settings icon
share icon
ප්‍රශ්නය

නෝහික් ගිවිසුම යනු කුමක්ද?

පිළිතුර


උත්පත්ති 9:8-17 හි දක්නට ලැබෙන නෝහික් ගිවිසුම, ලෝකය විනාශ කළ ගංවතුරෙන් පසුව දෙවියන්වහන්සේ නෝවාට සහ ඔහුගේ පරම්පරාවට දුන් පොරොන්දුවයි. නෝහික් ගිවිසුමට සුවිශේෂී ලක්‍ෂණ කිහිපයක් ඇත. පළමුව, එය කොන්දේසි විරහිත ගිවිසුමකි. දෙවනුව, එය නෝවාට සහ ඔහුගේ සියලු පරම්පරාවට මෙන්ම “සෑම ජීවියෙකුටම” සහ පොදුවේ පෘථිවියට සාදන ලදි (උත්පත්ති 9:8-10). තෙවනුව, එය දේදුන්න ලකුණකින් මුද්‍රා කර ඇත.

නෝහික් ගිවිසුම කොන්දේසි විරහිත ගිවිසුමක් වන අතර එය ගිවිසුම ඉටු කිරීම සඳහා නෝවාට හෝ ඔහුගේ පරම්පරාවට කළ යුතු කිසිවක් මත රඳා නොපවතින බැවිනි. පොරොන්දුව පදනම් වී ඇත්තේ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම මත පමණි. දෙවියන්වහන්සේ කියන දේ සැමවිටම කිරීමට දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තභාවය නිසා, නෝවාගේ කාලයේදී සිදු වූවාක් මෙන්, මනුෂ්‍යවර්‍ගයා කෙතරම් දුෂ්ට වුවත්, ලොව පුරා කිසි දිනෙක ජලගැල්මක් ඇති නොවන බව අපට නිසැකවම දැන ගත හැකිය. මෙම කොන්දේසි විරහිත ගිවිසුමට මානව වර්ගයාගේ දුෂ්ටකම හෝ ධර්මිෂ්ඨකම බලපාන්නේ නැත. දෙවියන්වහන්සේගේ පොරොන්දුව ඉටු නොකරන “කොන්දේසියක්” නොමැත. කෙසේ වෙතත්, දෙවියන්වහන්සේ නැවත කිසි දිනෙක පොළොව විනාශ නොකරන බව මින් අදහස් නොවේ. “ස්වාමින් වහන්සේගේ දවස” ලෙස හැඳින්වෙන බිහිසුණු සිදුවීම් වලදී යම් දවසක ගින්නෙන් පොළොව විනාශ කරන බවට (2 පේතෘස් 3:10, 11; එළිදරව් 20:9, 21:1) උන්වහන්සේ පොරොන්දු වී තිබේ.

ගංවතුරෙන් පසු දෙවියන්වහන්සේ පාපය සඳහා දිව්‍යමය විනිශ්චය කිරීමේ ක්‍රියාවක් ලෙස පොළොව විනාශ කිරීම සඳහා නැවත කිසි දිනෙක ලොව පුරා ගංවතුරක් නොඑවන බවට පොරොන්දු විය. නෝවාට සහ ඔහුගේ පරම්පරාවට තම ගිවිසුම් පොරොන්දුව සිහිපත් කිරීමේ ලකුණක් වශයෙන් දෙවියන් වහන්සේ “දේදුන්න වලාකුළෙහි තැබුවේය” (උත්පත්ති 9:12-13). චර්මච්ඡේදනය කිරීම ආබ්‍රහමික් ගිවිසුමේ ලකුණ වූවාක් මෙන්, දේදුන්න ද නෝහාහි ගිවිසුමේ ලකුණයි. අපට දෙන පාඩම නම් දේදුන්නක් දුටු විට අපට සැමවිටම දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තභාවය සහ උන්වහක්සේගේ පුදුමාකාර කරුණාව සිහි කළ යුතු බවයි. අපගේ දෙවියන්වහන්සේ ශුද්ධ වූත් ධර්මිෂ්ඨ වූත් දෙවියන්වහන්සේ වන අතර පාපය කෙරෙහි ශුද්ධ වෛරයක් ඇති අතර පාපය සදහටම දඞුවම් ලැබීමට ඉඩ දෙන බව ද අපට මතක් කර දිය යුතුය. එසේම, නෝවාට සහ ඔහුගේ පවුලේ අයට නැවේ ගැලවීම ලබා දීමට දෙවියන් වහන්සේ මාර්ගයක් ලබා දුන්නා සේම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අපට ගැලවීමේ මාර්ගයක් ද උන්වහන්සේ ලබා දී ඇත. නෝවා සහ ඔහුගේ පවුලේ අය ගංවතුරේදී පැමිණි දෙවියන්වහන්සේගේ උදහසේන් ගැලවුන අතර, ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින අය “එන උදහසේ”" ගැලවුන සේක (1 තෙසලෝනික 1:10).

English



නැවතත් සිංහල මුල් පිටුවට

නෝහික් ගිවිසුම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries