settings icon
share icon
ප්‍රශ්නය

පීඩාවට ලක්වීම දික්කසාදය සදහා පිළිගත හැකිවූ හේතුවක් වේද?

පිළිතුර


විවාහ සහකරුවාගෙන් වන පීඩාව දික්කසාදයට හේතුවය යන ගැටළුව පිළිබද දේව වචනය නිශ්චල වන නමුත් දෙවියන්වහන්සේ විවාහයක් පැවතිය යුතු ආකාරය පිළිබද අපේක්ෂා කරනු ලබන්නේ කුමක්ද යන්න ප්‍රකට වන අතර (එපීස 5:22-33), පීඩාවට ලක් කිරීම භක්තිමත් සියල්ලටම පටහැනිවේ. ශාරිරික විවාහක සහකරුවාට එරෙහිව ප්‍රචන්ඩත්වය වනාහී දුරාචාරවත් වන අතර එය කිසවකු විසින් දරා නොසිටිය යුතුවේ. කිසිවකු අනාරක්ෂිත පරිසරයක පැවතිය යුතු නොවන්නේ එතුළ පවුලේ සාමාජිකයෙකු, මිත්‍රයෙකු, සේවා යෝජකයෙකු, රැක බලාගන්නෙකු හෝ ආගන්තුකයයෙකු අන්තර්ගත විය හැක. ශාරිරක පීඩාවන්ට ලක් කිරීම නීතියට පටහැනි වන අතර එවන් පීඩාවන්ට ලක් කිරීම් දක්නට ලැබුණහොත් මූලිකවම දැනුමි දිය යුත්තේ පොදුජන අධිකාරීන්ටය.

පීඩාවට ලක්වූ විවාහ සහකරුවකු එසැනින්ම ආරක්ෂා සහිත ස්ථානයක් සොයා යා යුතුය. දරුවන් සිටි නම් ඔවුන්වද ආරක්ෂා කොට එම තත්වයෙන් ඉවත් කළ යුතුවෙති. පීඩා කරන්නෙකුගෙන් වෙන්ව සිටීම කිසිසේත්ම දේවවචනානුකූළ නොවන්නක් නොවේ; සත්‍යය වශයෙන්ම කිවහොත් තමන්ව මෙන්ම තම දරුවන්ව ආරක්ෂා කර ගැනීම සදාචාරාත්මක වශයෙන් නිවැරදිවේ.

පීඩාවට ලක්වීම් තුළ වුවද දේව වචනය කිසිවිටෙකත් දික්කසාදය නියෝග නොකරයි. දේව වචනයේ දික්කසාදය සදහා පිළිගත හැකිවූ හේතුකාරණා දෙකක් පැහැදිලිව අගවනු ලබයි: නොඇදහිලිකාර විවාහක සහකරුවකු විසින් කිතුණුවකු අත්හැර දැමීම (1 කොරින්ති 7:15) සහ කාමමිථ්‍යාචාරයයි (මතෙව් 5:32). දේව වචනයෙහි පීඩාවට ලක්කිරීම දික්කසාදය සදහා පිළිගත හැකිවූ හේතුකාරණාවක් ලෙස ලැයිස්තුගත නොකරන හෙයින් වෙන්වීම සදහා දෙනු ලබන උපදෙස් අප විසින් සීමා කිරීමට ප්‍රවේසම් විය යුතුවේ.

අත්හැර දැමීම සහ කාමමිථ්‍යාචාරය ආදිය වෙනුවෙන් දික්කසාද වීමට දෙවියවහන්සේ විසින් ඉඩ හරිනු ලබන නමුත් එවන් වාතාවරණයන් පවා ස්වයංක්‍රීයව දික්කසාද නඩු කටයුතු පුරනය නොකරනු ලබන අතර දික්කසාදය වූ කලී තවදුරටත් අවසාන විකල්පයවේ. අවිශ්වාසවන්තකම හේතු වුවහොත් කිතුණුවන් දෙදෙනෙකු දික්කසාද වනු වෙනුවට සමගසන්ධාන වීම යහපති. දෙවියන්වහන්සේ විසින් අපට නොමිලයේ ලබා දෙනු ලබන්නාවූ කමාව සහ ප්‍රේමය පතුරුවාලීම යහපත්ය (කොලොස්සි 3:13). පීඩාකරන්නෙකු හා සමග සමගිසන්ධාන වීම කෙසේ නමුත් බෙහෙවින් වෙනස්ය. පීඩාකරනු ලබන්නාවූ සහකරුවකු හා සමග සමගිසන්ධාන වීම රදා පවතිනු ලබන්නේ පීඩාකරනු ලබන්නා විසින් තමා විශ්වාසනීයත්වය ඔප්පු කිරීමෙන් වන අතර එය කෙදිනක හෝ සිදුවේ නම් එයට වසර ගණනාවක්ද ගත විය හැක. පීඩාකරනු ලබන්නාවූ විවාහ සහකරුවකුගෙන් වෙන්වීම දිගුකාලීන විය හැක.

වෙන්වීම ප්‍රතිෂ්ඨාපනය වීමෙන් අනතුරුව පීඩාකරනු ලබන්නාගේ වගකීමක් වනුයේ උපකාර සෙවිමය. පළමුව සහ ප්‍රමුඛව ඔහු දෙවියන්වහන්සේ සෙවිය යුතුවේ. මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටු කරන්නාට දොර හරිනු ලැබේ (මතෙව් 7:8). පුද්ගලයන්ව සහ සම්බන්ධතා සුව කිරීමට දෙවියන්වහන්සේට බලය තිබේ. අපගේ ජීවිතයේ ස්වාමීන් උන්වහන්සේ විය යුතු වන සේක, අපගේ වත්කම්හී ස්වාමියා විය යුතුවන සේක මෙන්ම අපගේ ගෘහ මූලිකයාණන්ද විය යුතු සේක. පීඩාකරනු ලබන්නකු කෙරෙහි මනෝමය ආධාර සහ නීතිමය සීමාවන් (තහනම් නියෝග) පැනවීම කාලෝචිත වන මෙන්ම එවන් මෙවලම් ඔහුගේ හෝ ඇයගේ වෙනස්වීමේ ක්‍රියාවලිය සදහා වැදගත්වේ.

පීඩාකරනු ලබන්නා සත්‍යෙක්ෂණය කළ හැකි වෙනස් වීමක් ආදර්ශණය කරන්නේ නම්, එසේම ස්වාධීනව තහවුරු කරනු ලැබුවෙහි නම් එම සබදතාවය අවධානයෙන් පුනරාරම්භ කළ හැකිවේ. ස්වාමි පුරුෂයා සහ භාර්‍යයාව යන දෙදෙනාම දෙවියන්වහන්සේගේ මාර්ගයට කැප විය යුතු මෙන්ම දෙවියන්වහන්සේ හා සමග ඔවුන්ගේ සබදතාවය ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන වර්ධනය කරගත යුතුවෙති. “වංකකමේ මාර්ගය මා කෙරෙන් පහකළ මැනව. ඔබගේ ව්‍යවස්ථාව කරුණාවෙන් මට දුන මැනව. විශ්වාසකමේ මාර්ගය තෝරාගතිමි. ඔබගේ විනිශ්චයන් මා ඉදිරියෙහි තබා ගතිමි” (ගීතාවලිය 119:29-30). දෙවියන්වහන්සේට ඇති මෙම කැපවීම විශ්වාසනීය පාලකතුමෙකුගෙන් හෝ ඇදහිලිවන්ත බලපත්‍රලත් උපදේශකයෙකුගේ බලවත් උපදේශන හා සමග අනුබද්ධ විය යුතුවේ. උපදේශන පළමුව පෞද්ගලිකවත් ඉන් අනතුරුව යුවලක් ලෙසත් අවසානයේදී මුළු පවුලක් ලෙසත් ගතයුතු වන්නේ සියල්ලන්ටම සුවය සදහා උපකාර අවශ්‍යය වන හෙයිනි. පීඩාකරනු ලබන පුද්ලගලයෙකු අවංක ලෙසම පශ්චාතාපවී යටහත්ව දෙවියන්වහන්සේට භාර වන්නෙහි නම් ඔහු තුළ වෙනසක් ඇතිවිය හැක (2 කොරින්ති 3:18).

ස්ථාවර සබදතාවයක් ගොඩ නගා ගැනීමට ප්‍රථමයෙන් “රතු කොඩි” බොහොමයක් පිළිබදව සොයා බැලිය යුතුවේ. අවාසනාවකට මෙන් මෙම දර්ශකයන් විවාහ මංගල්‍යය සිදුවන තුරු දෘෂ්‍යමාන නොවිය හැක්කේ බොහෝ පීඩාකරනු ලබන්නන් ඔවුන්ගේ සත්‍යය ස්වරූපය සගවා ගැනීමේ පලපුරුද්දක් ඇත. කෙසේ නමුත් සොයා බැලිය යුතු දේවල් ලයිස්තුව තුළ අන්තර්ගත විය යුත්තේ අපරිමේය ඊර්ෂ්‍යයාව, දමනය කර ගැනීමේ අවශ්‍යයතාවය, ඉක්මන් කෝපය, සත්ත්වයන්ට ඇති කෘරත්වය, අනෙක් පුද්ගලයාව ඔහුගේ හෝ ඇයගේ මිතුරන් සහ පවුලේ සාමාජිකයන්ගෙන් හුදෙකලාව තැබීමට උත්සාහ දැරීම, මත්ද්‍රව්‍ය සහ මත්පැන් අයථාභාවිතය සහ සීමාවන්, පෞද්ගලිකත්වය, පුද්ගලික අවකාශය හෝ සදාචාරාත්මක සාරධර්ම පිළිබදව ඇති අගෞරවය ආදියවේ. මෙම අනතුරු ඇගවීමී සංඥාවන් ඔබ සබදතාවයකට ඇතුළත් විමට යන්නාවූ පුද්ගලයෙකු තුළ දකින්නෙහි නම් අක්‍රොෂකාරී තත්වයන් පිළිබදව හුරුපුරුදු යම් කෙනෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

ඔබ මේ වන විට අක්‍රොෂකාරී තත්වයකින් පසුවේ නම් පීඩාකරනු ලබන්නා විවාහ සහකරුවාද,ල දෙමව්පියෙක්ද, දරුවෙක්ද, රැක බලාගන්නෙක්ද, ගුරුවරයෙක්ද, ඥාතියෙක් හෝ වෙනත් යම් කෙනෙක් වුවද ඔබ එම තත්වයේ පැවතීම දෙවියන්වහන්සේට අවශ්‍යය නොවන බව කරුණාකර දැනගන්න. ඔබ විසින් ශාරිරික, ලිංගික හෝ මානසික පීඩා වලට ලක්වීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවේ. එම තත්වය පසෙකලා ඔබට ආරක්ෂා සහිතව විසීමට උපකාර වනු වස් යම් කෙනෙකු සොයා ගැනීමෙන් අනතුරුව යුහුසුළුව නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි සම්බන්ධ වන්න. ඒ සියල්ල තුළෙහි දෙවියන්වහන්සේගේ මග පෙන්වීම සහ ආරක්ෂාව වෙනුවෙන් යාච්ඤා කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පීඩාවට ලක්වීම දික්කසාදය සදහා පිළිගත හැකිවූ හේතුවක් වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries