් සිට උන්වහන්සෙගේ උපදේශයන් සහ මගපෙන්වීම සෙවීමට නිදහස ඇතිවේ. උන්වහන්සේගේ ශුද්ධ ආත්මයාණන්වහන්සේ විසින්ල ඔවුනට තනිවම කිරීමට නොහැකි වූ දේ කිරීමට හැකියාව ලබා දෙන සේකග මා බලවත් කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලූ දේ කරනට පුළුවන (පිලිප්පි 4:13).
දෙවියන්වහන්සේ මගපෙන්වන කල සැබෑ කමාව දීම සහ සමගිසන්ධානය ඇති විය හැක. කොපමණ කලක් ගත වන නමුත් කමාව දීමට සහ සමගිසන්ධානය වීමට සෑම ප්‍රයත්නයක්ම ගත යුතුවේ (මතෙව් 5:22-24 බලන්න). රැදී සිටීමට හෝ ඉවත්ව යායුතුද යන්න “තවද මම ඔබ සැමට කියමි – වේශ්‍යාකම නිසා මිස තමාගේ භාර්‍යයාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණ පාවාගන්න කවරෙක් නමුත් කාමමිථ්‍යචාරය කරන්නේය” (මතෙව් 19:9). නිර්දෝෂී පාර්ශවයට දික්කසාද වීමට පදනමක් තිබිය හැකි නමුදු දෙවියන්වහන්සේගේ අභිමතය නම් කමාව දීම සහ සමගිසන්ධානයවේ.
සාරංශයක් ලෙස කිතුණුවකුගේ විවාහ සහකරුවාට අනියමි සබදතාවයක් තිබුනි නම් වැරදි කරනු ලැබූ පාර්ශවය තිත්තකමට එරෙහිව ආරක්ෂා විය යුතු (හෙබ්‍රව් 12:15) මෙන්ම නපුරට නපුර නොකිරීමට ප්‍රවේශමි විය යුතුවෙති (1 පේත්‍රස් 3:9). කමාව දීමට අපට කැමැත්තක් තිබිය යුතු අතරම හෘද්‍යාංගම ලෙස සමගිසන්ධානයක්ද අවශ්‍යය විය යුතුයත ඒ ආකාරයෙන්ම, පශ්චාතාප නොවන්නන්ට අප විසින් කමාව දානය නොකල යුතුවෙමු. සියල්ලෙහිදී අප විසින් ස්වාමින්වහන්සේව සෙවිය යුතු අතරම අපගේ සම්පූර්ණත්වය සහ සුවය උන්වහන්සේ තුළින් ලබා ගත යුතුවෙමු.
English
තමන්ගේ විවාහ සහකරුවාට වෙනත් ප්‍රේම සම්බන්ධයක් ඇති කල කිතුණුවකුගේ ප්‍රතිචාරය කුමක් විය යුතුද?