settings icon
share icon
ප්‍රශ්නය

ගබ්සා කිරීම පිළිබඳව බයිබලයේ කුමක් සඳහන් කරයිද?

පිළිතුර


කිසිම විටක ගබ්සා කිරීම යන දෙය පිළිබඳව ඝෘජුව කථා නොකරයි. කෙසේ වෙතත්, ගබ්සා කිරීම පිළිබඳව දෙවියන් වහන්සේගේ අදහස පිළිබ්ඹුවන බොහෝ ඉගැන්වීම් බයිබලයේ අපට සොයා ගත හැක. යෙරමියා 1:5 අපට පවසනවා දෙවියන් වහන්සේ අපව මව්කුසේ පිළිසිඳ ගැනීමට පෙර දැන සිටි බවට. ගීතාවලිය 139:13-16 හී දෙවියන් වහන්සේ අපගේ මැවීම හා සැකසුමෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳව පවසයි. නික්මයාම 21:22-25 හී කුසෙහි සිටින දරුවකුව විනාශ කිරීම මිනීමැරීමක් සිදු කරන අතර මරණීය-දඬුවම ලැබිය යුතු වරදක් බව. ඉන් අදහස් කරන්නේ කුසෙහි සිටින දරුවෙකුවද සම්පූර්ණ වැඩුනු මිනිසෙකු ලෙසට දෙවියන් වහන්සේ සලකන බව. කිතුනුවන්ට, ගබ්සා කිරීම කාන්තාව විසින් පමණක් තීරණය කිරීම වැරදිය. එය දෙවියන් වහන්සේගේ ස්වරූපයට මවා ඇති කෙනෙකුගේ ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයකි (උත්පත්ති 1:26-27; 9:6).

කිතුනුවන් ගබ්සාව පිළිබඳව දරණ ආකල්පයට විරුද්ධව නැගෙන පළමු වාදය නම් “එම සිදුවීම අතවරයක් හෝ ව්‍යහිවරයක් හේතුවෙන් සිදුවී ඇති නම්?” සැබවින්ම අතවරයකට ලක්වී හෝ ව්‍යහිවරයෙන් ගැබ් ගැනීම පිළිකුල් සහගතය නමුත් එයට ඇති පිළිතුර බිළිඳා ඝාතනය කිරීමද? වැරදි දෙකක් නිවැරදි එකක් ගෙන නොඑයි. එවැනි අතවරයට හෝ ව්‍යහිවරය හේතුවෙන් පිළිසිඳ ගත් දරුවාව තමන්ට කියා දරුවන් හදාගත නොහැකි ප්‍රේමණීය පවුලකට හදාගැනීමට දිය හැක. එසේත් නැති නම් එම මව දරුවාව හදාගත යුතුය. නැවතත්, දරුවා සියයට සියයක් අහිංසකයි පියාගේ නපුරු ක්‍රියා පටිපාටයට දරුවාට දඬුවම් නොකළ යුතුය.

ගබ්සා කිරීම පිළිබඳව කිතුනුවන් දරණ ආකල්පයට විරුද්ධව නැගෙන දෙවන තර්කය නම් “මවගේ ජීවිතය අවදානම් අවස්ථාවක දරුවා ගබ්සා කරන්නේ” එසේ නම් තත්වය කෙසේද? යන්නයි. අවංකව මෙය පිළිතුරු දීමට අසීරු ප්‍රශ්නයකි ගබ්සාව පිළිබඳව. පළමුව, මතක තබාගතයුතු දෙයක් නම් ඉහත කී හේතුව නිසාම ගබ්සා කිරීම සිදුවන්නේ සියයකට එකක් පමණ අද ලෝකයේ. බොහෝ කාන්තාවන් ගබ්සා කර ගැනීම් තම පහසුව හේතුවෙන් කර ගන්නවා තමාගේ ජීවිතය බේරා ගැනීමට වඩා. දෙවනුව, අපි මතක තබා ගතයුතුයි දෙවියන් වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ බවට. දෙවියන් වහන්සේට දරුවත් මවත් බේරාගැනීමට පුළුවන් වෛද්‍ය වාර්ථාව ඒ පිළිබඳව කුමක් පැවසුවත්. අවසානයේදී, මෙම ප්‍රශ්නයට පිළිතුර තීරණය විය යුත්තේ ස්වාමියා, භාර්යාව හා දෙවියන් වහන්සේ අතරයි. මෙවැනි තත්වයකට මූන දෙන ඕනෑම යුවලක් දෙවියන් වහන්සේට යාච්ඤා කළ යුතුය ප්‍රඥාව ඉල්ලා මන්ද එය අසීරු තත්වයකි (යාකොබ් 1:5) මන්ද උන් වහන්සේ ලඟ ඔවුන් කළ යුතු පිළිතුර ඇත.

95% අධික ප්‍රමාණයක් කතුන් ගබ්සා කරන්නේ ඔවුනට දරුවෙකු අවශ්‍ය නැති නිසාය. 5% අඩු ප්‍රමාණයක් ගබ්සා ව්‍යහිවර හා අතවර නිසා සිදුවූ පිළිසිඳ ගැනීම් හෝ මවගේ ජීවිතය අනතුරේ නිසා සිදුවූ ගබිසා. මේ නිදර්ශණයේ බොහෝ අසීරුම 5% ගබ්සා කිරීම තුළත් ගබ්සා කිරීම පළමු පියවරම නොවිය යුතුය. කුස (ගර්භය) තුළ තිබෙන මිනිස් ජීවයට වටිනාකමක් තිබෙනවා සියලු උත්සහය දරා දරුවා ඉපදවීමට ඉඩදීමට.

ගබ්සාවක් සිදුකර ඇති අයට, අනෙක් පව් මෙන්ම සමාව ලැබිය හැකි වරදකි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ල කරණකොටගෙන සියු පාප වලට සමාව තිබේ (යොහන් 3:16; රෝම 8:1; කොලොස්සි 1:14). ගබ්සාවක් කරගෙන ඇති කතක් හා ගබ්සාවක් කිරීමට දිරි දුන් පුරුෂයා හෝ එය සිදු කළ වෛද්‍යවරයා යන-සිඋලු දෙනාට ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිමෙන් සමාව ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගබ්සා කිරීම පිළිබඳව බයිබලයේ කුමක් සඳහන් කරයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries