කිතුනුවකු, තම සහකරු හට අනියම් දරුවකුට උපත ලබා දීමට තුඩු දුන් අනියම් බැඳීමක් සම්බන්ධව මුහුණ දෙන්නේ කෙසේද?


ප්‍රශ්නය: කිතුනුවකු, තම සහකරු හට අනියම් දරුවකුට උපත ලබා දීමට තුඩු දුන් අනියම් බැඳීමක් සම්බන්ධව මුහුණ දෙන්නේ කෙසේද?

පිළිතුර:
විවාහය වනාහි යම් යුවලක් ආත්මිකව සහ කායිකව එක් කරන ගිවිසුමකි. විශ්වාසය බිඳ වැටීමෙන් විවාහ ජීවිතය පඵදුවී, එය යලි කිසිදිනක නිවැරදි කළ නොහැකි ලෙස විනාශකාරී පහරක් ඇතිවේ. මෙම තත්වය තවදුරටත් දරුණු ලෙස සැබෑ වන්නේ අනියම් සබදතාවයක් මගින් දරුවකු පිලිසිඳ ගත් විටදීය.

දරුවකු ගැන ඔහුගේ දෙමව්පියන්ගේ වගකීම, එම දරුවා පිලිසිඳ ගත් ආකාරය මතම රැඳී නැත. අනියම් සබඳතා මගින් දරුවකු මෙම ලොවට බිහිකිරීම, අදාල සෑම පාර්ශවයන්ටම අහිතකර තත්වයක් වුවද, අප සිහි තබාගත යුතු වැදගත්ම කරුණ නම් එම දරුවා අහිංසක බවත්, ඔහුට හෝ ඇයට මා පිය දෙදෙනාම අයත්වීමට අයිතියක් ඇති බවය.

යම් භාර්ය්‍යාවක් තම ස්වාමිපුරුෂයා හට අනියම් සබඳතාවයක් මගින් දරුවකු ලබා සිටියදීත්, ඔහු සමග විසීමට කැමැත්ත දක්වන්නේ නම්, ඇය ඔහුට එම පාපයට කමාව දීමටද සුදානම් විය යුතුය. බයිබලය අපට පෙන්වා දෙන්නේ, දෙවියන්වහන්සේ අපට කමා කළාක් මෙන්, කිතුනුවන්ද අප එකිනෙකාට කමා කළ යුතු බවය. (මතෙව් 6:14–15) මෙයින් අදහස් වනුයේ වෛරය සහ ඊර්ශ්‍යාව අතහැර දැමීමට ඇය තෝරා ගත යුතු බවය.

එමගින් වෙනත් ස්ත්‍රීයක් සමග අයථා සම්බන්ධතාවයකින් තමාගේ ස්වාමිපුරුෂයාට දාව උපන් දරුවකු තමා හදා වඩා ගත් පුත්‍රයකු හෝ දියණියකු ලෙස වැළඳ ගැනීමට එම භාර්ය්‍යාවට හැකිවනු ඇත. කෙතරම් වේදනාකාරී වුවද, තමාගේ ස්වාමිපුරුෂයා එම දරුවා කෙරෙහි දක්වන බැඳීමට ඇය එරෙහි නොවිය යුතුය. ඔහු තමාගේ සෑම දරුවකුටම, මුදලින්ද, ආත්මිකව සහ සෙනෙහසින් තම යුතුකම් ඉටුකිරීමට බැඳී ඇත (එපීස 6:4).

අනියම් සබඳතා, පවුලක් කඩා ඉහිරවීමට තරම් බරපතල පාපයක් වුවද, ඒ හේතුවෙන් විවාහය කෙළෙවර විය යුතු නැත. ඒ වෙනුවට එම යුවල තමන්ගේ සම්බන්ධතාවය තර කර ගැනීමට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ස්ථිර විශ්වාසයෙන් සහ කීකරුකමින්, දැඩි ප්‍රයත්නයක යෙදිය යුතුය. මෙම අසීරු තත්වය ජය ගැනීමට හැකි වන්නේ දෙවියන්වහන්සේගේ කරුණාව, අනුග්‍රහය සහ ඇදහිල්ල, ශුද්ධාත්මයාණන් තුළින් දෙවියන්වහන්සේගෙන් ලද ත්‍යාගයන් වන අතර, එම ආශීර්වාද ලබාගත හැක්කේ ජීවිතයේ අසීරු අවස්ථාවන්හි පවා දෙවියන්වහන්සේව සැබවින්ම මහිමයට පත් කිරීමට තැත් කරන අයවලූන් හටය.

English
නැවතත් සිංහල මුල් පිටුවට
කිතුනුවකු, තම සහකරු හට අනියම් දරුවකුට උපත ලබා දීමට තුඩු දුන් අනියම් බැඳීමක් සම්බන්ධව මුහුණ දෙන්නේ කෙසේද?