ආබ්‍රහම්ගේ ගිවිසුම යනු කුමක්ද?


ප්‍රශ්නය:ආබ්‍රහම්ගේ ගිවිසුම යනු කුමක්ද?

පිළිතුර:
ගිවිසුමක් යනු පාර්ශව දෙකක් අතර ඇති කරගත් ගිවිසුමකි. ගිවිසුම්වල මූලික වර්ග දෙකක් තිබේ: කොන්දේසි සහිත සහ කොන්දේසි විරහිත. කොන්දේසි සහිත හෝ ද්විපාර්ශ්වික ගිවිසුමක් යනු එය ඉටුකිරීම සඳහා දෙපාර්ශවයටම බැඳී ඇති ගිවිසුමකි. යම් කොන්දේසි සපුරාලීමට දෙපාර්ශ්වයම එකඟවෙති. එක් පාර්ශ්වයක් ඔවුන්ගේ වගකීම් ඉටුකිරීමට අපොහොසත් වුවහොත්, ගිවිසුම බිඳී යන අතර ගිවිසුමේ අපේක්ෂාවන් ඉටු කිරීමට කිසිදු පාර්ශ්වයකට සිදු නොවේ. කොන්දේසි විරහිත හෝ ඒක පාර්ශ්වික ගිවිසුමක් යනු පක්ෂ දෙකක් අතර ඇති කර ගත් ගිවිසුමකි, නමුත් යමක් කළ යුත්තේ පක්ෂ දෙකෙන් එකක් පමණි. අනෙක් පාර්ශවයෙන් කිසිවක් අවශ්‍ය නොවේ.

ආබ්‍රහම්ගේ ගිවිසුම කොන්දේ සිවිරහිත ගිවිසුමකි. දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුවූ පරිදි ආබ්‍රහම්ගෙන් කිසිවක් අවශ්‍ය නොවීය. උත්පත්ති 15:18–21 විස්තර කරන්නේ ආබ්‍රහම්ගේ ගිවිසුමේ කොටසක්, විශේෂයෙන් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට සහ ඔහුගෙන් පැවතෙන්නන්ට පොරොන්දුවූ දේශයේ මානයන් සමඟය.

සැබෑ ආබ්‍රහම්ගේ ගිවිසුම උත්පත්ති 12:1–3 දක්වා ඇත. උත්පත්ති 15 හි සඳහන් වතිවතාවන් මගින් ගිවිසුමේ කොන්දේසි විරහිත ස්වභාවය පෙන්නුම් කරයි. ගිවිසුමේ දෙපාර්ශවයම සතුන් කැබලි අතරට යන එකම අවස්ථාවවූයේ ගිවිසුම ඉටු කිරීම දෙපාර්ශ්වයම බැඳීම් මත රඳා පැවතීමයි. දෙවියන්වහන්සේ පමණක් සතුන්ගේ අර්ධ අතර ගමන් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ගත් කල, එය දුම් නගින උදුනක් සහ දැවෙන ගිනි හුලක් බව සඳහන් කළ යුතුය. එය නියෝජනය කරන්නේ දෙවියන්වහන්සේ මිස කෑලි අතරට ගිය ආබ්‍රහම් නොවේ. එවැනි ක්‍රියාවක් දෙපාර්ශවයම බෙදා ගත යුතු බව පෙනේ, නමුත් මේ අවස්ථාවේදී දෙවියන්වහන්සේගේ හුදකලා ක්‍රියාව, ගිවිසුම ප්‍රධාන වශයෙන් දෙවියන්වහන්සේගේ පොරොන්දුවක් බව පැහැදිලි කිරීම නිසැකය. උන්වහන්සේ ගිවිසුමට බැඳී සිටියි. දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දෙපලු කල සත්වයන් අතරට යෑමට නොහැකි වන පරිදි නින්දක් ඇති කළේය. ගිවිසුම ඉටුකිරීම දෙවියන්වහන්සේ කෙරෙහි පමණක්ම විය.

පසුව දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට චර්ම ච්ඡේදනය කිරීමේ චාරිත්‍රය ආබ්‍රහම්ගේ ගිවිසුමේ නිශ්චිත ලකුණ ලෙස ලබා දුන්නේය (උත්පත්ති 17:9-14). ආබ්‍රහම්ගේ පෙළපතේ සිටින සියලුම පිරිමින් චර්ම ඡේදනය කළ යුතු අතර, එම නිසා ඔවුන් ලෝකයේ දෙවියන්වහන්සේගේ ශාරීරික ආශීර්වාදයේ කොටසක් බව ඔවුන්ගේ මාංසයේ ජීවිත කාලය පුරාම සලකුණක් රැගෙන යායුතුය. චර්ම ච්ඡේදනය කිරීම ප්‍රතික්ෂේප කළ ආබ්‍රහම්ගෙන් පැවත එන ඕනෑම කෙනෙක් තමන් දෙවියන්වහන්සේගේ ගිවිසුමට වලංගු නොවන හා එහි පිටින් සිටින බව පකාශ කරමින් සිටියේය. නික්මයාම 4:24-26 හී මෝසෙස් තම පුත්‍රයා චර්ම ච්ඡේදනය කිරීමට අපොහොසත්වූ විට දෙවියන් වහන්සේ මෝසෙස් සමඟ කෝප වූයේ මන්ද යන්න මෙයින් පැහැදිලිවේ.

දෙවියන්වහන්සේ තමා වෙනුවෙන් විශේෂ ජනතාවක් කැඳවීමට අධිෂ්ධාන කර ගත් අතර, එම විශේෂ පුද්ගලයන් තුළින් උන්වහන්සේ සියලු ජාතීන්ට ආශීර්වාද ලබා දෙනු ඇත. ආබ්‍රහම්ගේ ගිවිසුම රාජ්‍ය සංකල්පය පිළිබඳ නිසි අවබෝධයකට අතිශයින්ම වැදගත් වන අතර එය පරන ගිවිසුමේ දේව ධර්මයට පදනම්වේ. ආබ්‍රහම්ගේ ගිවිසුම උත්පත්ති 12:1–3 හි විස්තර කර ඇති අතර (1) එය කොන්දේසි විරහිත ගිවිසුමකි. එයට කොන්දේසි කිසිවක් නොමැත (එය ඉටුකිරීමට යෝජනා කරන "නම්" වගන්ති මිනිසා මත රඳා පවතී). (2) එය වචනානුසාරයෙන් අවබෝධ කර ගත යුතු ගිවිසුමක්ද වේ. පොරොන්දුවූ දේශය වචනයේ සාමාන්‍ය අර්ථ දැක්වීමකින් තේරුම් ගත යුතුය — එය ස්වර්ගයේ රූපයක් නොවේ. (3) එය සදාකාලික ගිවිසුමකි. දෙවියන්වහන්සේ ඊශ්‍රායෙලයට දුන් පොරොන්දු සදාකාලිකයි.

ආබ්‍රහම්ගේ ගිවිසුමේ ප්‍රධාන ලක්ෂණ තුනක් තිබේ:

1. දේශය පිළිබඳ පොරොන්දුව (උත්පත්ති 12:1). දෙවියන්වහන්සේ ආබ්‍රහම්ව කල්දිවරුන්ගේ ඌර්හි සිට තමාට දෙන දේශයකට කැඳෙව්වේය (උත්පත්ති 12: 1). මෙම පොරොන්දුව උත්පත්ති 13:14-18; එහි මානයන් උත්පත්ති 15:18–21 දක්වා ඇත (මෙය ස්වර්ගයේ ඉටුවන බවට කිසිදු අදහසක් නොමැතිව). ආබ්‍රහම්ගේ ගිවිසුමේ ඉඩම් පැතිකඩ ද්විතීය කථාව 30:1-10 දක්වා පුළුල්වේ, එය පලස්තීන ගිවිසුමයි.

2. පැවතෙන්නන්ගේ පොරොන්දුව (උත්පත්ති 12:2). දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුවුනා ඔහුගෙන් විශාල ජාතියක් ඇති කරන බවට. වයස අවුරුදු 75 ක් හා දරුවෙකු නොමැති ආබ්‍රහම්ට (උත්පත්ති 12:4) බොහෝ පරම්පරාවන් පොරොන්දුවිය. මෙම පොරොන්දුව උත්පත්ති 17:6 හි දක්වාඇත. එහිදී ජාතීන් සහ රජවරු හා කුල දෙටුවන්ගෙන් පැවත එන බවට දෙවියන්වහන්සේ පොරොන්දු වූහ. මෙම පොරොන්දුව (2 සාමුවෙල් 7:12-16 දාවිත්ගේ ගිවිසුමෙහි පුළුල්වේ) දාවිත් සිංහාසනය තුළ මෙසියස් වහන්සේගේ හෙබ්‍රෙව් ජනතාව කෙරෙහි රජකම් කිරීමත් සමඟ සිදුවනු ඇත.

3. ආශීර්වාද හා මිදීමේ පොරොන්දුව (උත්පත්ති 12:3). දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට සහ පොළොවේ පවුල්වලට ආශීර්වාද කරන බවට පොරොන්දුවුණි. මෙම පොරොන්දුව නව ගිවිසුමේ (යෙරෙමියා 31: 31-34; හෙ‍බ්‍රෙව් 8:6-13) පුළුල් කර ඇති අතර ඊශ්‍රායෙලයේ අධ්‍යාත්මික ආශීර්වාදය හා මිදීම සමඟ සම්බන්ධවේ. යෙරෙමියා 31:34 පාපයට සමාව අපේක්ෂා කරයි. ගිවිසුමේ කොන්දේසි විරහිත හා සදාකාලික ස්වභාවය, ගිවිසුම ඊසාක්ට නැවත තහවුරු කර ඇති බව පෙනේ (උත්පත්ති 21:12; 26:3-4). ගිවිසුමේ කොන්දේසි විරහිත අංගය "මම කරන්නෙමි" යන පොරොන්දුව නැවත යෝජනා කරයි. ගිවිසුම පසුව යාකොබ්ට තහවුරුවේ (උත්පත්ති 28:14-15). දෙවියන් වහන්සේ මෙම පොරොන්දු යළිත් තහවුරු කළේ කුලදෙටුවන්ගේ පව් මධ්‍යයේය. ඇත්ත වශයෙන්ම එය ආබ්‍රහම්ගේ ගිවිසුමේ කොන්දේසි විරහිත ස්වභාවය තව දුරටත් අවධාරණය කරයි.

දෙවියන්වහන්සේ ආබ්‍රහම්ගේ ගිවිසුම ඉටු කිරීමේ ක්‍රමවේදය වචනානුසාරයෙන් යුක්ත වන අතර, දෙවියන්වහන්සේ ඉතිහාසයේ ගිවිසුම අර්ධ වශයෙන් ඉටු කළ සේම: දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දේශය ලබාදීමෙන් ඔහුට ආශීර්වාද කළේය (උත්පත්ති 13:14–17), සහ සියවස් ගණනාවකට පසු, ආබ්‍රහම්ගේ පුත්‍රයෝ පාලනය භාර ගත්හ. දේශය: "එබැවින් සමිඳාණන්වහන්සේ ඔවුන්ගේ මුතුන් මිත්තන්ට දීමට දිවුරුම් දුන් මුළු දේශයම ඊශ්‍රායෙල්වරුන්ට දුන් සේක. ඔව්හු එය අල්ලාගෙන එහි පදිංචි වූහ" (යෝෂුවා 21:43). දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ආත්මිකව ආශීර්වාද කළේය (උත්පත්ති 13:8, 18; 14:22-23; 21:22); දෙවියන්වහන්සේ ඔහුට බොහෝ පරම්පරාවන් ලබා දුන් සේක (උත්පත්ති 22:17; 49:3-28). කෙසේ වෙතත්, ආබ්‍රහම්ගේ ගිවිසුමේ වැදගත් අංගයක් වන්නේ මෙසියස් වහන්සේගේ රාජ්‍ය පාලනය සමඟ අනාගත ඉටුවීමක් ඉල්ලා සිටීමයි.

1. ජාතියක් වශයෙන් ඊශ්‍රායෙලයට අනාගතයේදී දේශයේ පූර්ණත්වය හිමිවනු ඇත. ආබ්‍රහම්ට පොරොන්දුවූ පරිදි ඊශ්‍රායෙලයේ අනාගත ආශීර්වාදය සහ ඇය දේශය අත්පත්කර ගැනීම පිළිබඳව පරණ ගිවිසුමේ බොහෝ ඡේද අපේක්ෂා කරයි. ඊශ්‍රායෙලය නැවත දේශයට ගෙන එන අනාගත දවසක් එසකියෙල් අපේක්ෂා කරයි (එසකියෙල් 20:33-37, 40-42; 36:1-37:28).

2. ජාතියක් ලෙස ඊශ්‍රායෙලය යේසුස්වහන්සේව මෙසියස් වහන්සේ ලෙස පිළිගෙන සමාව ලැබ නැවත පිහිටුවනු ඇත (රෝම 11:25-27).

3. අනාගතයේදී ඊශ්‍රායෙලය පසුතැවිලිවී දෙවියන්වහන්සේගෙන් සමාව ලබා ගනී (සෙකරියා 12:10-14). ආබ්‍රහම්ගේ ගිවිසුම එහි අවසාන ඉටුවීම සොයා ගන්නේ මෙසියස්වහන්සේ තම සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව ගලවා ආශීර්වාද කිරීමට නැවත පැමිණීම සම්බන්ධයෙනි. ලෝක ජාතීන්ට ආශීර්වාද කරන බවට දෙවියන් වහන්සේ උත්පත්ති 12:1-3හි පොරොන්දු වූයේ ඊශ්‍රායෙල් ජාතිය හරහාය. එම අවසාන ආශීර්වාදය පව් වලට සමාවදීම සහ මෙසියස් වහන්සේගේ මහිමාන්විත රාජ්‍ය පාලනය පොළොව මත නිකුත්වේ.

English


නැවතත් සිංහල මුල් පිටුවට
ආබ්‍රහම්ගේ ගිවිසුම යනු කුමක්ද?

කොහොමද දැනගන්න ...

දෙවියන් වහන්සේ සමග සදාකාලිකත්වය



දෙවියන්ගෙන් සමාව ලබාගන්න