settings icon
share icon
ප්‍රශ්නය

පැරණි ගිවිසුම තුළ ශුද්ධාත්මයාණන් වහන්සේගේ කාර්යය කුමක් වීද?

පිළිතුර


නව ගිවිසුමට සාපේක්ශව බලන කල්හි පැරණි ගිවිසුම තුළ ශුද්ධාත්මයාණන් බොහෝ ලෙස ක්‍රියා කර ඇත. අපට ශුද්ධාත්මයාණන් වහන්සේ ක්‍රියා කලාපය ආකාර 4 කින් වෙන් කර දැන ගත හැක. එනම් පුනර්වර්ධනය, අලේප කිරීම හෙවත් සන්නද්ධ කිරීම, හික්මීම, දේව සේවය සඳහා පාවිච්චි කිරීම.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ පළමු කාර්යය නම් උන්වහන්සේගේ පරපුර නැවත ගොඩනැගීමයි. නැවත ගොඩනැඟීම යනු නැවත උත්පත්තිය ලබා ගැනීමයි. මෙයට කදිම උදාහරණය නම් යොහාන් 3:3, සැබැවක් සැබැවක් නුඹට කියමි, යමෙක් අළුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාඡ්‍ය දැකීමට නොහැකිය. මෙය අපට ගෙන දෙන පැනය නම් පැරණි ගිවිසුමෙහි ශුද්ධාත්මයාණන්වහන්සේගේ ක්‍රියාවල් අපට නොදැකිය හැක්කේ මන් ද යනුයි. නිකදේමුස් සමඟ යේසුස්වහන්සේ අතර පැවති සංවාදයෙන් අනතුරුව උන්වහන්සේ ඔහුට මෙසේ කියන ලදී. ඔබ ඊශ්‍රායෙල් හි ගුරුවරයා වූවත් ඔබට මෙය වැටහෙන්නේ නැති ද? (යොහාන් 3:10) යේසුස්වහන්සේ විසින් ගෙන එන ලද පැනය නම් නිකදේමුස් විසින් ශුද්ධාත්මයාණන්වහන්සේ නව ඡීවිතයක ඇරඹුම ලෙස පැක්‍ෂනි ගිවිසුමෙහි සඳහන් නොවී තිබීම පිළිබඳවයි. එක් අවස්ථාවක් නම් මොසෙස් පොරොන්දු දේශයට ඇතුළු වීමට ප්‍රථම මෙසේ කියන ලදී. නුඹ ඡීවත් වන පිණිස නුඹේ මුළු සිතෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ දෙවිවූ ස්වාමිවහන්සේට ප්‍රේම කරන හැටියට නුඹේ දෙවිවූ ස්වාමින් වහන්සේ නුඹේ සිත ද නුඹේ දරු මුණුබුරන්ගේ සිත් ද චර්මච්ඡේදය කරන සේක. හදවත් චර්මච්ඡේදය කිරීම යනු ශුද්ධාත්මයාණන් වහන්සේට අපගේ හදවත් තුළ ක්‍රියා කිරීමට ඉඩ දීමයි. අපට නැවත උත්පාදනය වීම ගැන එසකියෙල් 11:19-20 ත් එසකියෙල් 36:26-29 දක්වාත් පැහැදිලිව දැක ගත හැක.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ නැවත ඵල දැරීමේ සංකේතය නම් ඇදහිල්ලයි. (එපීස 2:8) දැන් අපට පැරණි ගිවිසුමෙහි බොහෝ ඇදහිලිවතුන් පිළිබඳව දැනගත හැක්කේ හෙබ්‍රව් 11 වන පරිච්ඡේදය හරහාය. ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇදහිල්ල හටගන්නවා නම් සාතන් සැමවිට පැරණි ගිවිසුමෙහි මිනිසුන් හට පහර ගසන්නට වූවා විය හැක. මොවුන් සියල්ලෝ පොරොන්දු නොලැබ දුරදි ඒවා දැක ප්‍රසන්න වී පොළොවෙහි තමන් විදේශියන් ද ආගන්තුකයන්ද බව කියා දී ඇදහිල්ල ඇතුව මැරුණෝය (හෙබ්‍රෙව්11:13).

ශුද්ධාත්මයාණන්වහන්සේ ක්‍රියා කරන දෙවන ආකාරෙ නම් අප තුළ වැඩ සිටීම හා අපට ආලේප කිරීම. මෙය පැරණි හිවිසුමෙහි හා නව ගිවිසුමෙහි ශුද්ධාත්මයාණන්වහන්සේගේ ක්‍රියා කලාපය මනාව වෙනසකට ලක් කරයි. නව ගිවිසුමෙහි ශුද්ධාත්මයාණන්වහන්සේගේ ඇදහිල්වතුන් තුළ උන් වහන්සේගේ ක්‍රියා කලාපය අපට පැහැදිලිව පෙන්වා දෙයි (1 කොරින්ති 3:16-17, 6:19-20) අප අපගේ ඇදහිල්ල යේසුස්වහන්සේ දෙස, උන් වහන්සේගේ ගැළවීම කෙරෙහි තැබීමෙන් ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ ඡීවිත තුළ ඡීවත් වෙයි, අපෝස්තලික පාවුල් තුමා මෙම සදාකාලික බැඳීම ගැන මෙසේ පවසයි, උරුමයේ අත්තිවාරම වූ පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්වහන්සේ (එපීස 1:13-14 ) නව ගිවිසුම හා සංසංදනය කරන කළ පැරණි ගිවිසුමෙහි ශුද්ධාත්මයාණන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය තෝරාගනු ලැබූවන් තුළ හා එය තාවකාලික නොවුවේය. ශුද්ධාත්මයාණන්වහන්සේ එලෙස ක්‍රියා කරනු ලැබූ මිනිසුන් නම් ඡොෂුවා (ගණන් කථාව 27:18) දාවිත් (1 සාමුවෙල් 27:18 ) හා සාවුල් (1 සාමුවෙල් 10:10 ) ඉශ්‍රායෙල් ඡනයාගෙන් මිනිසුන් මුදවාලීම සඳහා දෙවියන්වහන්සේ විසින් සැළසුම් කරනු ලැබූ මිනිසුන් තුළ ශුද්ධාත්මයාණන් වහන්සේගේ ක්‍රියා කලාපය අපට විනිශ්වයකාරයාගේ පොතෙහි පැහැදිලිව සඳහන් වී තිබේ. මෙලෙස ආලේපය ලැබීම උන්වහන්සේගේ කරුණාව ලැබීමක් බව හා කෙනෙකු තුළින් ශුද්ධාත්මය ගිය කළ මෙම කරුණාව ද ඔහු තුළින් පිටව යයි. (දාවිත්ගේ ඡීවිතය ) අවසානයේදී කෙනෙකුට ශුද්ධාත්මයාණන් පැමිණීම තුළින් ඔවුගේ ආත්මික තත්ත්වය අපට දැනගැනීමට නොහැක (උදා: සාවුල්, සැම්සොන් හා බෙහෝ විනිසුරුවන්).

නුමුත් නව ගිවිසුම තුළ ශුද්ධාත්මයාණන් වහන්සේ කෙනෙකු තුළට පැමිණි කල එය සඳහටම හා ඔහු තුළ ඡීවත් වූවත් පැරණි ගිවිසුම තුළ ශුද්ධාත්මයාණන් පැමිණියේ යම්කිසි කාර්යයකට හා කාර්යය අවසන් වූ පසු ශුද්ධාත්මයාණන් ඔවුන්ගෙන් වෙන්ව යයි.

තෙවන ශුද්ධාත්මයාණන්වහන්සේගේ ක්‍රියාදාමය නම් පාපයෙන් වළක්වා ගැනීමයි. උත්පත්ති 6:3 සඳහන් ආකාරයට ශුද්ධාත්මයාණන්වහන්සේ යම්තාක් දුරකට මිනිසාගේ පාපය ඉවසන අතර හා එම වළක්වාගැනීම සීමාවකට පැමිණෙන බවය. මෙම කියමන නැවතත් අපට දෝංකාර දෙන්නේ 2 තෙසලෝනික 2:3-8, අවසාන කාලයේදී අධර්මවාදීන් පැමිණ දෙවියන් වහන්සේගේ පැමිණීමට නියමිත විනිශ්වය පෙන්වන බවය.

සාතන්ට බාර විය යුතු නොපනත්කම් පවත්වන මිනිසාගේ සියළු දේ ශුද්ධාත්මයාණන් විසින් නියම වී තිබෙන කාලය පැමිණුන විට පමණක් අපගේ ඡීවිත බාර දෙනු ලැබේ.

අවසාන හා හතරවන කාරණය නම් දේව සේවයට ආලේප කිරීමයි. ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් එකිනෙකා හට තලෙන්ත හා ආලේපය නව ගිවිසුම මෙන් දැනුදු සිදු කරනු ලැබෙයි. නික්මයාම 31:2-5 දක්වා කොටසෙහි බෙශෙලෙල්ගේ කුඩාරම් වලට අදාළ සියළු දේ බාර දුන්නා සේ පැරණි ගිවිසුමෙහි ශුද්ධාත්මයාණන් වහන්සේ එකිනෙකා පාවිච්චි කරනු ලැබුවේය (උදා: සාවුල් හා දාවිත්).

එසේම ශුද්ධාත්මයානන්වහන්සෙගේ බලපෑම මැවිල්ල තුළ ද අපට දැකගත හැක. උත්පත්ති 1:2, ඡලය තුළ ශුද්ධාත්මයාණන් වහන්සේ සැරිසැරූ බව හා හා මැවිල්ල පාලනය කළ බවය. එසේම මැවිල්ලෙහි සියළු වගකීම ශුද්ධාත්මයාණන්වහන්සේට බාරයි (2 කොරින්ති 5:17) හා උන්වහන්සේ නැවත උත්පාදනය තුළින් සිය අධිරාඡ්‍යට මිනිසුන් රැගෙන එයි.

මෙසේ ශුද්ධාත්මයාණන් වහන්සේ පැරණි ගිවිසුමෙහි ලෙස අදටත් අප තුළ ක්‍රියා කරනු ලබයි. මෙසේ වෙනස වන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ අප තුළ හා අප අතර වාසය කරන බවය. යොහාන් 14:17 පවසන පරිදි උන්වහන්සේ අප තුළ හා අප සමඟ වාසය කරන බවය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පැරණි ගිවිසුම තුළ ශුද්ධාත්මයාණන් වහන්සේගේ කාර්යය කුමක් වීද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries