settings icon
share icon
ප්‍රශ්නය

සාතන් මෙම ලෝකයෙහි දෙවියා වූයේ කෙසේද (2 කොරින්ති 4:4)?

පිළිතුර


"සාතන් ලෝකයේ දෙවියාය" (හෝ "මෙම යුගයේ දෙවියාය") පෙන්වා දෙනු ලබන්නේ ගනු දෙනු වලට, මතයන් වලට, බලාපොරොත්තුන් වලට සහ මනුෂ්‍යයන්ගේ දැක්මට ප්‍රධාන බලපැමක් වී ඇත්තේ සාතන් බවය. ඔහුගේ බලපෑම ලෝකයේ දර්ශන විද්‍යාව / චින්තනය, අධ්‍යාපනය සහ වානිජ විද්‍යාවද වටකරනු ලබයි. සිතිවිලි, අදහස්, සම්පේක්‍ෂණයන් සහ ලෝකයේ ව්‍යාජධර්ම ඔහුගේ පාලනය යටතේ වන අතර ඒවා පැන නැඟී ඇත්තේ ඔහුගේ බොරු සහ මුළා කිරීම් මතය.

එමෙන්ම සාතන් "ආකාශයේ බලයේ අධිපතියා" ලෙස එපීස 2:2 සඳහන්වේ. ඔහු යොහාන් 12:31 මේ ලෝකයේ අධිපතියාය. මෙම මාතෘකාවන් සහ තවත් බොහෝ මාතෘකාවන් සාතන්ගේ හැකියාවන් පිළිබඳව හඟවනු ලබයි. උදාහරණයක් ලෙස සාතන් "ආකාශයේ බලයේ අධිපතියා "ලෙස පවසන්නට හේතුවී ඇත්තේ යම් ආකාරයකින් ඔහු ලෝකය සහ එහි වැසියන් පාලනය කරනු ලබන බව හඟවන්නට විය යුතුය.

මෙය ඔහු සහමුලින්ම ලොව පාලනය කරනු ලබන බව පැවසීමක් නොවේ. දෙවියන් වහන්සේ තවමත් පරම බලධාරියා වන අතර ඉන් වටහා ගැනීමට හැකිවන්නේ දෙවියන් වහන්සේගේ අපරිමිත ඥානය තුළ දෙවියන් වහන්සේ විසින් පිහිටවනු ලැබූ සීමාමායිම් තුළ සාතන්ට ක්‍රියා කරන්නට ඉඩ හැර ඇති බවය. බයිබලය සාතන්ට බලය ඇති බව පවසන විට, අප හොඳාකාරවම මතක තබා ගත යුතු කරුණක් නම් දෙවියන් වහන්සේ සාතන්ට ස්වාමිත්වය දී ඇත්තේ නොඇදහිලිවතුන් මත පමණක් බවය. ඇදහිලිවතුන් තවදුරටත් සාතන්ගේ පාලනය යටතේ නොවේය (කොලොස්සි 1:13). අනෙක් අතට නොඇදහිලිවතුන් "යක්‍ෂයාගේ උගුලෙහි" අසුවී ඇත (2 තිමොති 2:26), "නපුරාගේ බලය තුළ" (1 යොහාන් 5:19) සහ සාතන්ගේ වහල්කම තුළ වේ (එපීස 2:2).

එබැවින්, බයිබලය සාතන් "ලෝකයේ දෙවියායයි" පවසන විට ඉන් අවසාන අධිකාරිත්වය ඔහු සතු බවක් පවසන්නේ නැත. එයින් අපට පවරා දෙන්නේ නොඅදහන ලොව සාතන් විසින් විශේෂිත ආකාරයකින් පාලනය කරනු ලබන බවය. 2 කොරින්ති 4:4 අනුව නොඇදහිලිවන්තයා සාතන්ගේ න්‍යාය පත්‍රය අනුගමනය කරනු ලබයි. "නොඇදහිලිකාර වූ ඔවුන් තුළ දෙවියන් වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබලෙන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය". සාතන්ගේ යෝජනා ක්‍රමයෙහි ලොව තුළ සාවද්‍ය චින්තනයන් ප්‍රවර්ධනය කිරීම ඇතුළත් වන අතර, එය නොඇදහිලිවන්තයා ශුභාරංචියෙහි සත්‍යතාවයට අන්ධ වන ලෙස එම චින්තනයන් ගොඩ නඟා ඇත. සෙනඟ සිරකරඇති බලකොටුව වන්නේ සාතන්ගේ චින්තනයන් වන අතර ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන එයින් ඔවුන් මුදවාලිය යුතුවේ.

සාවද්‍ය චින්තනයකට උදාහරණයක් නම් දෙවියන් වහන්සේගේ ප්‍රසාදය ක්‍රියාවක් හෝ ක්‍රියාවන් මඟින් මනුෂ්‍යයන්ට ලබා ගත හැකි බවය. සෑම සාවද්‍ය ආගමකම දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනා ගැනීමේ ආනිශංසය හෝ සදාකාලික ජීවනය ලබා ගැනීම ප්‍රබලතම තේමාව වේ. බයිබලිය එළිදරව්ව අනුව ක්‍රියා මඟින් ගැළවීම ලබා ගැනීම ඊට පටහැනි වේ. දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනා ගැනීමට මනූෂ්‍යයාට ක්‍රියා කළ හැකි නොවෙන අතර සදාකාලික ජීවනය නොමිලයේ දෙන්නාවූ දීමනාවක් වේ (එපීස 2:8-9 බලන්න). එමෙන්ම එම නොමිලයේ දීමනාව ලබා ගත හැක්කේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින්ම පමණක්ම වේ (යොහාන් 3:16, 14:16). ඔබ අසන්නට පුළුවන් ඇයි නිරායාශයෙන් මනූෂ්‍යයෙකුට නොමිලයේ ගැළවීමේ දීමනාව ලබන්නට නොහැකි වන්නේ මන්ද කියා (යොහාන් 1:12). පිළිතුර නම් සාතන්-ලෝකයේ දෙවියා ඔහුගේ උඩඟුකමේ මාවත අනුගමනය කරන පිණිස මනුෂ්‍යය සංහතිය පරීක්‍ෂාවට ලක් කර ඇත. සාතන් සාදන න්‍යාය පත්‍රය නොඇදහිලිකාර ලොව අනුගමනය කරන අතර මනුෂ්‍යය සංහතිය නොකඩවා මළාවෙමින් පවතී. ලියවිල්ල සාතන් බොරුවේ පියායයයි ආමන්ත්‍රණය කිරීම පූදුමයක් නොවේ. (යොහාන් 8:44).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සාතන් මෙම ලෝකයෙහි දෙවියා වූයේ කෙසේද (2 කොරින්ති 4:4)?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries