settings icon
share icon
ප්‍රශ්නය

ආදම් සහ ඒවා පිළිබඳ ප්‍රශ්ණ?

පිළිතුර


ආදම් සහ ඒවා ගැලවීම ලබා තිබුණේද? විශේෂිත ආකාරයකින් ආදම් සහ ඒවා ගැලවීම ලබා තිබුණාද යන්න පිළිබඳ පවසන්නේ නැත, කිළිටිවන්නට / දූෂිත වන්නට පෙර දෙවියන් වහන්සේ පිළිබඳ දැන සිටි එකම මනූෂ්‍යයන් දෙදෙනා ඔවුන් පමණි. එම ප්‍රතිඵලය නිසාම අද ජීවත්වන අපට වඩා ඔවුන්ගේ වැටීමට පසුවද ඔවුන් දෙවියන් වහන්සේව හොඳින් දැන සිටියෝය. ආදම් සහ ඒවා දෙවියන් වහන්සේව ඉතා තදින් විශ්වාස කළ අතර එතුමන් මත රඳා පැවතුණෝය. දෙවියන් වහන්සේ ආදම් සහ ඒවාගේ වැටීමට පසුවද නිරතුරුව ඔවුන් සමඟ කතා කළ අතර එතුමන් වහන්සේගේ සැපයීමද ඔවුන් කෙරෙහි විය. ආදම් සහ ඒවා දෙවියන් වහන්සේගේ පොරොන්දුව වන ගැලවුම්කරුවෙකු සපයන බව දැන සිටියෝය (උත්පත්ති 3:15). වැටීමෙන් පසුව දෙවියන් වහන්සේ විසින් හමකින් ඇදුම් සාදා දෙනු ලැබූ සේක (උත්පත්ති 3:21). බොහෝ විශාරදයින් විශ්වාස කරනු ලබන්නේ මෙය පළමුවෙනි සත්ව පූජාව ලෙසය. මන්ද යත් මුළු ලෝකායාගේ පාපය උදෙසා අවසාන පූජාව වන ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය මත පූජාවට පෙර ලකුණක් බවය. මෙම සියළු කරුණු එකිනෙකට ගෙන සළකා බැලූ කල්හි සැබවින්ම ආදම් සහ ඒවා මරණින් පසු ස්වර්ගයට / පාරාදීසියට ඇතුළු වූ බවට සිතිය හැකිය.

ආදම්ට සහ ඒවාට දරුවන් කී දෙනෙක් සිටියාද? බයිබලය විශේෂිත ගණනක් සඳහන් කර නැත. ආදම්ට සහ ඒවාට කායින් (උත්පත්ති 4:1), ආබෙල් (උත්පත්ති 4:2), සෙත් (උත්පත්ති 4:25) සහ තවත් බොහෝ දියණියන් සහ පුතුන් සිටියෝය (උත්පත්ති 5:4). දරුවන් ලැබීමේ හැකියාව අවුරුදු සිය ගණනකට තිබූ බැවින් ආදම්ට සහ ඒවාට 50 කට වැඩි ගණනක් ඔවුන්ගේ ජීවිත කාලය පූරාවට සිටියෝය.

ආදම් සහ ඒවා මවනු ලැබුවේ කවදාද? පරණ ගිවිසුමෙහි ඉතිහාසය සහ උත්පත්ති පොතෙහි කාල වකවානුවන් සොයා බැලුවහොත් ආදම් සහ ඒවාගේ මැවීම ආසන්න වශයෙන් ක්‍රි.පූ 4000 පමණ සිදු වූවායැයි සිතිය හැකිය.

ආදම් සහ ඒවා ලෙන් මිනිසුන්ද? උත්පත්ති 3 වන පරිච්ජේදයෙහි සඳහන් වන්නේ ආදම් සහ ඒවා ඉතාමත් බුද්ධිමත්ව දෙවියන් වහන්සේ සමඟ සාකච්ජා කළ බවය. ආදම් සහ ඒවාට සංකල්පයන් තේරුම් ගැනීමේ ශක්තියෙහි යම් 'ආදිකල්පික' බවක් වූවද ඔවුන් කිසිදු ආකාරයකින් වානර ස්වභාවයක් හෝ දුර්වල භාවයක් හෝ තිබුණේ නැත. ලොව ඉතිහාසයේ ඉතාමත් හොඳින් අඬු ලුහුඬු නොමැතිව සිටි පුද්ගලයන් දෙදෙනා ආදම් සහ ඒවා විය.

පාපයට වැටෙන්නට ප්‍රථමයෙන් ආදම් සහ ඒවා කෙතරම් කාලයක් ඒදන් උනෙහි සිටියාද? පාපයට වැටෙන්නට ප්‍රථමයෙන් කොතරම් කාලයක් ආදම් සහ ඒවා ඒදන් උයනෙහි සිටියාද යන්න බයිබලය ඉතාමත් නිශ්චිත ආකාරයකින් පවා නැත. නමුත් පෙනෙන්නට තිබෙන ආකාරයෙන් සිතිය හැක්කේ දවසක් දෙකක් වැනි කෙටි කාලයක් බවය. ආදම් සහ ඒවා ඒදන් උයනෙහි සිටින තාක් කල් ගැබ් ගැනීමක් සිදු වූයේ නැති බැවින් (උත්පත්ති 4:1-2) වැඩි කාලයක් ඒදන් උයනෙහි සිටියා යයි සිතිය නොහැක.

ආදම්ට සහ ඒවාට නාභිය / පෙකනිය තිබුණාද? පෙකණිය සෑදෙන්නේ දරුවා මවගේ ගර්භාෂයතුළදී මවට සම්බන්ධ වන පෙකණිවැල මඟිනි. ආදම් ඒවා ඝෘජුවම දෙවියන් වහන්සේ විසින් මවනු ලැබූ හෙයින් සාමානය්‍ය පිළිසිඳ ගැනීමේ ක්‍රියාවලිය සිදු නොවුනි. එබැවින් බොහෝවිට ආදම්ට සහ ඒවාට පෙකණිය තිබිය නොහැක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආදම් සහ ඒවා පිළිබඳ ප්‍රශ්ණ?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries