settings icon
share icon
ප්‍රශ්නය

වාක්‍යාණෝ මංශවත් වීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? (යොහාන් 1:14)?

පිළිතුර


වාක්‍යාණෝ යන වචනය විවිධාකාර ලෙස දේවවචනයේ සදහන් වේ. නව ගිවිසුමේ වාක්‍යාණෝ යන වචනය ග්‍රීක භාෂාවේ වචන දෙකකින් පරිවර්තනය වී ඇත. එනම් "රේමා" සහ ලෝගෝස් යනුවෙනි. මෙම වචන දෙකෙහි අර්ථය අතර සුඵ වෙනස්කම් ඇත. "රේමා" යන වචනයේ සාමාන්‍ය තේරුම වනුයේ "ප්‍රකාශිත වදනක්" යනුවෙනි. උදා: ලූක් 1:38 අනුව දේව දුතයා මරිය තුමියට පැවසු අන්දමට එතුමිය දේව පුත්‍රයාගේ මව වන බව ඇය ඇසු විට ඇයගේ පිලිතුර වුයේ "බලන්න මම ස්වාමින්වහන්සේගේ දාසිය වෙමි. ඔබ පැවසු ලෙස මට වේවා" යනුවෙනි. (රේමා)

එහේත්, ලෝගෝස් යන වචනයේ වඩාත් පුඵල් දාර්ශනික තේරුමක් ඇත. යොහාන් 1 පරි. හි භාවිතා කර ඇත්තේ මෙම වචනයය. එය සාමාන්‍යයෙන් සම්පුර්ණ පණිවිඩයක් හගවන අතර, මනුෂ්‍ය වර්ගයා හට දෙවියන්වහන්සේ විසින් ලබාදෙන පිණිවිඩ සම්බන්ධයෙන් එම වචනය භාවිතා කර ඇත. උදා: වශයෙන් ලූක් 4:32 හි සදහන් වනුයේ, යේසුස්වහන්සේ සෙනගට උගන්වන විට උන්වහන්සේ බලධාරි කෙනෙකු මෙන් කතා කළ බැවින් ඒ අනුශාසනා ගැන සෙනග විස්මිත වුහ. සෙනග විස්මිත වුයේ උන්වහන්සේ පාවිච්චි කළ වචන ගැන නොව, උන්වහන්සේ එමගින් ලබාදුන් සම්පුර්ණ පනිවිඩය ගැනය.

යොහාන් 1 වන පරිච්ජේදයේ "වාක්‍යාණෝ" (ලෝගෝස්) යන්න යොමු වුයේ යේසුස්වහන්සේ කෙරෙහිය. උන්වහන්සේ වනාහි සම්පුර්ණ පණිවිඩ කරුවානන්, එනම් දෙවියන්වහන්සේ මනුෂ්‍යා හට ප්‍රකාශ කිරීමට කැමති සියඵ දේම ප්‍රකාශ කරන තැනන්වහන්සේය. යේසුස්වහන්සේ මනුෂ්‍ය භාවය රැගෙන මෙලොව ඒමට පෙර පියාණන් හා පුත්‍රයාණන් අතර තිබු සම්බන්ධතාවය ගැන යොහාන් 1 පරි. මගින් අපට අවබෝධයක් ලබා දී ඇත. උන්වහන්සේ පෙර සිටම පියාණන් සමග වැඩසිටි සේක. (1 පදය) සෑම දෙයක්ම මැවීම සම්බන්ධව උන්වහන්සේ සහභාගි වු සේක. (3 පදය) උන්වහන්සේ "මනුෂ්‍යායන්ගේ ආලෝකය" විය. (4 පදය) වාක්‍යාණෝ (යේසුස්වහන්සේ) වනාහි දේවත්වයේ පුර්ණ අන්තර්ගතය වේ. (කොලොස්සි 1:19, 2:9, යෙසායා 14:9) නමුත් පියවු දෙවියන්වහන්සේ ආත්මයාණෝය. එතුමා මනුෂ්‍යයන් හට අදුර්ෂමානය. දෙවියන්වහන්සේ දිවැසිවරුන් තුලින් ලබා දුන් ප්‍රේමය සහ ගැලවීමේ පණිවිඩය ශතවර්ෂ ගනනාවක්ම නොසලකා හැර දමා තිබුණි. (එසකියෙල් 22:26, මතෙව් 23:37) පියවි ඇසට නොපෙනෙන දෙවිකෙනෙකුගේ පණිවිඩ නොසලකා හැරීමට ඉතා පහසු බව මනුෂ්‍යා දැන ගත් විට ඔවුන්ගේ පාපි සහ දුෂ්ඨ ක්‍රියාවන් දිගටම පවත්වා ගෙන ගියහ. එබැවින් එම පණිවිඩය, මාංශවත්වී මනුවෙස් ගෙන අප සමග ජිවත්වීමට වැඩිසේක. (මතෙව්1:23, රෝම 8:3, පිලිප්පි 2:5–11).

ලෝගෝස් නම් වචනය ග්‍රීකවරුන් විසින් යම් කෙනෙකුගේ "මනස", "නිගමන" හෝ "ඥානය" පිළිබදව විස්තර කිරීමට භාවිතා කළහ. යොහාන් තුමා මෙම ග්‍රීක සංකල්පය උපයෝගී කර ගත්තේ යේසුස්වහන්සේ ත්‍රීත්වයේ දෙවන තැනැන්වහන්සේ බවත්, උන්වහන්සේ තමන් විසින්ම ලොවට පිලිඹ්ඹු කරන තැනැත්තා බවත් ප්‍රකාශ කිරීමටය. පැරණි ගිවිසුමේ සදහන් වනුයේ, විශ්වය මවන ලද්දේ දෙවියන්වහන්සේගේ වචනයෙන් බවත් (ගීතාවලිය33:6) එමෙන්ම අවශ්‍යකා ඇති අය ගලවාගත් බවත්ය. (ගීතාවලිය107:20) යොහාන් තුමාගේ ශුභාරංචිය 1 වන පරි. මගින් එතුමා යුදෙව් සහ අන්‍ය ජාතිකයන් යන දෙපාර්ශවයම සදාකාලිකවු ක්‍රිස්තුස් වහන්සේ පිලිගන්නා මෙන් ආයාචනා කරයි.

වාක්‍යාණෝ මාංශවත් වීමට හේතුව ලූක් 20:9–16 හි සදහන් උපමාව මගින් යේසුස්වහන්සේ පැහැදිලි කර දුන් සේක. එක්තරා මනුෂ්‍යයකු මිදිවත්තක් වවා, එය ගොවියන් කීපදෙනෙකුට කුලියට දී දිගු කලකට බැහැරව ගියේය. ඵල නෙලීමේ කාලයේදී ඔහු එයින් කොටසක් ලබාගෙන ඒමට සේවකයන් එම කුලියට ගත් අය වෙත යැවීය. නමුත් ඔවුන් එම සේවකයන් හට තලා පෙලා හිස් අතින් ආපසු යැවීය. ඔහු තවත් සේවකයෙකු යැවීය. නමුත් ඔහුටද එම කුලිකරුවන් තාඩන පිඩන කර නිග්‍රහ වන ලෙස හැසිරි ඔවුන්වද හිස් අතින් යැවුහ. ඔහු තවත් තුන්වන සේවකයකුද ඔවුන් වෙත යැවීය. කුලිකරුවෝ ඔහුටද තුවාල කර පිටතට එලවුහ.

එවිට මිදිවත්තේ අයිතිකරුවා කියනුයේ "මම කුමක් කරම්ද"? මම මාගේ ප්‍රේමණිය පුත්‍රයා ඔවුන් වෙත යවමි. ඔවුන් මාගේ පුත්‍රයාට ගරු කරනු ඇතැයි කියා ඔහුව ඔවුන් වෙත යැවීය. නමුත් කුලීකරුවන් ඔහුව දුටුවිට ඔවුනොවුන් අතර සාකච්ජා කරමින් මොහු උරුමක්කාරයාය. අපි ඔහුව මරා දමමුව. එවිට සියඵ දේ අපට උරුමවනු ඇත කියා ඔහුව මිදිවත්තෙන් පිටතට ඇද දමා මරා දැමුහ. එවිට මිදිවත්තේ අයිතිකරු ඔවුන්ට කුමක් කරත්ද? ඔහු පැමිණ කුලිකරුවන්ට කුමක් කරත්ද? ඔහු පැමිණ කුලීකරුවන් මරා දමා මිදිවත්ත වෙනත් අයට ලබාදෙනු ඇත.

මෙම උපමාව මගින් යේසුස්වහන්සේ යුදෙව් නායකයන් හට මතක් කර දුන්නේ ඔවුන් දිවැසිවරුන් ප්‍රතික්ෂේප කරන බවය. ලෝගෝස් එනම් දේව වාක්‍යය යුදෙව්වරුන්ට පමණක් නොව දැන් සියඵ දෙනාටම ලබා දී ඇත. (යොහාන් 10:16, ගලාති 2:28, කොලොස්සි 3:11) වාක්‍යාණෝ මාංශවත් වීම නිසා අපගේ දුර්වලකම් ගැන අනුකම්පා කරන උත්තම පුජකයකු අපට ලැබී ඇති අතර එතුමා හැම අයුරින්ම අප මෙන්ම පරික්ෂාවලට භාජනය වී, එහෙත් පව් නොකල කෙනෙකි. (හෙබ්‍රෙව් 4:15).

English



නැවතත් සිංහල මුල් පිටුවට

වාක්‍යාණෝ මංශවත් වීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? (යොහාන් 1:14)?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries