settings icon
share icon
ප්‍රශ්නය

ආත්මික දීමනා පරීක්ෂණයන්ට / භාණ්ඩ ලේඛණයන්ට සහ තක්සේරු වලට වටිනාකමක් තිබේද?

පිළිතුර


දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීමට සහ උන්වහන්සේට සේවය කිරීමේ අරමුණ තකා ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් දී ඇති ආත්මික දීමනාවන් පිළිබදව දැනගැනීමට දේව දරුවන්ට ඇති ආශාව අනිවාර්‍යයෙන්ම ප්‍රශංසනීය වේ (2 තිමොති 1:6). එම අවස්ථාවේදීම යම් කෙනෙකුගේ ආත්මික දීමනාව හෝ දීමනා නිර්ණය කිරීමට පරීක්ෂණයක් කිරීම පිළිබදව දේව වචනය සදහන් කරනු නොලබයි. බොහෝ ආත්මික දීමනා තක්සේරු කිරීම මූලිකව ක්‍රියා කරනු ලබන්නේ ඒ ආකාරයෙනි. පරීක්ෂණය ගනු ලබන පුද්ගලයා ප්‍රකාශ ලැයිස්තුවකට හෝ ප්‍රශ්ණ වලට හුදෙක් ප්‍රතිචාර දක්වනු ලබයි. සියලූ ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් අනතුරුව තෝරාගනු ලැබූ ප්‍රතිචාර වලට අංක වටිනාකමක් පවරනු ලැබ ගණනය කිරීමෙන් අනතුරුව එම අංකය ආත්මික දීමනාවන් නිර්ණය කරනු ලබනු ඇත. ඊට ප්‍රතිවරුද්ධව දේවවචනය තුලින් අපට උගන්වනු ලබන්නේ ආත්මික දිමනා දෙනු ලබන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ කැමැත්ත අනුව බවත් එතුමාණන් ඇදහිලිවන්තයන්ව අන්‍යයන්ට උපස්ථාන කිරීමට තෝරා ගෙන ඇති ආකාරයටත්ය.

ආත්මික දීමනා පරීක්ෂා කිරීමේ ප්‍රවේශයෙහි හට ගන්නාවූ ගැටළුවක් නම් වර්තමාන කිතුණුවන් අතර ආත්මික දීමනා යන සමස්ත විෂය පිළිබදව විවිධවූ අදහස් එනම් කොපමණ ගණනක් ඇත්ද, එහි නියම අර්ථය, සමහර දීමනාවන් අක්‍රීය වේද සහ ආත්මික දීමනා ලැයිස්තුව තුළට ක්‍රිස්තුස්වහන්සේ විසින් උන් වහන්සේගේ සභාවට දෙනු ලැබූ දීමනා (එපීස 4:11) අන්තර්ගත කළ යුතුද ආදියවේ. මෙම තක්සේරු කිරීම් වල මෙම ගැටළු ආමණ්ත්‍රනය වන්නේ ඉතා කලාතුරකිනි. තවත් සැලකිල්ලට ගත යුතු කරුණක් නම් බොහෝ විට සමහරුන් තමන්ව අන්‍යයන් දකින ආකාරයට වඩා වෙනස් ආකාරයකට දකිනු ලබන අතර ඉන් අදහස් වන්නේ ආත්මික දීමනා තක්සේරු කිරීමේ ව්‍යාජ ප්‍රතිඵලයක් ලෙසය.

ආත්මික දීමනා නිර්ණය කරනු වස් මෙම ප්‍රවේශය භාවිතා කිරීමේ තෙවන ගැටළුව නම් මෙම දීමනා පැමිණෙනු ලබන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ මගින් වන අතර උන්වහන්සේ තෝරා ගනු ලබන්නන්ට ආත්මයාණන්වහන්සේ දෙනු ලබන සේක (1 කොරින්ති 12:7–11). යොහාන් 16:13හී ඇදහිලිවන්තයට යේසුස්වහන්සේ විසින් පොරොන්දු වනු ලබන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් සියලූ සත්‍යයන් කරා ඔවුන්ව රැගෙන යනු බවය. එයට හේතුවක්වී පවතින්නේ කවුරුන්ට කුමණ දීමනාවන්ද යන්න තීරණය කරනු ලබන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ හෙයින් අපගේ දීමනාවන් කුමක්ද යන්න සොයා බැලීමට අපට වඩා උන්වහන්සේ උනන්දු වන බවය. සත්‍යය වශයෙන්ම අප කෙතරම් “දීමනා සහිතද” යන අපගේ කුතුහලය අපගේම ස්ව වැදගත්කම පිළිබද නිෂ්ඵල සිතුවිලි මගින් පොළඹවනු ලබයි. ඊට විරුද්ධාකාරයෙන් අපගේ ආත්මික දීමනාවන් මොනවාද යන්න අප දැන සිටීම පිළිබදව ශුද්ධාත්මයාණන් වහන්සේගේ අභිප්‍රාය සැම විටි යහපත සදහා වන අතර එසේ විය යුත්තේ පියාණන් වහන්සේගේ මහිමය සහ ගෞරවය පිණිස ඒ ආකාරයෙන් මංශයෙන් ක්‍රියාත්මක වීම සදහාය.

අප අවංකවම දෙවියන්වහන්සේ මග පෙන්වීම යාච්ඤාව තුළින්, සහයත්වය, දේව වචනය අධ්‍යයනය කිරීම සහ දේව දාසයන්ගේ ඉගැන්විම තුළින් සොයනු ලබන්නෙමු නම් අපගේ දීමනාවන් පැහැදිලි ලෙස දක්නට ලැබෙනු ඇත. දෙවියන්වහන්සේ විසින් අපගේ හදවතේ ආශාවන් දෙනු ලබන සේක (ගීතාවලිය 37:4). දෙවියන්වහන්සේ අප ආශා කරන සියලූ දේ දෙන බව ඉන් අවශ්‍යයෙන්ම අදහස් නොවන අතර වඩාත්ම අපට ආවේණිකවූ ආශාවන් ලබා දීමට උන්වහන්සේට පිළිවන. ඉගැන්වීමට ආශාව, අන්‍යයන්ට දීමට ආශාව, යාව්ඤා කිරීමට ආශාව ආදීය අපගේ හදවත් වල තැබීමට උන්වහන්සේට හැක. අප එම ආශාවන් මත ක්‍රියාත්මක වන කළ අපගේ දීමනාවන් භාවිතා කිරීමේදී උන්වහන්සේගේ මහිමය පිණිස අප සත්‍යය වශයෙන්ම කැප වන අතර ධනාත්මක විපාකයන්හී ප්‍රතිඵලය නම් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තවත් වැඩි දියුණු වී දෙවියන්වහන්සේ මහිමයට පත්වනු ලබන සේක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආත්මික දීමනා පරීක්ෂණයන්ට / භාණ්ඩ ලේඛණයන්ට සහ තක්සේරු වලට වටිනාකමක් තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries