settings icon
share icon
ප්‍රශ්නය

එළිදරව් 22:18-19 අනතුරු හැඟවීම සම්පූර්ණ බයිබලයටම අදාළද නැතහොත් එළිදරව් පොතට පමණක් සීමාවේද?

පිළිතුර


එළිදරව් 22:18-19 අන්තර්ගත අනතුරු ඇඟවීම බයිබලීය පාඨයන් අනවසරයෙන් වෙනස් කරන්නාවූ ඕනෑම කෙනෙකුටය. මන්දයත්, "මේ පොතේ අනාගතවාක්‍ය අසන සියල්ලන්ට මෙසේ සහතික ලෙස කියමි. එනම් යමෙක් ඒ වචන වලට යමක් එකතු කරන්නේනම්, දෙවියන් වහන්සේ මේ පොතෙහි ලියන ලද පීඩා ඔහුට එකතු කරන සේක. යමෙක් මේ අනාගතවාක්‍ය පොතේ වචන වලින් යමක් අහක්කරන්නේ නම්, මේ පොතෙහි ලියා තිබෙන ජීවන වෘක්‍ෂයෙන්ද, ශුද්ධ නුවරින්ද දෙවියන් වහන්සේ ඔහුගේ කොටස අහක්කරන සේක" යනුයි. මෙම පදයන් සම්පූර්ණ බයිබලයට හෝ නැතහොත් එළිදරව් පොතට පමණක් යොමුවේද?

විශේෂයෙන්ම මෙම අනතුරු ඇඟවීම කරනු ලැබුවේ එළිදරව් පොතෙහි පණිවිඩය විකෘති කරන / ප්‍රකෘතිය වරදවා නිරූපනය කරන අයටය. යේසුස් වහන්සේම එළිදරව් පොතෙහි කතෘවරයාණන් මෙන්ම අපෝස්තුළු යොහාන්ට දර්ශණය දෙනු ලැබූ තැනන්වහන්සේය (එළිදරව් 1:1). එබැවින් අනාගත වාක්‍යවල පරිසමාප්තිය සනිටුහන් කරමින් එතුමා පොත අවසන් කරයි. මේවා එතුමාගේ වදන් වන අතර ඒවා කිසියම් ආකාරයකින් විකෘති කිරීම / ප්‍රකෘතිය වරදවා නිරූපනය කිරීම, එනම් එකතු කිරීම, අඩූ කිරීම, වංචා කිරීම, වෙනස් කිරීම හෝ හිතා මතා සාවද්‍ය ලෙස පරිවර්ථනය කිරීම පිළිබඳ අනතුරු අඟවයි. අනතුරු ඇඟවීම ඉතා පැහැදිලි / නිශ්චිත හා බිය ජනකය. එළිදරව්වෙහි වසංගත දේව වචනය අනවසරයෙන් වෙනස් කරන්නාවූ ඕනැම කෙනෙක් මත පැමිණෙන අතර එවැන්නන්ට ස්වර්ග රාජ්‍යයෙහි සාදාකාල ජීවනය සමඟ කිසිදු පංගුකාරකමක් නොමැත.

එළිදරව් 22:18-19 දක්වා ඇති අනතුරු ඇඟවීම් එළිදරව් පොතට විශේෂිත වූවත්, හිතා මතා දේව වචනය විකෘති ඕනැම අයෙකුට එය අදාළ වන බව එහි පිටුපසින් ඇති මූල ධර්මයයි. දෙවියන් වහන්සේගේ අණ පණත් වලට එකතු කිරීමක් හෝ ඉන් අහක් කිරීමක් හෝ නොමැතිව ඒවාට කිකරුවන ලෙස මොසෙස් ඊශ්‍රායෙල්වරුන්ටද අණ කරන ලදී (ද්වීතීය කථාව 4: 1-2). දෙවියන් වහන්සේගේ වචනයට යමක් එකතු කරන්නාවූ අය දෝෂාරෝපණයට ලක්වෙන බවත් බොරුකාරයන් බවට ඔප්පු කරන බවටත් හිතෝපදේෂයෙහි 30:5-6 එවැනිම දැනමුතුකමක් දෙයි. එළිදරව් 22:18-19 හි අනතුරු ඇඟවීම විශේෂයෙන් එළිදරව් පොත පිළිබඳව වුවත් එහි මූල ධර්මය පූර්ණ වශයෙන් මුළු දේව වචනයටම අදාළ කර ගත යූතුය. බයිබලයෙහි පණිවිඩය විකෘති නොකිරීමටත් දේව වචනය ගෞරවාන්විතව හා ඉතාමත් ප්‍රවේසමෙන් යුතුව පරිහරණය කිරිමටත් අපි සැළකිලිමත් විය යුතු වෙමු.



English



නැවතත් සිංහල මුල් පිටුවට

එළිදරව් 22:18-19 අනතුරු හැඟවීම සම්පූර්ණ බයිබලයටම අදාළද නැතහොත් එළිදරව් පොතට පමණක් සීමාවේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries