settings icon
share icon
ප්‍රශ්නය

කිසියම් දිනක ශුද්ධාත්මයාණන් වහන්සේ ඇදහිලිවන්තයන්ව හැර යයිද?

පිළිතුර


සරළව නැත, යැයි පවසන්න මන්ද ශුද්ධාත්මයාණන් වහන්සේ සත්‍ය ඇදහිලිවන්තයෙකුව හැර නොයයි. අළුත් ගිවිසුමේ බොහෝ ස්ථානවල මේ පිළිබඳව සඳහන් කර ඇත. උදාහරණයකට, රෝම 8:9 අපට පවසනවා, “ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන් වහන්සේට අයිත නැත.” මෙම පදයේ පවසන්නේ ශුද්ධාත්මයාණන්ගේ වැඩ වැසීම යම් කෙනෙකු තුළ නැති නම් ඔහු ගැලවීම ලබා නැති බවයි. එමනිසා, ශුද්ධාත්මයාණෝ ඇදහිලිවන්තයෙකු හැර යාමට හිටියා නම්, ඒ පුද්ගලයාට ක්‍රිස්තුස් වහන්සේ තුලින්වූ ගැලවීමේ සබඳතාවය නැතිවී යයි. නමුත් බයිබලයේ කිතුණුවාගේ සදාකාලික රක්‍ෂිතභාවය පිළිබඳව උගන්වන දෙයට පටහැනිවේ. ඇදහිලිවන්තයෙකුගේ ජීවිතයේ ශුද්ධාත්මයාණන්ගේ ස්තීර වාසය කිරීම පිළිබඳව සඳහන් වන තවත් බයිබල් පදයක් නම් යොහන් 14:16 මෙහි පවසනවා පියාණන් වහන්සේ තවත් උපකාරකයෙක් අපට දෙන බවට “නුඹලා සමග සදාකල් සිටින පිණිස.”

ශුද්ධාත්මයාණන් ඇදහිලිවන්තයාව අත් හැර නොයන බවට ඇති තවත් සාධකයක් නම් එපීස 1:13-14 එහි සඳහන් කරනවා ඇදහිලි වන්තයන්ට පවසා ඇත ශුද්ධාත්මයාණන් සමග “මුද්‍රා කරන්න” කියා, “උන් වහන්සේ තුළ නුඹලාත් නුඹලාගේ ගැලවීමේ ශුභාරංචිය වන සැබෑවේ වචනය අසා උන් වහන්සේ කෙරෙහි අදහාගෙන උන් වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා දෙවියන් වහන්සේට හිමිවූ වස්තුවේ මිදීම පිණිස අපගේ උරුමයේ අත්තිකාරම වූ පොරොන්දුවේ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් නුඹලා උන් වහන්සේ තුළ මුද්‍රා කරනු ලැබුවහුය.” ආත්මයාණන් සමග මුද්‍රා කිරීම යන්නෙන් අදහස් කරන්නේ අයිතිවාසිකම හා තත්වයකි. දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියලු දෙනාට සදාකාල ජීවනය පොරොන්දුවී ඇත. උන් වහන්සේ දුන් පොරොන්දුව උන් වහන්සේ ඉටු කරන බවට අත්තිකාරමක් වශයෙන්, මිදීමේ දවස දක්වා ඇදහිලිවන්තයා තුළ වැඩ වැසීමට ශුද්ධාත්මයාණන්ව එවන ලදි. වාහනයකට හෝ නිවසකට අත්තිකාරම් මුදල් ගෙවීම හා සමානයි, දෙවියන් වහන්සේ උන් වහන්සේ හා ඇදහිලිවන්තයා සමග අනාගත සබඳතාවයට අත්තිකාරමක් වශයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේව ඔවුන් තුළ වැඩ වැසීම පිණිස එවන ලදි. ශුද්ධාත්මයාණන් හා ඇදහිලිවන්තයා මුද්‍රා කර ඇති බවට ඇති තවත් සාධකයක් නම් 2 කොරින්ති 1:22 හා එපීස 4:30.

ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට, උත්ථානයට හා ස්වර්ගයට ඔසවා ගැනීමට පෙර ශුද්ධාත්මයාණන් “ඇවිදින් යාමක්” සම්බන්ධයක් මිනිසුන් සමග තිබුනා. ශුද්ධාත්මයාණන් සාවුල් රජ තුළ වැඩ වැසීය, නමුත් ඊට පසු ඔහුගෙන් ඉවත් විය (1 සාමුවෙල් 16:14). ඊට අමතරව ආත්මයාණන් දාවිත් මතට පැමිණියා (1 සාමුවෙල් 16:13), බෙත්ශෙබා සමග ඔහු කාමමිථ්‍යාචාරය කළ පසු දාවිත් බිය වුනා ශුද්ධාත්මයාණන් ඔහුගෙන් ඉවත්වේය කියා (ගීතාවලිය 51:11). ශුද්ධාත්මයාණන් බෙශලෙල් තුළට වැඩියා ඔහුට පූජාසනය ගොඩ නැගීමට අවශ්‍ය දෑ තෝරා ගැනීමට හැකි වන ලෙසට (නික්මයාම 31:2-5), නමුත් එය ස්තීර සම්බන්ධතාවයක් ලෙස පැහැදිලි කළ නොහැක. යේසුස් වහන්සේ ස්වර්ගයට ඔසවා ගැනීමත් සමගම මේ සියල්ල වෙනස් විය. පෙන්තකොස්ත දවසේ ආරම්භයේදී ශුද්ධාත්මයාණෝ ඇදහිලිවන්තයන් තුළ ස්තීරව වැඩ වැසීමට පැමිණියා (ක්‍රියා 2). ශුද්ධාත්මයාණන්ගේ ස්තීර වැඩ වැසීම දෙවියන් වහන්සේ අප සමග නිතර සිටීමට හා අපව අත්නොහරින බවට දුන් පොරොන්දුව සම්පූර්ණ කිරීමයි.

ශුද්ධාත්මයාණෝ ඇදහිලිවන්තයෙකුව අත්නොහරින අතර, අපගේ පාපයට හැකියාව තිබේද “ආත්මයාණන් වහන්සේව නිවීමට” (1 තෙසලෝනික 5:19) හෝ “ශුද්ධාත්මයාණන්ට දුක් දීමට (එපීස 4:30). පාපයට දඬුවමක් ඇත අපත් දෙවියන් වහන්සේ අතර ඇති සම්බන්ධය තුළ. එසේම ඒ සබඳතාව ක්‍රිස්තුස් වහන්සේ තුළ සුරක්‍ෂිතව ඇත. පාපයට පසුනොතැවීම තුළින් දෙවියන් වහන්සේ හා අප අතර ඇති සබඳතාවයට හානි හා ශුද්ධාත්මයාණන්ව නිවීමද ලක්වේ. එමනිසා තමයි අපගේ පාපයන්ට සමාව ලබා ගැනීමේ (පසුතැවීම) වැදගත් වන්නේ දෙවියන් වහන්සේ “අපගේ පව් අපට කමා කරන්ටත් සියළු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්ටත් උන් වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටින සේක” (1 යොහන් 1:9). එමනිසා, ශුද්ධාත්මයාණෝ කිසිදා අපව හැර නොයන අතර, උන් වහන්සේගේ අභිමුකත්වයේ ප්‍රතිලාභ හා ප්‍රීතිය අපෙන් දුරස් විය හැක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිසියම් දිනක ශුද්ධාත්මයාණන් වහන්සේ ඇදහිලිවන්තයන්ව හැර යයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries