settings icon
share icon
ප්‍රශ්නය

ශුද්ධ බයිබලය සත්‍ය ලෙසම (ඇත්තෙන්ම) දෙවියන් වහන්සේගේ වචනයද?

පිළිතුර


මෙම ප්‍රශ්නයට අප දෙන පිළිතුර ශුද්ධ බයිබලය පිළිබඳව අපගේ දැක්ම ස්ථීර කරනවා පමණක් නොව, එය අපගේ ජීවිත වලට කෙතරම් වැදගත්ද යන්න පෙන්වා දෙන අතර, අන්තිමේදී එය අප තුළ සාදකාලික බලපෑමක් ඇති කරනවා. ඇත්තටම ශුද්ධ බයිබලය දෙවියන් වහන්සේගේ වචනය නම් අප විසින් එය ආරක්‍ෂා කළ යුතුයි, ඉගෙන ගත යුතුයි, එයට කීකරු විය යුතුයි, අන්තීමේදී එය විශ්වාස කළ යුතුවේ. ශුද්ධ බයිබලය දෙවියන් වහන්සේගේ වචනය නම් එය එපා කිරීම යනු දෙවියන් වහන්සේව එපා කිරීම වැනි වේ.

දෙවියන් වහන්සේ අප වෙත බයිබලය ලබා දී ඇත්තේ එය දෙවියන් වහන්සේගේ ප්‍රේමය පිළිබඳ විස්තරාත්මක සාක්ෂියක් නිසයි. “එළිදරවුකිරීම” යන්නෙන් සරලව අදහස් කරන්නේ, දෙවියන් වහන්සේගේ තමා ගැන මනුෂ්‍ය වර්ගයාට සන්නිවේදනය කල ආකාරය සහ අපිට උන් වහන්සේ සමඟ නිවැරදි සම්බන්ධතාවයක් ඇති කර ගන්නා හැටි දැක්වීම පෙන්වා දීමයි. මේ දේවල් අපට දේවානු භාවයෙන් ශුද්ධ බයිබලය මගින් දෙවියන් වහන්සේ එලිදරවු කලේ නැත්නම් අපි කිසි දිනක දැන නොගනු ඇත. අවුරුදු 1500 ක කාලයක් පුරා දෙවියන් වහන්සේ තමාව ශුද්ධ බයිබලය මගින් වැඩි වැඩියෙන් එලිදරවු කරන අතර, දෙවියන් වහන්සේ සමඟ නිවැරදි සම්බන්ධතාවයක් මනුෂ්‍යයාට ඇති කර ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව සියල්ල එහි අඩංගුවී ඇත. ශුද්ධ බයිබලය ඇත්තෙන්ම දෙවියන් වහන්සේගේ වචනය නම් එය සෑම ඇදහිමකම, ආගමික විශ්වාසකම, සෑම සුචරිතයකම අවසාන අධිකාරිත්වය විය යුතුවේ.

අප විසින් අපගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, ශුද්ධ බයිබලය හුදෙක් හොඳ පොතක්ම නොව එය දෙවියන් වහන්සේගේ වචනයම බව අප දැනගන්නේ කෙසේද කියාය?මෙතෙක් ලියන ලද සෑම ආගමික පොතකටම වඩා එය අසමසම වේ, මේ නිසා එය විශේෂිත වේ, ශුද්ධ බයිබලය දෙවියන් වහන්සේගේ වචනයය යන්නට සාක්ෂි තිබේද?දෙවියන් වහන්සේගේ වචනයද දේව අනුග්‍රහය යටතේ ලියවුනි, විශ්වාසය සහ ඇදහීම පිළිබඳ ඕනෑම ප්‍රශ්නයකට ශුද්ධ බයිබලය ප්‍රමාණවත් වේ. ශුද්ධ බයිබලය ඇත්තටම දෙවියන් වහන්සේගේ වචනයද යනාදි ප්‍රශ්න සුපරික්ෂාකාරිව සොයා බැලීමේදී අප විසින් මෙවැනි ප්‍රශ්න අසා ගත යුතුය.

ශුද්ධ බයිබලය දෙවියන් වහන්සේගේ වචනයකි යන්න පිළිබදව කිසිම ගැටළුවක් නැත. මේ බව පැහැදිලිවම 2 තිමෝති 3 : 15-17 ප්‍රකාශ කරනවා “ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස නුඹ නැණවත් කරන්නට පුළුවන්වූ ශුද්ධ ලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගන සිටින බවත් දැන, ඒවායෙහි පිහිටා සිටපන්න. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියා වලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම්දීමටත් ප්‍රයෝජනවත් වේ. දෙවියන් වහන්සේට කැප වූ පුද්ගලයා සම්පූර්ණ වශයෙන් පුහුණු වී, ඕනෑම යහපත් සේවයකට සූදානම්ව සිටින්නේ එසේය.”

මෙම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේඳි අපි ශුද්ධ බයිබලය ඇත්තටම දෙවියන් වහන්සේගේ වචනයද, යන්න ගැන අභ්‍යන්තර සහ බාහිර කරුණු සලකා බැලිය යුතු වේ. අභ්‍යන්තර සාක්ෂි යනු ශුද්ධ බයිබලයේ දේවත්වය ප්‍රකාශ කරන ශුද්ධ බයිබලයට අදාල මූලික සාක්ෂියය. ශුද්ධ බයිබලය දෙවියන් වහන්සේගේ වචනයම යන්නට මූලික අභ්‍යන්තර සාක්ෂියක් වන්නේ එහි පවතින එකමුතු භාවය මතය. එය පොත් 66 කින් සමන්විත වූවත්, මහාද්වීප 3 ක, විවිධ භාෂා 3 කින් ලියන ලද නමුත්, අවුරුදු 1500 ක කාල පරාසයක, 40 කට අධික කතෘන් විසින් (නොයෙකුත් ජීවිත තරාතිරම්වලට අයත් අය) ලියන ලද නමුත්, කිසිම පරස්පර විරෝධයකින් තොරව එය එකම පොතක් ලෙස පවතී. මෙම එකමුතුභාවය අනිකුත් සෑම පොතකටම වඩා සුවිශේෂ වන අතර, එහි වචනවල ඇති දේවත්වය දෙවියන් වහන්සේ එය රචනා කිරීමේදි උන් වහන්සේගේ සත්‍ය වචනය මනුෂ්‍යයා ලවා නිවැරදිව වාර්තා ගත කළ ආකාරය පිළිබිඹු කරයි.

ශුද්ධ බයිබලය දෙවියන් වහන්සේගේ සත්‍ය වචනයම බව පෙන්වන තවත් අභ්‍යන්තර සාධකයක් වනුයේ, එහි තුළ අඩංගුවී ඇති අනාගත වාක්‍යයයි. ශුද්ධ බයිබලය 100 ගණනක් සවිස්තර අනාගත වාක්‍ය වලින් සමන්විතය. මේවා ඊශ්‍රායලය ඇතුළුව නොයෙක් ජාතීන්ගේ අනාගතය පිළිබඳවත්, මනුෂ්‍යය වර්ගයාගේ අනාගතය ගැනත්, මෙසියස් වහන්සේ වන අයගේ පැමිණීම ගැනත්, ඊශ්‍රායෙල් වරුන්ගේ පමණක් නොව උන් වහන්සේ කෙරෙහි අදහන සෑම කෙනෙකුගේම ගැළවුම්කරු ගැනත් සඳහන් වේ. වෙනත් ආගම් හෝ නොස්ට්‍රදාමුස් (Nostradamus) විසින් කරන ලද පොත්වල දක්නට ලැබෙන අනාගතකීම්මෙන් නොව බයිබලීය අනගතකීම් ඉතා පැහැදිලිය. එසේම ඒවා කිසිවිටකත් සැබෑ නොවූයේ නැත. පරණ ගිවිසුමේ පමණක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන අනාගත වාක්‍යයන් 300 කට වැඩිය ඇත. උන් වහන්සේගේ උත්පත්තිය, උන් වහන්සේ අයත් වන පවුල ගැන පමණක් නොව, උන් වහන්සේගේ මරණය සිදුවන ආකාරය සහ 3 වන දින උන් වහන්සේ මළවුන්ගෙන් නැගිටින ආකාරයත් මෙහි පෙර දැන්වීමක් කර ඇත. ශුද්ධ බයිබලයේ අනාවැකි සම්පූර්ණවූ ආකාරය ඔප්පු කල හැකි වෙන්නේ වෙනත් කිසිම ආකාරයකින් නොව, දේවානුභාවයෙන් පමණි. ශුද්ධ බයිබලය තුළ අඩංගු වී ඇති පූර්ව දැන්වීම්ඇති අනාවැකි වෙනත් කිසිම ආගමික පොතක හමු නොවේ.

තුන්වන අභ්‍යන්තර සාක්ෂිය නම් ශුද්ධ බයිබලයේ පෙන්නුම් කරන සුවිශේෂ අධිකාරිත්වයයි. ඉහතින් දැක්වු සාක්ෂි දෙකටම වඩා මෙය බලවත් වන අතර, එය දේවානුභාවයේ ස්වභාවය දැක්වෙන බලවත් සාක්ෂියක්ද වේ. ශුද්ධ බයිබලය කියවීමෙන් මිනිසුන් බොහෝ ගණයකගේ ජීවිත පෙරලි ඇති කරමින් මෙහි ඇති බලය පෙන්නුම් කෙරේ. මත්ද්‍රව්‍ය වලට ඇබිබැහි වූවන් ඉන් මිදීමට මෙය හේතු වී ඇත, සමලිංගිකයන් ඒ පාප වලින් නිදහස් වී ඇත, හැර දමන ලද මරණාසන්න වූවන් මරණින් නිදහස් වී ඇත, දරුණු අපරාධකාරයන් මෙල්ල වී ඇත, පාපීන් පව්වලින් මිදී ඇත. මෙය කියවීමෙන් ද්වේෂය (වෛරය) ප්‍රේමයට පෙරලී ඇත. ශුද්ධ බයිබලය දෙවියන් වහන්සේගේ වචනය නිසා එහි සුවිශේෂ බලයක් ඇත.

ශුද්ධ බයිබලය ඇත්තෙන්ම දෙවියන් වහන්සේගේ වචනය බවට අභ්‍යන්තර සාක්ෂි මෙන්ම බාහිර සාක්ෂිද ඇත. ශුද්ධ බයිබලයේ ඇති ථෙතිහාසිකත්වය ඉන් එක් සාක්ෂියකි. බයිබලයේ ථෙතිහාසික වටිනාකම ඉන් එක් සාක්ෂියකි. ශුද්ධ බයිබලයේ ථෙතිහාසික සිද්ධාන්ත ඇතුලත් නිසා, වෙනත් ඕනෑම ග්‍රන්ථයක් ලෙසින්ම මෙහිද නිරවද්‍යතාවය සහ සත්‍යවාදි බව ස්ථීර කරයි. පුරාවිද්‍යාත්මක ගවේෂණ වල සාක්ෂි සහ අනෙකුත් ලිඛිත ලියකියවිලි වලින් ශුද්ධ බයිබලයේ ථෙතිහාසික දත්ත වල නිරවද්‍යතාවය සහ සත්‍යතාවය ඔප්පු වී ඇත. එසේ හෙයින් ශුද්ධ බයිබලය සම්බන්ධයෙන් සෑම පුරාවිද්‍යාත්මක සහ ලිඛිත සාක්ෂි මෙය පුරාණ ලෝකයේ ලේඛනගත වී ඇති හොඳම පොත බවට සැලකේ.

තවත් බාහිර සාක්ෂියක් වනුයේ බයිබලය දෙවියන් වහන්සේගේ වචනය මයි මිනිස් කතුවරයන්ගේ සම්පූර්ණත්වයයි. පෙර සඳහන් කර ඇති පරිදි දෙවියන් වහන්සේ නොයෙකුත් තරාතිරමේ මනුෂ්‍යයන් තම වචනය අපට ලේඛනගත කරදීම සඳහා යොද ගත්තා. මෙම මිනිසුන්ගේ ජීවිත සලකා බැලීමේදී, වංක අකාරුණික මිනිසුන් ලෙස කිසිවිටකත් විශ්වාස කල හැකි නොවේ. මෙම අයගේ ජීවිත පිරික්සීමේදී සහ ඔවුන් සත්‍ය වෙනුවෙන් ජීවිත පූජාවට වුවද සූදානම්ව සිටි අය නිසා, වැඩි කලක් යන්නට පෙර මේ අය සාමාන්‍ය මිනිසුන් වූවත්, දෙවියන් වහන්සේව විශ්වාස කළ අවංක අය බවත්, දෙවියන් වහන්ස් ඔවුන්ට කථා කර ඇති බව විශ්වාස කළා. අළුත් ගිවිසුම ලියූ අය සහ සිය ගණනක්වූ ඇදහිලිවන්තයන්ද (1 කොරින්ති 15 : 6) තමන්ගේ පණිවිඩයේ නිරවද්‍යතාවය විශ්වාස කළා මෙන්ද, ඔවුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටීමෙන් පසුව උන් වහන්සේව දැක ඇසුරු කල නිසා, මළවුන්ගෙන් උත්ථානවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැකීම ඔවුන්ගේ ජීවිත වල මහත් බලපෑමක් ඇති කිරීමට සමත් වුනා. ඔවුන් බියෙන් මුළුගැන්වී සිටීමෙන් ඉවත්ව ගියා, ක්‍රිස්තුස් වහන්සේ එළිදරවු කළ පණිවිඩය වෙනුවෙන් මරණයට වූවත් සූදානම් වුනා. ඔවුන්ගේ ජීවිත සහ මරණයත් ශුද්ධ බයිබලය දෙවියන් වහන්සේගේ සත්‍ය වචනය බව තහවුරු කරනවා.

ශුද්ධ බයිබලය ඇත්තෙන්ම දෙවියන් වහන්සේගේ වචනය යන්නට අවසාන බාහිර සාක්ෂිය වන්නේ ශුද්ධ බයිබලයේ ඇති විනාශ කල නොහැකිවීමේ බලයයි. මන්ද එය දෙවියන් වහන්සේගේ වචනය බවට අයිතිය තහවුරු කරනවා. ඉතිහාසයේ කිසිම පොතකට වඩා ශුද්ධ බයිබලය විනාශ කිරීමේ දුෂ්ට උත්සාහයන් වලට ලක්වී තිබෙනවා. පුරාණ රෝම අධිරාජ්‍යයා වන Diocletian ගේ සිට, සමාජවාදි ඒකාධිපතියන්ගෙන්ද මෑත යුගයේ අදේවවාදින් සහ agonistics ගේ සෑම විරුද්ධත්වයන් මැද වුවද, සුරක්‍ෂිතව තවමත් ලෝකයේ වැඩියෙන්ම මුද්‍රණය වෙන පොත ලෙසට වැජඹෙනවා.

කාලය පුරාම ශුද්ධ බයිබලය මිථ්‍ය කථා ශාස්ත්‍රයක් ලෙසට skeptics සලකා ඇති නමුත්, එය ථෙතිහාසික ග්‍රන්ථයක් ලෙස පුරාවිද්‍යානකුලව ඔප්පු කර ඇත. විරුද්ධවාදීන් මෙහි ඉගැන්වීම් යල් පැනපු, නොදියුණු බැව් කියමින් පහර එල්ල කලත්, එහි සදාචාරාත්මක සහ නීති ගරුක ස්වභාවය සහ ඉගැන්වීම්ලොව පුරා ජාතීන් සහ සංස්කෘතියන් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කර ඇත. මෙයට නොකඩවාම විද්‍යාවෙන්, මනෝ විද්‍යාවෙන් සහ දේශපාලන බලවේගයන්ගෙන් විරුද්ධත්වයන් ඇති වුවද, එය මුලින් ලියන ලද මෙන්ම සත්‍යවාදීව අදටත් ගැලපෙන පරිදිම පවතී. මෙය පසුගිය වසර 2000 ක කාලයක් තුලදී මිනිසුන් අසීමිත ගණනකගේ ජීවිත පෙරලි ඇති කල, සංස්කෘතීන් තුල පෙරලි ඇති කළ ග්‍රන්ථයකි. විරුද්ධවාදීන් මෙය විනාශ කිරීමටත්, අපකීර්තියට පත් කිරීමටත් කෙතරම් වෙර දැරුවත්, එය ශක්තිමත්ව, සත්‍යවාදීව, පෙර පැවති ලෙසම මූලික කරුණු වලට එකඟව පවතී. මෙහි තිබෙණ නිරවද්‍යතාවය මෙයට විරුද්ධව නැගුණු සෑම අයහපත් චෝදනා සහ එය විනාශ කිරීමට ගත් උත්සාහයන් මැද නොසෙල්වී පැවතීම එහි පිරිසිඳු පැහැදිලි බවද, ශුද්ධ බයිබලය දෙවියන් වහන්සේගේ සත්‍ය වචනයමය යන්නට සාක්ෂියකි. ශුද්ධ බයිබලය කෙතරම් විරුද්ධවාදී ග්‍රහණයට පත් වූවත් එය නොවෙනස්ව, හිංසාවකට පත් නොවී, පැවතීම ගැන අප පුදුමයට පත් නොවිය යුතුවේ. ඒ සියල්ලටම වඩා යේසුස් වහන්සේගේම වචන වලින් “අහසත් පොළොවත් පහවන්නේය. නමුත් මාගේ වචන පහනොවන්නේය” (මාර්ක් 13 : 31). යන වදන් වැදගත් වේ. මෙම සාක්ෂි ගැන විමසා බැලීමෙන් අනතුරුව කෙනෙකුට නිර්භයව මෙසේ පැවසිය හැකිවේ. “ඔව් ඇත්තෙන්ම ශුද්ධ බයිබලය දෙවියන් වහන්සේගේම වචනයයි” කියා.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ශුද්ධ බයිබලය සත්‍ය ලෙසම (ඇත්තෙන්ම) දෙවියන් වහන්සේගේ වචනයද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries