settings icon
share icon
ප්‍රශ්නය

පරණ ගිවිසුමෙහි ක්‍රිස්තුස් වහන්සේ ගැන අනාවැකි පවසන්නේ කොහේද?

පිළිතුර


පරණ ගිවිසුමෙහි බොහෝ අනාවැකි යේසුස් වහන්සේ ගැන ඇත. සමහර පරිවර්ථකයේ මෙසායනික අනාවැකි සිය ගණන් යැයි පවසයි. එසේ ඒවා පැහැදිලි හා වඩා වැදගත් ඒවා ලෙසට හඳුන්වයි.

යේසුස් වහන්සේගේ උපත පිළිබඳව-යෙසායා 7:14 “එබැවින් ස්වාමින් වහන්සේම නුඹලාට ලකුණක් දෙන සේක, බලව, කන්‍යාව ගර්භණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය.” යෙසායා 9:6 “මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය, ආණ්ඩුවද උන් වහන්සේගේ කර පිට තිබෙන්නේය, උන් වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රිවරයාය, පරාක්‍රමවත් දෙවියන් වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.” මීකා 5:2 “නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඊශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය, උන් වහන්සේගේ නික්වීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය.”

යේසුස් වහන්සේගේ සේවය හා මරණය-සෙකරියා 9:9 “සියොන් දියණියෙනි, බොහෝසෙයින් ප්‍රීතිමත් වෙයන්න, යෙරුසලම් දියණියනි, ශබ්ද පවත්වාපන්න. බලව, නු‍ඹේ රජ නුඹ වෙතට එන සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය, උන් වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එන සේක. ගීතාවලිය 22:16-18 “මක්නිසාද බල්ලෝ මා වටකළෝය. නපුරන් රැළ මා වටලා ගත්තුය, ඔව්හූ මාගේ අත්පා සිදුරු කළෝය. මාගේ ඇට සියල්ල ගණන් කළ හැක්කෙමි, ඔව්හූ මා දෙස රවා බලති. මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදාගනිති, මාගේ සළුව පිණිස පස ඇට දමති.”

සැබවින්ම යේසුස් වහන්සේ පිළිබඳව පැහැදිලි අනාවැකිය ඇත්තේ යෙසායා 53 පරිච්ඡේදයෙහිය. යෙසායා 53:3-7 “උන් වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකොට එපා කරනු ලැබූ සේක, වේදනා ඇත්තාවූ දුක දන්නාවූ මනුෂ්‍යයෙක්ය. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සඟවාගන්න කෙනෙකු මෙන්, උන් වහන්සේ සුළු කරනු ලැබූ සේක, අපිද උන් වහන්සේ නොසැලකුවෙමුව. සැබවින්ම උන් වහන්සේ උසුලා ගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නුමුත් උන් වහන්සේ දඬුවමදදෙවියන් වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව. නුමුත් උන් වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන් වහන්සේගේ පිටට පැමුණුණේය, උන් වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව, ස්වාමින් වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන් වහන්සේ පිට තැබූ සේක. උන් වහන්සේට පීඩා කළ විට, උන් වහන්සේ යටත්වී තමන්ගේ මුඛය නෑර සිටි සේක, මරන්ට ගෙන යන බැටළු පැටවකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින් නාක්මෙන්ද උන් වහන්සේ තමන් මුඛය නෑර සිටි සේක.”

දානියෙල් 9 වෙනි පිරිච්ඡේදයේ අනාවැකියට අනුව “සැත්තෑ සත්වර”එහි යේසුස් වහන්සේ “කපා දමන” නිසැක දවස සඳහන් කරයි. යෙසායා 50:6 හී යේසුස් වහන්සේ විඳින්ට යන පහරකෑම ගැන සඳහන් කරයි. සෙකරියා 12:10 අනාවැකි පවසනවා, “සිදුරු කිරීම” යේසුස් වහන්සේව (මෙසියස් වහන්සේව), එය යේසුස් වහන්සේ කරුස පත්වී මිය ගියාට පසුවය. තවත් බොහෝ උදාහරණ ඇත, නමුත් මේවා ප්‍රමාණවත්. පරණ ගිවිසුමේ අනාවැකි පවසන්නේ යේසුස් වහන්සේගේ පැමිණීම මෙසියස් වහන්සේ ලෙසටයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පරණ ගිවිසුමෙහි ක්‍රිස්තුස් වහන්සේ ගැන අනාවැකි පවසන්නේ කොහේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries