settings icon
share icon
ප්‍රශ්නය

සැබවින්ම ශුද්ධාත්මයාණන්වහන්සේ පිරිමි ගැහැණු හෝ නපුංසක ගණයකට අයත් වේද?

පිළිතුර


බොහෝ දුරට සිඳු වන අත්වැරදීම නම්, බයිබලයෙහි සඳහන් නොවන ශුද්ධාත්මයාණන් වහන්සේට දෙයක් ලෙස සැළකීමයි. ශුද්ධාත්මයාණන් වහන්සේ යනු මනුශ්‍යයෙකි. ශුද්ධාත්මයාණන්වහන්සේට පුද්ගලිකභාවය තිබේ, මිනිස් ක්‍රියාකාරකම් වල යෙදෙනු ලැබෙන අතර පුද්ගල සබඳතා ද දැක ගත හැක. දර්ශනයක් ද ඇත (1 කොරින්ති 2:10-11) කල්පනා කළ යුතුව තිබෙන දේ උන්වහන්සේ දන්නා සේක (රෝම 8:27). උන්වහන්සේට සිය කැමැත්තක් තිබේ (1 කොරින්ති12:11). පාපය හෙළා දකින අතර (යොහාන් 16:8) හාස්කම් සිදු කරනු ලබයි (ක්‍රියා 8:39). උන්වහන්සේ අපට රැකවරණය දෙයි (යොහාන් 16:13) මිනිසුන් අතර සබඳකම් පවත්වයි (රෝම 8:26).

මිනිසුන් සමඟ මැදිහත්කාරකම් පවත්වයි (රෝම 8:26). ඔහු ගෞරව ලැබීමට යුතු හා පාපය, සිත් වේදනාව හෙළා දකින තැනැත්තෙකි (ක්‍රියා10:19-20, ක්‍රියා 5:3, ක්‍රියා 7:51, එපීස 4:30, මතෙව් 12:31, හෙබ්‍රව්10:29), උන්වහන්සේ අපෝස්තලික සියල්ලන්ට දර්ශනය වුණ අතර ත්‍රිත්වයේ ද සමාඡිකයෙකි (යොහාන් 6:14, මතෙව් 28:19, 2 කොරින්ති13:14), බයිබලයෙහි උන් වහන්සේගේ පුද්ගලික භාවය පෙන්වනු ලැබුවත් ලිංගය අපට පැහැදිලිව නොපෙන්වයි.

භාෂාවේ ඇති පුරුශයානු දේවවාදී ක්‍රමය අනුව අපට බයිබලයෙහි මෙය සඳහන් වන බව නිගමනය කළ හැක. නව හා පැරණි ගිවිසුම් දෙකෙහිම ශුද්ධත්මයාණන්වහන්සේව නිර්වචනය වන වචන යොදා ඇති බව පැහැදිලිව දක්නට ලැබේ. එනම් යාවේ, එලෝහිම්, අඩෝනායි, ක්යුරියොස්, තීයෝස් ආදී වශයෙන්).

දෙවියන්වහන්සේ සැමවිට ශුද්ධාත්මයාණන්වහන්සේට දෙනු ලැබුවේ පුරුශ ලිංග පද පමණක්ය. නව ගිවිසුම පුරාම ශුද්ධාත්මයාණන්වහන්සේව හඳුන්වනු ලැබුවේ පුරුශ ලිංග පදයක් ලෙසින්ය. ස්ප්‍රීතුව හෙවත් ශුද්ධාත්මයාණන් වහන්සේට උත්පත්ති 1:2 හි සඳහන් වේ. නුමුත් මෙහිදී ග්‍රීක හෝ හෙබ්‍රව් භාෂාව කෙසේ වෙතත් එයට ශුද්ධාත්මයානන්වහන්සේගේ ලිංගය හා සම්බන්ධව කිසි දෙයක් පැහැදිලිව කළ නොහැක.

තර්කානුකුලව ගත් කළ ශුද්ධාත්මයාණන්වහන්සේ දෙවියන්වහනසේ වන අතර දෙවියන් වහන්සේගේ කීම සසඳන කළ උන්වහන්සේ පිළිබඳව යමක් අපට සඳහන් කළ හැකිය. දෙවියන් වහන්සේ ආත්මයක් බැවින් ද්‍රවයක් හෝ ශාරිරික බවක් නොපෙන්වයි. දෙවියන්වහන්සේ අදෟශ්‍යමාන හා අත්මයකි (ශරීරයක් නොමැත) (යොහාන් 4:24, ලූක් 24:39, රෝම 1:20, කොලොස්සි 1:15, 1 තිමෝති 1:17) මෙම හේතුව නිසා කිසිඳු ද්‍රවයක් හෝ දෙයක් දෙවියන් වහන්සේව නිරූපනයට සුඳුසු නොමැත (නික්මයාම 20: 4). ශරීරයෙහි ලිංගය එක් කොටසක් නම් එයට ආත්මයෙහි සම්බන්ධයක් නොමැති නම් දෙවියන් වහන්සේ තුළ ද ලිංගයක් නොමැත.

ලිංගය පිළිබදව බයිබලයෙහි ඒකමතික තීරණ නොමැත. බොහෝ මිනිසුන් සිතන්නේ දෙවියන් වහන්සේව බයිබලයෙහි පුරුශයෙකු ලෙස නාමිකව නම් කඑ ඇති බවය. යොබ්ට පියෙකු මෙන් අවවාද කළ අතර ද යෙසායාට මවෙකු මෙන්ද දෙවියන්වහන්සේ සිටි බව පැහැදිලිය. යේසුස් වහන්සේ සිය පියාණන්ව කාන්තාවකු මෙන් නැතිවූ කාසියේ පුවතේදී හඳුන්වනු ලබයි (ලූක්15) හා දෙවියන් වහන්සේවම මතෙව් 23:37 දී මව් කිකිළියන් ලෙස සළකයි. උත්පත්ති 1:26-27 දී දෙවියන් වහන්සේගේම ස්වරූපයෙන් උන්වහන්සේ මිනිසාව මැවූ අතර මිනිසා හා ගැහැණිය වෙන් වෙන්ව මැවූ සේක. එබැවින් දෙවියන් වහන්සේ පුරුශයා හා ගැහැණිය වෙන් වෙන්ව මැවූ බැවින් අපට එක් ලිංගයක් ලෙස කීමට නොහැක. මෙය තවත් සනාථ වන්නේ උත්පත්ති 5:2, උන් වහන්සේ පුරුශයා හා ස්ත්‍රිය වෙන් වෙන්ව මැවූ සේක. පුරුශයාට ආදම් කියාද නම් තැබූ සේක. හෙබ්‍රව් බසින් ආදම් යනු මිනිසායි. එබැවින් දෙවියන් වහන්සේගේ කුමන ස්වරුපක් වූවත් එයට ලිංගය බලනොපායි.

මෙම පුරුශ ලිංගය පිළිබඳව බයිබලයෙහි විශේෂ ව සඳහන් නොවූවත් දෙවියන්වහන්සේව මිනිස් ආකාරයට සිටි බව යේසුස්වහන්සේ විසින් එම ශාරිරික දෙවියන්වහන්සේ පිළිබඳව ගෝලයින් හට යොහාන් 14 හිදී පවසයි. යේසුස්වහන්සේ 9 වන පදයෙහි මා දැක තිබෙන මිනිසා දෙවිපියාණන් ද දැක ඇති බව පවසයි. පාවුල් තුමා තවත් සනාථ කද පවසන්නේ යේසුස් වහන්සේ දෙවියන්වහන්සේගේම ස්වරූපයෙන් සිටි බවය (කොලොස්සි1:15). මෙම පරිච්ඡේදය අද්‍යශ්‍රමාන දෙවියන්වහන්සේ ලෙස ඉතා බලවත් ලෙස කථා කරයි. සියළුම මැවිල්ලට වඩා උසස් බව යේසුස්වහන්සේට දී තිබෙන බව පැහැදිලිය. බොහෝ පැරණි ආගමික නායකයින් එනම් දෙවිවරුන් හා දේවතාවන් විශ්වාස කරන්නන් හා අපගේ මැවුම්කරුවන් ලෝකයේ මැවුම්කරු ලෙස පිළිගැනීමයි. මනුශ්‍යකාර බැඳීම සැමවිටම මැවූම්කරු හා මැවිල්ල පිළිබදව මැනවින් අපට වටහා දෙයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සැබවින්ම ශුද්ධාත්මයාණන්වහන්සේ පිරිමි ගැහැණු හෝ නපුංසක ගණයකට අයත් වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries