settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා යන්නෙහි අදහස කුමක්ද?

පිළිතුර


අප හිතන පිය පුතු සම්බන්ධයක් (සාමාන්‍ය සම්බන්ධය) ලෙස නොව මෙම සම්බන්ධය. දෙවියන් වහන්සේ විවාහ වී දරුවෙකු ලැබුවේ නැත. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවට ප්‍රකාශ වූයේ දෙවියන් වහන්සේම මිනිස් වෙසින් මෙලොවට පැමිණීමයි (යොහාන් 1:1,14). යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ශුද්ධාත්මයාණන් කරණ කොට පිළිසිඳ ගත්තේය. “දේව දූතයා ඈට කථා කොට ශුද්ධාත්මයාණන් වහන්සේ නුඹ කෙරෙහි පැමිණි කළ මහෝත්මයාණන්ගේ අනුභාවය නුඹ වසා ගන්නේය. ඒ නිසා උපදින්නට සිටින තැනැත්තේ ශුද්ධය දෙවියන් වහන්සේගේ පුත්‍රයාය” (ලූක් 1:35). බයිබල් වකවානුවේ (අවධියේ) “මනුෂ්‍ය පුත්‍රයා” යන්නෙන් අර්ථවත් වන්නේ මනුෂ්‍යයෙකුටයි. “මනුෂ්‍ය පුත්‍රයා” මනුෂ්‍යයෙකි.

යුදෙව් නායකයන් ඉදිරියේ උන් වහන්සේගේ පරීක්ෂණය (නඩු විභාගය) සිදුවන අතරතුර උත්තම පූජකයා යේසුස් වහන්සේට තරයේ ප්‍රකාශ කරා “දෙවියන් වහන්සේගේ නාමයෙන් පොරොන්දුව යටතේ ඔබ ක්‍රිස්තුස්ද යන්න අපට පවසන්න” (මතෙව්26:63). යේසුස් වහන්සේ උත්තර දෙමින් “එය ඔබලා පවසන පරිදිම වේ, නමුත් මම නුඹලා සියළු දෙනාට පවසමි මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා පරාක්‍රමයේ දකුණු පැත්තේ වාඩිවී සිටිනවාත් අහසේ වලාකුල් පිට එනවාත් නුඹලා දකිනවා ඇත” (මතෙව්26:64). මෙයට යුදෙව් නායකයන්ගේ ප්‍රතිචාරය වූයේ උන් වහන්සේ වරදකරුවෙකු ලෙස ප්‍රකාශ කිරීමයි (මතෙව්26:65-66). පසුව පොන්තියුස් පිලාත් ඉදිරිපිට යුදෙව්වරු මෙලෙස පැවසුවා “අපට නීතියක් තිබෙනවා එයට අනුව මොහුට හිමි ඳඬුවම මරණයයි” (යොහාන් 19:7). දේව පුත්‍රයා බවට ප්‍රකාශ කිරීම වරදකරුවෙකු හා මරණයට සුදුස්සකු වීමට හේතුව කුමක්ද? යුදෙව් නායකයන් යේසුස් වහන්සේ පැවසූ වදන්හි තේරුම දැනගත්තා. “දේව පුත්‍රයා” යනු “දෙවියන් වහන්සේම” බව ඔවුන් දැන සිටියා. තමන් දෙවියන් වහන්සේ බව පැවසීම විශාල වරදක් හා එහි ඳඬුවම මරණය යැයි යුදෙව්වරු සිතුහ. ඒ නිසා ඔවුන් උන් වහන්සේව මරන්නට යැයි තරයේ කියා සිටියා. හෙබ්‍රෙව්1:3 හී මෙය පැහැදිලිව සඳහන් කරයි, “උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන් වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වන සේක්”.

තවත් උදාහරණයක් යොහාන් 17:12 හී සඳහන් වේ. එහි යුදස්ව “විනාශයේ දූතයා” ලෙසට හඳුන්වනු ලබයි. යොහාන් 6:71 හී අපට යුදස් සීමොන්ගේ පුත්‍රයා ලෙස හඳුන්වයි. එසේ නම් යොහාන් 17:12 හී යුදස් “විනාශයේ පුත්‍රයා” ලෙස හඳුන්වනුයේ ඇයි? “විනාශය” යන වචනයේ අර්ථය නම් සදා විනාශය. නමුත් යුදස්ගේ ජීවිතයටයි එම දේවල් අදාල වන්නේ. යුදස් විනාශයේ ප්‍රකාශ වීමයි. එම අයුරින්ම දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් දෙවියන් වහන්සේමයි. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ප්‍රකාශවීමයි (යොහාන් 1:1, 14).

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා යන්නෙහි අදහස කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries